ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/08 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
2008 අපගේ රාජ්‍ය සේවාව
km 1/08 7 පි.

නිවේදන

◼ ජනවාරි: දැනුම පොත (තිබෙනවා නම්) සහ සෝදිසියෙන් සිටින්න හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකා දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න. වර්ෂ 1991ට කලින් පළ කළ පිටු 192කින් යුත් ඕනෑම පොතක් ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදා හරින්න. සිහි කිරීමට සහ විශේෂ කතාවට පැමිණි අයව නැවත හමු වන්න. එහි අරමුණ වන්නේ ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමයි.

◼ මාර්තු මාසයේ සති අන්ත පහක් තිබෙන නිසා උපකාරික පුරෝගාමි සේවය කිරීම ගැන සිතා බලන්න.

◼ මාර්තු 2වනදා පටන් චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “පීඩාකාරී කාලවලදී ඔබට උපකාර ලැබිය හැක්කේ කොතැනින්ද” යන්නයි.

◼ මේ වසරේ සිහි කිරීම පවත්වන්නේ මාර්තු 22වන සෙනසුරාදා හිරු බැස යෑමෙන් පසුවයි. මේ සඳහා සභාවන් සුදුසු සැලසුම් යෙදිය යුතුයි. කතාව කලින් ආරම්භ කළ හැකි වුණත් සංකේත අතින් අත යැවීම කළ යුත්තේ හිරු බැස යෑමෙන් පසුවයි. හිරු බැස යන වේලාව හරියටම දැනගන්න. සෑම සභාවක්ම වෙන වෙනම සිහි කිරීම පැවැත්වීමට වෑයම් කළ යුතුයි. සමහරවිට මෙය කළ නොහැකි විය හැකියි. සභා කිහිපයක් රැස්වීම් පවත්වන්නේ එකම රාජ්‍ය ශාලාවේ නම්, සිහි කිරීම පැවැත්වීමට වෙනත් ස්ථානයක් සූදානම් කරන්න සමහර සභාවලට හැකියි. සිහි කිරීමේ උත්සව එකකට වැඩියෙන් පවත්වනු ලබන ශාලාවල වැඩසටහන් දෙකක් අතර අඩුම තරමින් විනාඩි 40කවත් කාල පරතරයක් තබාගන්න කියා යෝජනා කරන්න කැමතියි. වාහන නතර කර තැබීම ගැනත් වාහනවලින් රැගෙන එන අයව ආපසු නිවෙස්වලට ගෙන යෑම ගැනත් සැලකිල්ල යොමු කරන්න. තම සභාවට වඩාත් හොඳ සැලසුම් මොනවාද කියා වැඩිමහල් මණ්ඩලය තීරණය කළ යුතුයි.

◼ වසර 2009 සිහි කිරීම පවත්වන්නේ අප්‍රියෙල් 9වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුවයි. මෙය කලින්ම දැනුම් දෙන්නේ එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන සභාවලට සිහි කිරීම පැවැත්වීම සඳහා වෙනත් සුදුසු ස්ථානයක් සොයාගැනීමට අවශ්‍ය නිසයි. මෙවැනි ස්ථානයක් තෝරාගන්න විට සිහි කිරීමේ උත්සවයට එම ගොඩනැඟිල්ලේ සිදු වන වෙනත් ක්‍රියාකාරකම්වලින් බාධාවක් ඇති නොවන බවට වැඩිමහල්ලන් එහි අයිතිකරු සමඟ එකඟත්වයකට පැමිණිය යුතුයි.

◼ තම සභාවේ සිටින සෑම ස්ථාවර පුරෝගාමියෙකුගේම පත්වීමේ ලිපිය (S-202) තමන් ළඟ තිබෙනවාද කියා සභා ලේකම් සොයා බැලිය යුතුයි. තමන් ළඟ නැත්නම් ශාඛා කාර්යාලයට ලිඛිතව දැනුම් දෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න