නිවේදන
◼ මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට දැඩි වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදාහරින්න. සිහි කිරීමට සහ විශේෂ කතාවට පැමිණි අයව නැවත හමු වන්න. එහි අරමුණ වන්නේ ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට දැඩි වෑයමක් දරන්න. ජූලි: සභා පොත් පත් තොගයේ තිබෙන පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන කෙනෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක් හා සතුටින් පිරි ජීවිතයකට මඟ.
◼ වර්ෂ 2008 අගෝස්තු 4දායින් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩම්වලදී පාඩම් කරන්නේ (මුද්‍රිත ප්‍රශ්න සඳහන්) මගේ බයිබල් කතන්දර පොතයි. මෙය පාඩම් කරන්නේ සිංහල හා දෙමළ භාෂා කතා කරන පොත් පාඩම්වලයි.
◼ මුරටැඹ හා පිබිදෙව්! සඟරා සභාවට ලැබුණු විගස ඒවා ප්‍රචාරකයන්ට ලබා දෙන්න. එවිට ක්ෂේත්‍ර සේවයේදී ඒවා බෙදාහැරීමට කලින් කියවා බැලීමට ප්‍රචාරකයන්ට අවස්ථාව ලැබෙනවා.
◼ දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි මාසවල සභාවේ ගිණුම් විගණනය කිරීම සඳහා මුලසුන භාර අවේක්ෂක යමෙකුව පත් කළ යුතුයි. ගිණුම් විගණනය කිරීම සඳහා එක දිගටම එකම පුද්ගලයෙකුව යොදා නොගත යුතුයි. ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරද්දී සභාවේ ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.—Instructions for Congregation Accounting (S-27) බලන්න.
◼ වර්ෂ 2008 දිස්ත්‍රික් සමුළුවේ තේමාව වන්නේ “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” යන්නයි. දවස් තුනටම සහභාගි වීම සඳහා රැකියා ස්ථානයෙන් නිවාඩු ලබාගැනීමට අවශ්‍ය නම් අදිමදි නොකර ඒ බව ස්වාමියාට දැනුම් දෙන්න.