දිව්‍යාණ්ඩු සේවා පාසලේ පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2005 ජූනි 27දා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසල් අවේක්ෂක විසින් 2005 මැයි 2 සිට ජූනි 27 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙය වනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණ කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. උපමාලංකාර සහ රූපකාලංකාර බලපෑමෙන් යුත් ඉගැන්වීමේ ක්‍රම කියා පැවසිය හැක්කේ මන්ද? (උත්. 22:17; ගීතා. 1:3; යාකො. 3:6) [be 240 පි. 2-4, කොටුව] වචන කිහිපයකින් දක්වන උපමාලංකාර සහ රූපකාලංකාර මගින් මනසේ විවිධ පින්තූර මැවිය හැකියි. නිකම්ම කාරණා ගැන පැහැදිලි කරනවාට වඩා ඒවා කල්පනාකාරීව යොදාගැනීමෙන් සවන්දෙන්නන්ගේ හිතට ඒවා කාවදින අතර කාරණා මතකයේ රඳවාගැනීමට එය පහසුවක් වේ.
2. ඉගැන්වීම සඳහා උපකාරවත් වන වටිනා පාඩම් උගන්වන නිදර්ශන සොයාගත හැක්කේ කොතැනින්ද? නමුත් අපි වැළකිය යුත්තේ කුමකින්ද? [be 242 පි. 2-3 ඡේද] දේවානුභාවයෙන් දුන් ශුද්ධ ලියවිල්ලේ සැබෑ ජීවිත අද්දැකීම් රැසක් අඩංගුයි. යේසුස් “ලොත්ගේ බිරිඳ” සහ “නෝවාගේ දවස් ” ගැනත් සඳහන් කළා. (ලූක් 17:32; මතෙ. 24:37-39) බයිබලය අධ්‍යයනය කරද්දී එහි තිබෙන නිදර්ශන ගෙනහැර දක්වන්න අපිට හැකියි. අපි නවීන දින අද්දැකීමක් යොදාගන්න තීරණය කරන්නේ නම්, එය නිවැරදිද කියා කලින්ම තහවුරු කරගත යුතුයි. ඒ වගේම එම අද්දැකීමෙන් සුවිශේෂී අරමුණක් ඉටු වන බවටත් අප ඉදිරිපත් කරන දෙයින් අවධානය වෙනතකට නොහැරෙන බවටත් අප වගබලා ගත යුතුයි.
3. බලපෑමෙන් යුත් නිදර්ශන තෝරාගැනීමේදී අප මනසේ තබාගත යුත්තේ කුමක්ද? [be 244 පි. 1-2 ඡේද] අපේ නිදර්ශන අපේ සබයට ගැළපෙන ඒවා විය යුතුයි. මේ සඳහා අප අවට ඉන්න අයගේ දිවි පෙවෙත ගැන නිරීක්ෂණය කළ යුතු අතර අපට සවන් දෙන්නන්ගේ සංස්කෘතික පසුබිමට හුරු වූ ක්‍රියාකාරකම් ගැන හොඳින් සලකා බැලීම අවශ්‍යයි. (මාක් 2:22; 4:2-9; යොහ. 10:1-5)
4. අපගේ ඉගැන්වීමේදී දෘශ්‍යාධාරක භාවිත කළ යුත්තේ මන්ද? යෙහෝවා ඒවා භාවිත කළේ කෙලෙසද? [be 247 පි. 1-2 ඡේද, කොටුව] දෘශ්යාධාරකවලට හැකියි සබයේ අවධානය රඳවා තබාගැනීමට. බොහෝදුරට පවසන දෙයට වඩා මනසෙහි වඩාත් පැහැදිලිව හා ගැඹුරින් තැන්පත් වන්නේ දෘශ්යාධාරකයි. යෙහෝවා විවිධ දෘශ්‍යාධාරක යොදාගත්තා. ඒවා නම් තාරකා, කුම්භකාරයාගේ නිවස, ලබු වැල, මණ්ඩපය යනාදියයි. (උත්. 15:5; යෙරෙ. 18:1-6; යෝනා 4:6-11; හෙබ්‍රෙ. 9:9, 23, 24)
5. ක්ෂේත්‍ර සේවයේදී දෘශ්‍යාධාරක යොදාගත හැක්කේ කෙසේද? [be 248 පි. 1 ඡේද – 249 පි. 2 ඡේද] අපට පුළුවන් අපේ ප්රකාශනවල දක්නට ලැබෙන පින්තූර, සිතියම්, කාල ප්‍රස්තාර සහ යම් ගණනය කිරීම් යොදාගන්න. ඔවුන් දකින දේ විස්තර කරන්න කියා ඔවුන්ට කිව හැකියි. (ආමො. 7:7, 8; 8:1, 2) සැබෑව ඉගැන්වීම සඳහා අපගේ වීඩියෝ පටද භාවිත කළ හැකියි.
