නිවේදන
◼ බෙදා දෙන පොත් පත්: පෙබරවාරි: යෙහෝවාට ළං වන්න පොත. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර බයිබල් පාඩම් ආරම්භ කිරීමට දැඩි වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදා දෙන්න. යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි අයට සහ නැවත බැලීම්වලට බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දී බයිබල් පාඩමක් ඇරඹීමට ප්‍රයත්නයක් දරන්න. ජූනි: මැවුම්කරු පොත හෝ පවුලේ සන්තෝෂය පොත.
◼ ලේකම් සහ සේවා අවේක්ෂක ස්ථාවර පුරෝගාමීන්ගේ සේවාව ගැන විමසා බැලිය යුතුයි. නියමිත පැය ගණන දමා නැත්නම් ඔවුන්ට උපකාර කිරීමට වැඩිමහල්ලන් සැලසුම් යෙදිය යුතුයි. මේ සඳහා S-201 වාර්ෂික ලිපිවල යෝජනා තිබෙනවා.
◼ වර්ෂ 2007 සිහි කිරීමේ කාලයේදී විශේෂ අනුශාසනාවේ මාතෘකාව මෙයයි. “මේ කලබලකාරි ලොවේ ඔබට ආරක්ෂාව!” අදාළ නිවේදනය සඳහා 2006 ඔක්තෝබර් රාජ්‍ය සේවාව බලන්න.