ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/07 3 පි.
  • පාලක මණ්ඩලයෙන් ලිපියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලිපියක්
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
2007 අපගේ රාජ්‍ය සේවාව
km 3/07 3 පි.

පාලක මණ්ඩලයෙන් ලිපියක්

යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් අපි දෙවිට අවංකව යාච්ඤා කරන්නේ “ඔබගේ නාමය විශුද්ධ වේවා” කියායි. අපගේ ආශාව වන්නේ එම යාච්ඤාවට එකඟව ක්‍රියා කිරීමටයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපගේ ජීවිත ගත කරන ආකාරයෙන් අපි එය පෙන්වනවා. ඒ සඳහා දෙවිගේ නම දැනගෙන සිටීමට වඩා දෙයක් ඇතුළත් වෙනවා. ඔහුගේ නාමය ගෞරවයට පත් කිරීමට අපට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත යුතුයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස අපිව හැඳින්වීම අපි ලබන උතුම්ම වරප්‍රසාදයයි.—මතෙ. 6:9; යෙසා. 43:10.

ගීතාවලිය 110:3ට අනුව යෙහෝවා දෙවි නියම කර තිබෙන කාර්යයේ දෙවිගේ ජනයා හවුල් වන්නේ කැමැත්තෙන්මයි. විවිධ තරාතිරම්වල සිටින බාල මහලු සෑම කෙනෙක්ම දේශනා කිරීමේ කාර්යයෙහි හවුල් වන්නේ ඇයි? ඊට ප්‍රධාන හේතුව වන්නේ දෙවිට දක්වන ඔවුන්ගේ ප්‍රේමය සහ ඔහුට ඔවුන් එකිනෙකා කර ඇති කැපවීමයි. ද්විතීය කතාව 6:5, 6හි අපිට අණ කරන්නේ ‘අපගේ මුළු හෘදයෙන්ද, ජීවිතයෙන්ද, ශක්තියෙන්ද’ යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න කියායි. දෙවි කෙරෙහි වූ එවන් ප්‍රේමයක් අපව පොලඹවන්නේ අපගේ කාලය, ශක්තිය සහ සම්පත් දේවරාජ්‍යයේ කටයුතු වෙනුවෙන් වැය කිරීමටයි. අපගේ තත්වයන්ට අනුව උපරිම මට්ටමකින් දේවසේවයේ හවුල් වීමත් ඊට ඇතුළත්.

ලොව පුරා සිටින මිනිසුන්ට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවි මඟ පෙන්වන්නේ මිනිස් වර්ගයා කෙරෙහි ඔහුට ඇති ප්‍රේමය නිසයි. කිසිවෙක් විනාශ වෙනවාට අකමැති දෙවි කැමති වන්නේ, සියලුදෙනා තමන්ගේ වැරදි මාර්ගවලින් හැරී ඔවුන්ගේ මැවුම්කරුව හඳුනාගෙන ජීවනය ලබනවාටයි. (2 පේතෘ. 3:9) ඒ ගැන යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පවසනවා. “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස ඔහුගේ මරණයට කැමති නොවෙමි.” (එස. 33:11) අපි දේශනා සේවයේ යෙදෙන විට ඉන් පෙන්වන්නේ, මිනිසුන් කෙරෙහි යෙහෝවා දෙවිට ඇති ප්‍රේමයයි. එය දැන සිටීම සේවයේදී අප අද්දකින ප්‍රීතියට සහ තෘප්තියට දායක වෙනවා.