පැවරුම් අංක 1
6. දරුවන්ට අධ්‍යාපනය ලබා දීම පිළිබඳව බයිබලයේ දී තිබෙන්නේ කුමන මඟ පෙන්වීමක්ද? [w03 3/15 12 පි. 2 ඡේ.; 14 පි. 3 ඡේ.] යේසුස් උගත් වැඩිහිටියන් සමඟ අර්ථවත් සංවාදයක යෙදුණ නිසා ඔහුට වයස අවුරුදු 12දී පවා සාක්ෂරතා හැකියාවක් තිබුණ බව පැහැදිලියි. (ලූක් 2:42, 46, 47) තවද ඔහු තම සුරැකි පියා වන යෝසෙෆ්ගෙන් වෘත්තියක් පවා ඉගෙනගත්තා. ක්‍රිස්තියානි දෙමාපියන්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඔවුන් තම දරුවන්ව යෙහෝවාගේ “හික්මවීමෙන්” ඇති දැඩි කරමින්, ‘ඔහු සිතන ආකාරයට සිතන්න ඔවුන්ට ඉගැන්විය යුතුයි.’ ඒ වගේම “දැනගැන්මට ප්‍රේම” කරන්නත් ඔවුන්ට උපකාර කළ යුතුයි. (එෆී. 6:4; හිතෝ. 12:1)
7. දාවිත් යෞවනයෙක්ව සිටියදීම යෙහෝවා ඔහු කෙරෙහි සැලකිල්ලක් දැක්වූයේ කෙසේද? එමෙන්ම ඔහු යෙහෝවා කෙරෙහි සැලකිල්ලක් දැක්වූයේ කෙසේද? [w03 4/15 29 පි. 3 ඡේ. 30 පි. 3 ඡේ.] යෙස්සේගේ බාල පුතා වූ දාවිත්ට සුදුසුකම් තිබෙන බව දුටු යෙහෝවා ඊශ්‍රායෙල්හි අනාගත රජුවීමට ඔහුව තෝරාගත්තා. (1 සාමු. 16:7 ) යෙහෝවා සමඟ වූ තම සබඳතාව ගැන දාවිත් නිරතුරුවම අවධානයෙන් සිටි අතර ඔහුගෙන් උපදෙස් පැතුවා. (ගීතා. 25:4, 5 )
8. යෙහෝවා ආබෙල්ගේ පූජාව සැලකුවේ මන්ද? මෙයින් අපට සහතික කරන්නේ කුමක්ද? (උත්. 4:4) [w03 5/1 28 පි. 4 ඡේ. 29 පි. 1 ඡේ.]ආබෙල්ගේ පූජාව ඉතා කුඩා දෙයක් ලෙස පෙනුණත් ඔහු තෝරාගත්තේ රැළේ සිටි හොඳම සතුන්වයි. එයින් නිරූපණය වුණේ ඔහුට තිබූ හොඳම දේ පූජා කළ බවයි. එම පූජාවෙන් ආබෙල්ගේ ඇදහිල්ල පිළිබිඹු වූ නිසා ඔහු ඒ ගැන කලින් කල්පනා කරන්න ඇති. (හෙබ්‍රෙ. 11:4) මෙයින් සහතික කරන්නේ දැඩි විශ්වාසයකින් යුතුව අපගේ මුළු හදවතින්ම අපි ‘ප්‍රශංසාව නමැති පූජාව’ ඉදිරිපත් කරන විට යෙහෝවා එය සැලකිල්ලට ගන්න බවයි. (හෙබ්‍රෙ. 13:15)
