නිවේදන
◼ ජනවාරි මාසයේ බෙදා දෙන පොත් පත්: සෝදිසියෙන් සිටින්න! විවරණිකාව බෙදා හරින්න. උනන්දුව දක්වන කෙනෙක් නම්, බයිබල් පාඩමක් පටන් ගැනීමට උත්සාහ කරන්න. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න පොත ඉදිරිපත් කරන්න. උනන්දුව දැක්වූ සියල්ලන්වම හමුවීමට වෑයම් කරන්න. මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! කලාප දෙකම ඉදිරිපත් කරන්න. උනන්දුව දැක්වූ අයව නැවත ගොස් බැලීමේදී, සිහිකිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවකට සහභාගි වූ නමුත් සභාව සමඟ ඇසුරු නොකරන අයව හමු වන විට, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නව පොතෙන් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ඉලක්කය විය යුත්තේ එම පොතෙන් බයිබල් පාඩමක් පටන්ගැනීමයි.
◼ අප්‍රියෙල් මාසයේ සති අන්ත පහයි. උපකාරික පුරෝගාමි සේවය කිරීමට කදිම මාසයක්.
◼ මාර්තු මාසයේ, පටන් චාරිකා අවේක්ෂක සභාවන්ට ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කතාවේ තේමාව වනුයේ, “දැනුත් සදහටමත් සාමකාමී ජීවිතයක් භුක්ති විඳින්න!” යන්නයි.
◼ මෙම වසරේ සිහිකිරීම පැවැත්වෙන්නේ අප්‍රියෙල් 12වන බදාදා හිරු බැසයෑමෙන් පසුවයි. මේ සඳහා සභාවන් සුදුසු සැලසුම් යෙදිය යුතුයි. කතාව කලින් ආරම්භ වුණත්, සංකේත අතින් අත යැවීම කළ යුත්තේ හිරු බැසයෑමෙන් පසුවයි. හිරු බැස යන වේලාව හරියටම දැන ගන්න. සෑම සභාවක්ම තමන්ගේම සිහිකිරීමක් සැලසුම් කිරීමට උත්සාහ කළ යුතුයි. එහෙත්, සමහරවිට මෙය කළ නොහැකි වන්නට පුළුවන. සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන්නේ නම්, වෙනත් ස්ථානයක් මේ සඳහා සූදානම් කරගැනීමට අනෙක් සභාවන්ට හැකියි. සභා දෙකක් එකම ශාලාව පාවිච්චි කරන්නේ නම්, සිහිකිරීම් අතරතුර විනාඩි 40ක කාලයක්වත් අවම වශයෙන් තිබීම වඩාත් හොඳයි. එවිට පැමිණෙන සියල්ලන්ට නිසි ප්‍රයෝජන ගැනීමට හැකි වෙනවා ඇත. වාහන ගාල් කිරීම හා යම් අයට ප්‍රවාහන පහසුකම් සැලසීම ගැනද සැලකිලිමත් විය යුතුයි. මේ සඳහා තම සභාවට ගැළපෙන හොඳම සැලැස්ම කුමක්දැයි වැඩිමහල්ලන්ගේ මණ්ඩලය විසින් තීරණය කළ යුතුයි.
◼ ඔබ වෙනත් රටක සංචාරයක යෙදෙන විට, එම රටේ සභාවක රැස්වීමකට, එක්රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා නම්, ඒවා පැවැත්වෙන දින හා වේලාවන් ගැන එම රටේ වැඩ කටයුතු අධීක්ෂණය කරන ශාඛා කාර්යාලයෙන් ලබා ගත යුතුයි. ශාඛා කාර්යාලවල ලිපින මේ වසරේ වාර්ෂික පොතේ අන්තිම පිටුවේ දක්නට ඇත.