දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය පහත සඳහන් ප්‍රශ්න
2008 ජූනි 30න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2008 මැයි 5 සිට ජූනි 30 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. අප යොදාගන්නා නිදර්ශන සබයේ සිටින අයට තේරුම්ගත හැකි වන සේ ඉදිරිපත් කිරීම සඳහා කුමක් කළ යුතුද? [be 242 පි. 3 ඡේ.–243 පි. 1 ඡේ.]
2. හුරුපුරුදු පසුබිම්වලින් ගත් නිදර්ශන බලපෑමෙන් යුක්ත වන්නේ ඇයි? [be 245 පි. 2-4 ඡේ.]
3. ඉගැන්වීමේදී දෘශ්‍යාධාරක බලපෑමෙන් යුතුව යොදාගැනීම වැදගත් වන්නේ ඇයි? යෙහෝවා දෙවි අගනා පාඩම් ඉගැන්වීමට දෘශ්‍යාධාරක යොදාගත්තේ කෙසේද? (උත්. 15:5; යෙරෙ. 18:6; යෝනා 4:10, 11) [be 247 පි. 1-2 ඡේ.]
4. අපේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීම සඳහා දෘශ්‍යාධාරක යොදාගත හැක්කේ කෙසේද? [be 248 පි. 1-3 ඡේ.]
5. බයිබල් පාඩම් පවත්වන විට බලපෑමෙන් යුත් දෘශ්යාධාරකයක් ලෙස සිතියම් යොදාගත හැක්කේ කෙසේද? [be 248 පි. 4 ඡේ.]
පැවරුම් අංක 1
6. දෙවිගේ බලයේ උපකාරය ඇතිව බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපට අවබෝධ කරගත හැක්කේ කුමක්ද? [be 32 පි. 3-4 ඡේ.]
7. බයිබල් පදයක අර්ථය පැහැදිලි කරගැනීම සඳහා බයිබලයම යොදාගත හැක්කේ කෙසේද? [be 34 පි. 4 ඡේ.-35 පි. 2 ඡේ.]
8. මනුෂ්‍ය වර්ගයාට දෙවිගේ ආශීර්වාද සැපයෙන එකම මාධ්‍යය ලෙස යේසුස් ඉටු කරන කාර්ය ගැන යොහන් පොතේ පෙන්වා දී තිබෙන්නේ කෙසේද? [bsi08-1SN 13 පි. 32 ඡේ.]
9. වෛද්‍යවරයෙකු වූ ලූක් ක්‍රියා පොත ලියූ බව ශුද්ධ ලියවිල්ලෙන්ම පෙන්විය හැක්කේ කෙසේද? [bsi08-1SN 14 පි. 3 ඡේ; 15 පි. 5-7 ඡේ.]
10. කතාවක් සඳහා දළසටහනක් පිළියෙල කිරීමේදී අනුගමනය කළ හැකි පියවර මොනවාද? [be 39-41 පි.]
සතියේ බයිබල් කියවීම
11. “ගොඩනඟන්න අවුරුදු හතළිස්හයක් ගත” වූ දේවමාලිගාව කුමක්ද? (යොහන් 2:20) [w08 4/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යොහන් පොතෙන් විශේෂාංග”]
12. ‘මරණයෙන් ජීවනයට පැමිණෙන’ අය කවුද? (යොහන් 5:24, 25) [w08 4/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යොහන් පොතෙන් විශේෂාංග”]
13. “උපකාරකයා” ලෙස හඳුන්වා තිබෙන සත්‍යතාවේ ආත්මය (දෙවිගේ බලය) යොහන් 14:16, 17හි “එය” ලෙසත් යොහන් 16:7, 8, 13, 14හි “ඔහු” ලෙසත් සඳහන් කර තිබෙන්නේ ඇයි? [w08 4/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යොහන් පොතෙන් විශේෂාංග”]
14. තමාව අත්හරින්න කියා යේසුස් මරියා මග්දලේනාට පැවසුවේ ඇයි? (යොහන් 20:17) [w08 4/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යොහන් පොතෙන් විශේෂාංග”]
15. යේසුස් ස්වර්ගයට නැඟී ගිය “ආකාරයෙන්ම” එනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ක්‍රියා 1:9-11) [rs 342 පි. 4 ඡේ; it-1 186 පි. 8 ඡේ.]