9. හිතෝපදේශ 3:11හි [NW] ප්‍රතික්ෂේප නොකරන්න කියා අපට කියන “යෙහෝවා දෙන හික්මවීම” කුමක්ද? [w03 10/1 20 පි. 2-4 ඡේ.] මෙම වදන්වලින් අදහස් කරන්නේ ඕනෑම ආකාරයක හික්මවීමක් නොව නමුත් ඔහුගේ උසස් ප්‍රතිපත්ති මත පදනම් හික්මවීම ගැනයි. එම හික්මවීමට බොහෝ පැති තිබෙනවා. ඒවා නම් මඟ පෙන්වීම සැපයීම, උපදෙස් දීම, පුහුණු කිරීම, තරවටු කිරීම, නිවැරදි කිරීම මෙන්ම දඬුවම් කිරීමයි. ඉගැන්වීමේ, නිවැරදි කිරීමේ සහ ප්‍රයෝජනයක් ගෙන දීමේ අදහසින් ප්‍රේමයෙන් පෙලඹී එසේ කරන නිසා එය ප්‍රතික්ෂේප නොකළ යුතුයි. (හෙබ්‍රෙ. 12:11)
10. 1 තිමෝති 6:6-8හි සඳහන් “සෑහීමට පත්වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? [w03 6/1 9 පි. 1-2 ඡේ. 10 පි. 1 ඡේ.] එයින් අදහස් කරන්නේ අප කුමන තත්වයක සිටියත් මූලික දේවලින් සෑහීමට පත් වී යෙහෝවා මත රඳා සිටිමින් ඔහුට සේවය කිරීමයි. අපේ අතමිට සරු වුණත් නැතත් දෙවිගේ සේවයට මුල් තැන දීමෙන් සෑහීමට පත් වෙන්න පුළුවන්. එයින් සතුටක් ලැබෙනවා.
සතිපතා බයිබල් කියවීම
11. යොනාතාන් සහ දාවිත් අතර තිබූ ප්‍රේමයේ එක්සත් බැම්මෙන් පුර්වාදර්ශනය කළේ කුමක්ද? (2 සාමු. 1:26) [wSN 89 6/1 18 පි. 13 ඡේ.] යොනාතාන් හා දාවිත් අතර පැවති ආකාරයේ අතිශ්‍රේෂ්ඨ එක්සත් ප්‍රේමයේ බැම්ම, යේසුස් නමැති “එක එඬේරා” යටතේ “එක රැළක්” මෙන් කටයුතු කරන අභිෂේක ලත් බැටළුවන්ගේ ඉතිරි කොටස සහ “වෙනත් බැටළුවන්” අතර පවතින එක්සත්භාවයට සමානයි. (යොහ. 10:16)
12. ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන යෑමට දාවිත් ගත් පළමු වෑයමෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද? (2 සාමු. 6:2-9)1) දිව්‍ය උපදෙස් නොසලකාහැරීම විපත්ති ගෙන දෙයි. (2) යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් ඇති අය පවා පරීක්ෂණාත්මක අවස්ථාවන්හිදී වැරදි ලෙස ප්‍රතික්‍රියා කළ හැකියි. (3) යෙහෝවාගේ උපදෙස් නොසලකාහැරීම නිසා ඇති වන ගැටලුවලට අපි යෙහෝවා පිට වරද නොතබා සැමවිටම අපේ බර යෙහෝවා මත තැබිය යුතුයි. [2, w05 5/15 “යෙහෝවාගේ වචනය ජීවමානය—දෙවන සාමුවෙල් පොතෙන් විශේෂාංග”; w96 4/1 28 පි. 5 ඡේ.-29 පි. 1 ඡේ.]
