‘ඔබේ කතාව සැමවිටම ලුණෙන් රසවත්ව තිබේවා!’
1. ‘අපේ කතාව ලුණෙන් රසවත්ව තිබීමෙන්’ අදහස් කරන්නේ කුමක්ද?
1 “ඔබේ කතාව සැමවිටම ප්රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා! එවිට ඔබ එකිනෙකාට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්නවා ඇත.” (කොලො. 4:6) අපේ කතාව ලුණෙන් රසවත්ව තිබීමෙන් අදහස් කරන්නේ සුදුසු වචන තෝරාගෙන ඒවා අසන්නන්ට ප්රියමනාප ලෙස පැවසීමයි. දේවසේවයේදී මෙසේ කිරීම ඉතා වැදගත්.
2. සමරිතානු ස්ත්රියකට සාර්ථකව සාක්ෂි දරන්න යේසුස්ට හැකි වුණේ කෙසේද?
2 යේසුස්ගේ ආදර්ශය: යේසුස් ළිඳක් අසල විවේක ගනිමින් සිටි අවස්ථාවේදී වතුර ගැනීමට එතැනට පැමිණි සමරිතානු ස්ත්රියකට සාක්ෂි දැරුවා. යුදෙව්වන් සහ සමරිතානුවන් අතර දිගු කාලයක් පුරා පැවති සතුරුකම ගැන මේ සංවාදය තුළදී කිහිප වතාවක්ම ඇය සඳහන් කළා. සමරිතානුවන් පැමිණෙන්නේ යුදෙව්වන්ගෙන් නොවෙයි කියා යුදෙව්වන් තරයේ විශ්වාස කළත් ඇගේ විශ්වාසයට අනුව සමරිතානුවන් පැමිණෙන්නේ යාකොබ්ගෙන් බව ඇය පැවසුවා. ඇය පැවසූ දේවලට පටහැනි අදහස් ඉදිරිපත් නොකර සවන් දීමට කැමැත්තක් ඇති වන ආකාරයෙන් යේසුස් සංවාදය ඉදිරියට ගෙන ගියා. එහි ප්රතිඵලයක් හැටියට ඇයටත් ඇය විසූ නගරයේ මිනිසුන්ටත් ප්රයෝජන ලැබෙන ආකාරයෙන් සාක්ෂියක් දැරීමට යේසුස්ට හැකි වුණා.—යොහ. 4:7-15, 39.
3. සේවයේ හවුල් වන විට යේසුස්ව ආදර්ශයට ගන්න අපට පුළුවන් කොහොමද?
3 අපේ දේශනා කිරීමේ පරමාර්ථය වන්නේ “ශුභ දේවල් ගැන ශුභාරංචි ප්රකාශ” කිරීමයි. (රෝම 10:15) මෙය හොඳින් මතක තබාන්නා අප උත්සාහ කළ යුත්තේ බයිබලය යොදාගෙන ගෙවැසියා තුළ උනන්දුවක් ඇති කරන ගොඩනංවනසුලු කරුණක් කතා කිරීමටයි. ඔහුගේ විශ්වාසයන් වැරදියි කියන හැඟීමක් ඔහු තුළ ඇති වන අයුරින් කතා කිරීම සුදුසු නැහැ. ඔහු වැරදි අදහසක් ඉදිරිපත් කළොත් එය විගස පෙන්වා දිය යුතුද නැහැ. ඒ වෙනුවට ඔහු පවසන දේවල අපිට එකඟ විය හැකි හෝ අවංකව ප්රශංසා කළ හැකි යම් කාරණා තිබෙනවාද කියා බලන්න. සමහරවිට මෙවැනි දෙයක් පැවසීමෙන් පසු බයිබල් පදයක් හඳුන්වා දෙන්න අපිට පුළුවන්. “මේ වගන්තියේ කියන දෙය ඉටු වෙයි කියා ඔබ සිතනවාද?”
4. ගෙවැසියා සැරපරුෂ නම් කළ යුත්තේ කුමක්ද?
4 ගෙවැසියා සැරපරුෂ නම් හෝ වාදයකට පැටලෙන්න උත්සාහ කරන බවක් පෙනෙනවා නම් කළ යුත්තේ කුමක්ද? මෙහිදී අපේ ඉරියව්වලින් හා වචනවලින් අපේ මෘදුකම විදහාපෙන්විය යුතුයි. (2 තිමෝ. 2:24, 25) ගෙවැසියා සවන් දීමට කැමැත්තක් නැත්නම් කළ යුතු හොඳම දෙය වන්නේ නැණවත් ලෙස පිට වී යෑමයි.—මතෙ. 7:6; 10:11-14.
5. කාරුණික වීමෙන් සහෝදරියක් හොඳ ප්රතිඵල අත් කරගත්තේ කෙසේද?
5 හොඳ ප්රතිඵල: සහෝදරියක් ඇගේ අසල්වැසි කාන්තාවකට සාක්ෂි දරන්න උත්සාහ කළ අවස්ථාවේදී ඒ ස්ත්රිය ඇයට තදින් බැණ වැදුණා. නමුත් සහෝදරිය කාරුණික ලීලාවෙන් මෙසේ පැවසුවා. “ඔයාගේ හිත රිදෙන යමක් කියවුණා නම් සමාවෙන්න.” සති දෙකකට පසු ඒ කාන්තාව සහෝදරියගේ නිවසට පැමිණ සමාව ඉල්ලුවා. ඒ විතරක් නොවෙයි, සහෝදරිය එදා පවසන්න උත්සාහ කළ දෙයට දැන් සවන් දීමට කැමති බවත් ඇය පැවසුවා. මුදු මොළොක් ප්රතිචාරයකින් බොහෝවිට හොඳ ප්රතිඵල ලැබෙනවා.—හිතෝ. 15:1; 25:15.
6. දේවසේවයේදී අපේ කතාව ලුණෙන් රසවත් කිරීමට වෑයම් කළ යුත්තේ ඇයි?
6 ශුභාරංචිය ගැන අන් අයට පවසන විට එය ලුණෙන් රසවත් කිරීමට වෑයම් කරන්න. එවිට ගෙවැසියා මේ වතාවේදී සවන් නොදුන්නත් පසු අවස්ථාවක සාක්ෂිකරුවන් පැමිණෙන විට සවන් දෙන්න කැමති විය හැකියි.