දෙවිගේ බලයෙන් ලියැවුණු ඔහුගේ වචනය වන බයිබලය කෙරෙහි අපිට තිබෙන ආකල්පයෙන්ද දෙවිට ඇති අපගේ ප්‍රේමය පෙන්විය හැකියි. දෙවිගේ වචනය නොතිබුණා නම් යාකොබ් 4:8හි පවසන ආකාරයට, දෙවි කවුද කියා දැනගැනීමටවත් දෙවිට ළං වීමටවත් අපිට නොහැකියි. ඒ විතරක් නොවෙයි, අපි මේ පොළොවේ ජීවත් වන්නේ ඇයි කියාවත් අනාගතයේ කුමක් සිදු වෙයිද කියාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ සියලු ප්‍රශ්න ගැටලුවලට හේතුව අපගේ මුල් පියා වූ ආදම් කියාවත් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. (රෝම 5:12) අපව මරණයෙන් මුදවාගැනීමට දෙවිගේ එකම පුත්‍රයාව එවීමෙන් ඔහු පෙන්වූ ප්‍රේමයද දැනගන්න ලැබෙන්නේ නැහැ. යෙහෝවා දෙවි වෙනත් බොහෝ ආකාරවලින්ද දැනුම, ප්‍රඥාව සහ තේරුම්ගැනීමේ හැකියාව අපට ලබා දෙනවා. එමනිසා දෙවිගේම බලයෙන් ලියැවුණු ඔහුගේ වචනය අපි මොන තරම් අගය කරනවාද! එය කෙරෙහි ඇති අපගේ අගය පෙන්වන්නේ ‘සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගෙන’ එය කියවීමට, අධ්‍යයනය කිරීමට සහ මෙනෙහි කිරීමට කාලය වැය කිරීමෙනුයි. (එෆී. 5:15, 16; ගීතා. 1:1-3) අනෙක් අතට එය කියවීම කිසිවිටෙකත් අතපසු නොකළ යුතුයි. ඒ වෙනුවට දෙවිට තිබෙන අපගේ ප්‍රේමය, ඔහුගේ වචනය කියවීමට අපව පෙලඹවිය යුතුයි. ඒ තුළින් ඔහු ගැන වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට අපිට හැකි වන අතර දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමයද වඩාත් ගැඹුරු වෙනවා.

ආදම්, යෙහෝවා දෙවිට විරුද්ධව පව් කිරීම නිසා ඔහුගෙන් පැවත එන අප සෑම කෙනෙක්ම ඉතාමත් අන්ත අසරණ තත්වයකට වැටුණු බව අපි බයිබලයෙන් ඉගෙනගෙන තිබෙනවා. එසේ වුණත් මුළු මිනිස් වර්ගයාව ගලවාගැනීමට යෙහෝවා දෙවි මාර්ගයක් සැපයුවා. එසේ කළේ පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ඉෂ්ට වීමටයි.—උත්. 3:15.

අපේ දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය විශුද්ධවත් කිරීමට අප සියලුදෙනාටම බලවත් ආශාවක් ඇති බව නිසැකයි. යෙහෝවා දෙවි මොන තරම් පුදුමාකාර දෙවි කෙනෙක්ද කියා දැනගන්න තරමටම, දෙවි සමඟත් ඔහුගේ සංවිධානය සමඟත් එකතු වී ඔහුගේ අතිඋසස් නාමය සහ අරමුණු දැනුම් දීමට අපි පෙලඹෙනවා. යෙහෝවා දෙවිගේ අනුමැතිය සහ ආශීර්වාද අපිට දැනුත් සදහටමත් තිබෙන බව නම් ස්ථිරයි.

පාලක මණ්ඩලයේ සාමාජිකයන් වන අපි, ඔබ සියලුදෙනාටම අපගේ ප්‍රේමය එවන්න සතුටුයි. ‘මහත් පීඩාවට’ පෙර හැකි තරම් පිරිසකට ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔබ දරන වෑයමද අපි බොහෝ සෙයින් අගය කරන්නෙමු. (එළි. 7:14) එසේ කිරීමෙන් සදාකාල ජීවනයට මඟ පෙන්වන දෙවි සහ ක්‍රිස්තුස් පිළිබඳ දැනුම ඔබට ලැබුණා හා සමානව අන් අයටත් දැනගැනීමට අවස්ථාවක් ඔබ ලබා දෙනවා.—යොහ. 17:3.

ඔබගේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න