ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/06 5 පි.
  • පාලක මණ්ඩලයෙන් ලිපියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලිපියක්
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
2006 අපගේ රාජ්‍ය සේවාව
km 4/06 5 පි.

පාලක මණ්ඩලයෙන් ලිපියක්

“අපේ පියාණන් වන දෙවිගෙන්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ඔබ වෙත පැමිණේවා!” පාවුල් සභාවන් කරා යැවූ ඔහුගේ බොහෝ ලිපිවල ඔහු සභාවන්ට ආචාර කළේ මෙසේයි. ඇත්තෙන්ම අපත් ඔබට ආචාර කරන්නේ මෙලෙසමයි.—එෆී. 1:2.

ඇත්තවශයෙන්ම, ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව මගින් යෙහෝවා දෙවි අපට පෙන්වා ඇති මහත් කරුණාවට අපි මොන තරම් කෘතඥපූර්වක වෙමුද! දෙවි ඉදිරියේ අපට අනුමැතිය දිනාගැනීමට හැකි වී තිබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. අප මොන තරම් බයිබලය අධ්‍යයනය කළත්, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළත් නැත්නම් වෙන මොන යම් යහපත් ක්‍රියා කළත් අපට අපේම උත්සාහයෙන් දෙවිගේ අනුමැතිය දිනා ගැනීමට හැකි වෙන්නේ නැහැ. අපේ පව්වලට කමාවත්, අපට සදාකාල ජීවනයත් ලැබෙන්නේ අපේ උත්සාහයන්ට ලැබෙන ගෙවීමක් හැටියට නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවා දෙවිගේ මහත් කරුණාව නිසා ලැබෙන ත්‍යාගයන් හැටියටයි.—රෝම 11:6.

පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ ලීවා. “දෙවිගේ මහත් කරුණාව පිළිගත් ඔබගෙන්, එහි අරමුණ තේරුම්ගැනීමට අපොහොසත් නොවන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද, ඔහු මෙසේ කියන්නේය: “‘පිළිගැනීමේ කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීමේ දවසකදී මම ඔබට උපකාර කළෙමි.’ මෙන්න! මෙය විශේෂ පිළිගැනීමේ කාලයකි. මෙන්න! දැන් ගැලවීමේ දවසය.” පළමු සියවසේදී යෙරුසලම විනාශ වීමට පෙර ‘පිළිගැනීමේ කාලයක්’ තිබුණා. යෙහෝවා දෙවිට ප්‍රේම කළා වූ අවංක සිත් ඇති අය දෙවිගේ අනුමැතිය දිනා ගත්තා. මේ නිසාම, ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ වීමට පෙර ඉන් පලා ගොස් තම ජීවිත ගලවා ගැනීමටද මෙම ඇදහිලිවන්ත සෙනඟට අවස්ථාව ලැබුණා.—2 කොරි. 6:1, 2.

ඒ හා සමානව අදත්, අප ජීවත් වෙන්නේ ‘පිළිගැනීමේ කාලයකයි,’ එනම් ‘ගැලවීමේ දවසෙයි.’ යෙහෝවා සිය සේවකයන් ලෙස පිළිගන්නා අය සහ ඔහු ඉදිරියේ අනුමැතිය දිනා ගත් අයට, නුදුරු අනාගතයේ අත ළඟ තිබෙන ‘යෙහෝවාගේ මහත් දවසින්’ බේරී ජීවත් විය හැකියි.—ශෙප. 1:14.

මේ නිසා යෙහෝවාගේ දවස සම්බන්ධයෙන් අපට තිබෙන්නේ බරපතළ වගකීමක්. අප ජනයාට අනතුරු ඇඟවීමත් යෙහෝවා දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ලැබීමට අවංක හදවත් ඇති අයට උදව් කිරීමත් අවශ්‍යයි. එවිට ඔවුන්ටත් ගැලවීම ලැබිය හැකියි. පාවුල් මෙම වගකීමේ බැරෑරුම්කම හොඳින් වටහාගත්තා. “ඇත්තෙන්ම, මා ශුභාරංචිය ප්‍රකාශ කළේ නැතිනම් මට දුක් වේ!” කියා ඔහු ලීවා. තවද ඔහුට හැඟුණු ආකාරය ගැන මේ වචනවලින්ද පැහැදිලියි. “ප්‍රඥාවන්තයන් හා අඥානයන්ටද මම ණයගැතිව සිටිමි. එබැවින්, රෝමයේ සිටින ඔබටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මට මහත් ඕනෑකමක් තිබේ.”—1 කොරි. 9:16; රෝම 1:14, 15.

