නිවේදන
◼ ජනවාරි මාසයේ බෙදා දෙන පොත් පත්: වර්ෂ 1991ට පෙර මුද්‍රණය කරන ලද කහ හෝ දුර්වර්ණ වී ඇති පිටු 192කින් යුත් ඕනෑම පොතක් බෙදා දිය හැකියි. ඒ සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති යන පත්‍රිකාව බෙදා හරින්න. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න යන පොත ඉදිරිපත් කරන්න. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදා දෙන්න. යේසුස්ගේ මරණය සිහිකිරීමේ අවස්ථාවට පැමිණි අයට සහ නැවත බැලීම්වලට බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දී බයිබල් පාඩමක් ආරම්භ කිරීමට වෑයම් කරන්න.
◼ මාර්තු 4න් පටන්ගන්නා සතියේ චාරිකා අවේක්ෂකයන් සභාවලදී ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “දෙවි පොරොන්දු වී ඇති පාරාදීස පොළොවට ඇතුල් වෙන්නේ කවුද?” යන්නයි.
◼ අප්‍රියෙල් මාසයේදී යෞවන අය අසති—මගේ ජීවිතයේ ඉලක්ක මොනවාද? යන DVD තැටියේ ඇතුළත් තොරතුරු සේවා රැස්වීමේදී සාකච්ඡා කරනු ලබනවා. එම DVD තැටිය අවශ්‍ය අය හැකි ඉක්මනින් එය සභාව මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතුයි.
◼ අප්‍රියෙල් මස 2වන සඳුදා හිරු බැස යෑමෙන් පසු පවත්වන යේසුස්ගේ මරණය සිහිකිරීම සඳහා සියලු කටයුතු සුදුසු ලෙස සැලසුම් කළ යුතුයි. සිහිකිරීමේ කතාව කලින්ම ආරම්භ කළත් සංකේත අතින් අත යැවීම හිරු බැස යෑමට පෙර නොකළ යුතුයි. හිරු බැස යන වෙලාව නිවැරදිව දැනගන්න. සෑම සභාවක්ම සිහිකිරීමේ උත්සවය වෙන වෙනම පැවැත්වීමට උත්සාහ කළ යුතුයි. නමුත් සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව භාවිත කරන විට එය කළ නොහැකි දෙයක් විය හැකියි. එවන් අවස්ථාවලදී ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරාගත හැකියි. එකම රාජ්‍ය ශාලාවේ සිහිකිරීම සඳහා සභාවන් දෙකක් රැස් වෙනවා නම් වැඩසටහන් දෙක අතර අඩුම තරමින් විනාඩි 40කවත් කාල පරතරයක් තබාගන්න කියා අපි යෝජනා කරන්න කැමතියි. එයින් සහෝදරයන්ට ආශ්‍රය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලැබෙයි. වාහන නතර කර තැබීම ගැනත් වාහනවලින් රැගෙන එන අයව ආපසු නිවෙස්වලට ගෙනයෑම ගැනත් සැලකිල්ල යොමු කළ යුතුයි.
◼ සභාවේ සිටින සෑම ස්ථාවර පුරෝගාමියෙකුටම තම පුරෝගාමී පත්වීමේ ලිපිය (S-202) ලැබී ඇති බවට ස්ථිර වන්න. ඔවුන්ට එය ලැබී නැත්නම් ලිපියක් මගින් ශාඛා කාර්යාලයට එය දැනුම් දිය යුතුයි.