13. පියාගේ වරදට පුත්‍රයා නොනැසිය යුතු බව ද්විතීය කතාව 24:16 සහ එසකියෙල් 18:20 කියන හෙයින් දාවිත් සහ බැත්ෂෙබා පව් කළ පසු ඔවුන්ගේ පුත්‍රයාට මිය යෑමට සිදු වුණේ මන්ද? (2 සාමු. 12:14; 22:31) මනුෂ්‍ය විනිශ්චයකරුවන් විසින් කාරණය විසඳන්න ගියේ නම් දෙමාපියන් මෙන්ම ගර්භාෂයේ වැඩුණ පුත්‍රයාද මියයන්නට ඉඩ තිබුණා. (ද්වි. 22:22) පුත්‍රයාගේ ජීවිතය නැතිවීම තමන් කළ පාපය යෙහෝවා කොතරම් පිළිකුල් කරනවාද කියා තේරුම්ගැනීමට දාවිත්ට උපකාරයක් වුණා. අලුත උපන් ළදරුවාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳවත් අප දන්නේ නැහැ. නමුත් යෙහෝවා කාරණය සාධාරණ ලෙස විසඳූ බව අපට නිසැකයි. [3, w05 5/15 “පාඨකයන්ගෙන් ප්‍රශ්න”; w86 3/15 31 පි.]
14. ශීබා මෙපිබොෂෙත් ගැන කියූ දේ බොරුවක් බව අප දන්නේ කෙසේද? (2 සාමු. 16:1-4) මෙපිබොෂෙත් වැනි කෘතවේදී නිහතමානි කෙනෙකු බලලෝභයෙන් පෙළුණා කියා සිතිය නොහැකියි. ඔහුගේ පියා වූ යොනාතාන් විශ්වාසවන්තකම සම්බන්ධයෙන් තැබූ කදිම වාර්තාව ගැන ඔහු හොඳින් දැන සිටි බවට සැකයක් නැහැ. සාවුල්ගේ පුත්‍රයා වුණත් යොනාතාන් නිහතමානීව පිළිගත්තේ යෙහෝවා ඊශ්‍රායෙල් කෙරෙහි රජු ලෙස තෝරාගෙන තිබෙන්නේ දාවිත්ව බවයි. (1 සාමු. 20:12-17) දාවිත්ගේ පක්ෂපාත මිතුරා වශයෙන් යොනාතාන් රාජකීය බලයට දැඩි ආශාවක් ඔහුගේ පුත්‍රයා තුළ ඇති කළා කියා සිතිය නොහැකියි. [5, w02 2/15 14 පි. පාද සටහන]
15. ශීබා සමඟ ඇති වූ තත්වය හමුවෙහි මෙපිබොෂෙත් ක්‍රියා කළ ආකාරය අපට කදිම ආදර්ශයක් සපයන්නේ කෙසේද? (2 සාමු. 19:24-30) ශීබා ද්වේෂසහගත ලෙස මෙපිබොෂෙත් ගැන කියූ බොරු හෙළි වූ විට දාවිත් එය විසඳුවේ බාගෙටයි. දාවිත් ගත් තීරණය අසාධාරණයයි කියා ඔහු දාවිත්ට දෝෂාරෝපණය කළේ නැහැ. ඊශ්‍රායෙල් රජු වීමට අයිතිවාසිකමක් තිබූ තැනැත්තා සුරක්ෂිතව ආපසු පැමිණීම ගැන ඔහු සතුටු වුණා. ශාරීරික ආබාධය, ද්වේෂසහගත ලෙස තමා ගැන කියූ බොරු හා බලාපොරොත්තු සුන්වීම යන මේ සියල්ල හමුවෙහි විඳදරාගැනීමෙන් මෙපිබොෂෙත් තැබුවේ විශිෂ්ට ආදර්ශයක්. [6, w02 2/15 15 පි. 12 ඡේ.]