සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! ජූනි
“අපි හැමෝටම ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. ඒත් මුදල් හම්බ කරන එක විතරක්ම කළොත් ඇද්ද? ඔබ මොකක්ද හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න.] මුදල්වලට ආශාව නිසා අන්තිමේදී සිද්ධ වෙන දේ ගැන මේකෙ කියනවා. [1 තිමෝති 6:10 කියවන්න.] ජීවිතය සරල කරගෙන තියෙන ප්‍රමාණය පිරිමසාගන්න පුළුවන් ක්‍රම කීපයක් අත්හදා බලන්න මේ සඟරාවේ හොඳ යෝජනා කීපයක් දීලා තියෙනවා.”
මුරටැඹ ජූලි 1
“ජාතිය නිසාත්, භාෂාව නිසාත් මිනිසුන්ව පහත්කොට සලකන්නේ ඇයි කියලා ඔබ හිතලා තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න.] ඒකට හේතුව මෙතන තියෙනවා. [1 යොහන් 4:20 කියවන්න.] ජනවාර්ගික අර්බුදයට විසඳුමක් තියෙනවාද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූලි
“සත්තු දේවල් කරන්නේ සහජ හැකියාවෙන් වුණත් මිනිස්සුන්ට පුළුවන් ප්‍රතිපත්ති ඇති කරගෙන ඒ අනුව ජීවත් වෙන්න. හරි ප්‍රතිපත්ති හොයාගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු ගීතාවලිය 119:105 කියවන්න.] මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා බයිබලයේ ප්‍රමිති හුඟක් උසස් කියලා.”
මුරටැඹ ජූලි 15
“අපිට කිට්ටු කෙනෙක් මැරුණොත් ඒක ලොකු දුකක්. ඒත් එයාගේ මිය යන්නේ නැති යම් කොටසක් කොහේ හෝ ජීවත් වෙනවා කියලා ඔබ හිතනවාද? [පිළිතුරට ඉඩහරින්න.] යේසුස් මේ දිරිගන්වන පොරොන්දුව දුන්නා. [යොහන් 5:28, 29 කියවන්න.] බයිබලයට අනුව මළ අය දැන් ඉන්නේ කොහෙද කියලත්, නැවතනැඟිටීමක් තියෙනවා කියලා යේසුස් කිව්ව දේ ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”