මිනිසුන්ට අනතුරු ඇඟවීමේ වැදගත් කාර්යය අප නොසලකා හැරියහොත් යෙහෝවා අපෙන් ගණන් ගන්නවා ඇති. යෙහෝවා අනාගතවක්තෘ එසකියෙල්ට පැවසූ දේ අපි හොඳින් දනිමු. එය මෙසේයි. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් වංශයට ඔබ මුරකාරයෙකු කළෙමි; ඒ නිසා මාගේ කටින් කී වචනය අසා මාගේ නමින් ඔවුන්ට අවවාද කරන්න. ඔබ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල ඔබ ඔහුට අවවාද නොකරන්නෙහි නම් ඔහුගේ ප්‍රාණය ගළවාගන්නා පිණිසත් ඔහුගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන පිණිසත් ඔහුට අවවාද නොකරන්නෙහි නම් ඒ දුෂ්ටයා තමාගේ අයුතුකමෙහි නසින්නේය; එහෙත් ඔහුගේ ලේ ඔබ අතින් අය කරන්නෙමි.”—එස. 3:17, 18.

මේ අන්තිම දවස්වල කටයුතු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අපේ පවුලේ කාරණා, රැකියාව, සභාවේ කටයුතු සහ දේශනා කිරීම සමබර කරගැනීම පහසු දෙයක්ද නොවෙයි. මීට අමතරව, ඔබෙන් බොහෝදෙනෙකුට අසනීපවලට, මානසික අසහනකාරී තත්වයන්ට, වියපත් වීමට සහ විරුද්ධවාදිකම්වලට පවා මුහුණ දීමට සිදු වෙනවා. අපගෙන් වැඩිදෙනෙක් “බරින් පීඩිත වූ” අයයි. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි” කියා යේයුස් පැවසූ දෙයට සමානව අපිත් ඔබ සමඟ සිටින බව කියා සිටිමු. (මතෙ. 11:28) ලොකු කුඩා කොතරම් බාධක අභියෝග තිබුණත් ඒ සියල්ල මැද යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන ඔබ සියලුදෙනාටම අපි ඉතා උණුසුම් ලෙස ප්‍රශංසා කරන්නෙමු.

ඔබ ඉතා උද්‍යෝගයෙන් කරන දේශනා කිරීම හා ඉගැන්වීම නිසා යෙහෝවාගේ ආශීර්වාද මැද ලොව පුරා සෑම සතියකම 4,762දෙදෙනෙක් බව්තීස්ම වෙනවා. පසුගිය සේවා වසරේ නව සභාවන් 1,375ක් අලුතෙන් පිහිටවනු ලැබුවා. අපට අලුතෙන් ලැබුණු බයිබලයේ ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති ප්‍රකාශනය දැන් භාෂා 120කින් ලබාගත හැකියි. මේ ප්‍රකාශනය පාඩම් කිරීම මගින් තවත් මිලියන ගණනකට යෙහෝවාගේ මහත් කරුණාව සහ සමාදානය ලැබ “ගැලවීමේ දවසේ” බේරී ජීවත් වීමට හැකියාව ලැබේවායි බලාපොරොත්තුවෙන් අපි යාච්ඤා කරන්නෙමු.

පාලක මණ්ඩලයේ සහෝදරයන් හැටියට අප ඔබට ප්‍රේම කරන බවත් ඔබ වෙනුවෙන් යාච්ඤා කරන බවත් මතක තබාගන්න. ඒ වගේම ඔබ අප වෙනුවෙන් කරන යාච්ඤා ගැනද අපි ඔබට ස්තුති කරන්නෙමු.

ඔබේ සහෝදරයෝ,

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න