දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2006 ජූනි 26න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. වර්ෂ 2006 මැයි 1 සිට ජූනි 26 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30ක දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. හඬ පාලනය යනු කුමක්ද? එමෙන්ම එය වැදගත් වන්නේ මන්ද? [be 111 පි., කොටු]
2. කතාවක් දීමේදී වේගය වෙනස් කරන්නේ කොහොමද? [be 112 පි. 3-6 ඡේ., කොටුව]
3. අපගේ කතාවේ විෂයට අනුව උද්යෝගයක් විදහා පෙන්වන්නේ කොහොමද? එය වැදගත් මන්ද? [be 115 පි. 1 ඡේ.–116 පි. 2 ඡේ., කොටු]
4. අප අන් අයට උගන්වන විට උණුසුම්භාවය වැදගත් මන්ද? එය කරනු ලබන්නේ කොහොමද? [be 118 පි. 2 ඡේ. –119 පි. 5 ඡේ.]
5. කතා කිරීමේදී අභිනය සහ මුහුණේ ඉරියව් ප්‍රකාශ කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. (මතෙ. 12:48, 49) [be 121 පි. කොටු]
පැවරුම් අංක 1
6. යෝබ් පොතේ යෙහෝවාවත් ජීවත් වීම සඳහා ඔහු දී තිබෙන ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිත් පැසසුමට ලක් කරන්නේ කොහොමද? [bsi06SN (යෝබ්) 39 සහ 41 ඡේ.]
7. ගීතාවලිය පොතේ නිවැරදිභාවය ඔප්පු වන්නේ කුමකින්ද? [bsi06SN (ගීතාවලිය) 10-11 ඡේ.]
8. හිතෝපදේශ 13:16ට අනුව පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව පැහැදිලි වන්නේ කුමකින්ද? [w04 7/15, 28 පි. 3-4 ඡේ.]
9. දෙවිගේ බලය හෙවත් ශුද්ධාත්මය උපකාරවත් වන්නේ කොහොමද? මෙය අපව කුමක් කිරීමට පෙලඹවිය යුතුද? (යොහන් 14:25, 26) [be 19 පි. 2-3 ඡේ.]
10. යේසුස් එන බව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම මතෙව් 16:28හි සඳහන් “එනවා” කීමෙන් අදහස් කරන දේ ඊට සම්බන්ධ වෙන්නේ කොහොමද? [w04 3/1, 16 පි., කොටුව]
සතිපතා බයිබල් කියවීම
11. යෝබ් 42:1-6හි සඳහන් යෝබ් යෙහෝවාට දුන් පිළිතුරෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?
12. ජාතීන් කුමන “නිෂ්ඵල දෙයක්” ගැනද කතා කරන්නේ? (ගීතා. 2:1, 2)
13. බිඳ දමන්නේ කුමන අත්තිවාරම්ද? (ගීතා. 11:3)
14. උඩඟු පුද්ගලයෙක් ‘බොහෝ සෙයින් ප්‍රතිඵල ලබන්නේ’ කොහොමද? (ගීතා. 31:23)
15. අපගේ පව්කාරකම නිසාත් මෙම සමාජයේ තිබෙන විපත්ති නිසාත් ඇති වන දුක් ගැහැටවලට 40වන ගීතිකාවෙන් කුමනාකාරයේ සහනයක් ලබාගත හැකිද? (ගීතා. 40:1, 2, 5, 12)