ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/04 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
2004 අපගේ රාජ්‍ය සේවාව
km 11/04 3 පි.

නිවේදන

◼ නොවැම්බර් 1-14 මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: සෝදිසියෙන් සිටින්න! විවරණිකාව ඉදිරිපත් කිරීමට විශේෂ වැඩ පිළිවෙළක්. නොවැම්බර් 15-30: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. යමෙක් තමන්ට දරුවන් නැතැයි කියන්නේ නම් ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. විවරණිකාව ඉදිරිපත් කරන විට නිවාස බයිබල් පාඩම් පටන්ගැනීම ගැන අවධානය යොමු කරන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත්වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ මගේ බයිබල් කතන්දර පොත. ජනවාරි: සභාවේ පොත් ගබඩාවේ තියෙන 1990ට කලින් මුද්‍රණය කරන ලද පිටු 192කින් යුත් පොත්. එවන් ප්‍රකාශන පොත් තොගයේ නැත්නම් ළඟපාත සභාවක පැරණි ප්‍රකාශනවල අතිරික්තයක් තිබේ නම් ඒවා ලබාගන්න. පැරණි පොත් නැති සභාවලට හැකියි යෞවනයන් අසන ප්‍රශ්න - ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොත ඉදිරිපත් කරන්න. පෙබරවාරි: සභා පොත් තොගයේ තිබේ නම් යෙහෝවාට ළං වන්න හෝ එළිදරව්ව පොත ඉදිරිපත් කළ හැකියි.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන යමෙක් දෙසැම්බර් 1වන දා හෝ ඊට පසුව හැකි විගස සභා ගිණුම් විගණනය කළ යුතුය. නඩත්තුවට හෝ ගොඩනැඟිලි කටයුතු සඳහා වෙනම ගිණුමක් තිබේ නම්, එයද විගණනය කිරීමට කටයුතු යෙදිය යුතුයි. අනතුරුව සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ සභාවන් විසින් ඊළඟ පොත් ඉල්ලුම සමඟ 2004 මුරටැඹ සහ පිබිදෙව්! බැඳි වෙළුම් ඇණවුම් කිරීමට පටන්ගත යුතුයි. බැඳි වෙළුම් සභාවට ලැබෙන තුරු ඒවා ඇසුරුම් ලැයිස්තුවේ සඳහන් වන්නේ “ලැබීමට නියමිත” [Pending] කියායි. බැඳි වෙළුම් විශේෂ අයිතමවලට අයත් වේ.

◼ සෑම සභාවකම ඉඩම් ඔප්පුව භාරව සිටින ලේකම්වරු ඒ සඳහා තිබෙන Information Regarding Ownership of Kingdom Halls (T-36) යන පෝරමය නැවත සලකා බලන්න. වරිපණම් ගෙවීමට තිබෙනවාදැයි කියා ප්‍රාදේශීය සභාවෙන් විමසා බැලිය යුතුයි. නියමිත කාලය තුළ සියලු වරිපණම් ගෙවිය යුතුයි. සභාවේ වරිපණම් ගෙවීම ගැන යම් ගැටලුවක් මතු වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව අවශ්‍ය ක්‍රියාමාර්ගය ගත යුතුයි.

◼ ලෝක ව්‍යාප්ත සේවය සඳහා හා රාජ්‍ය ශාලා අරමුදල සඳහා මෙන්ම දිස්ත්‍රික් සමුළු සඳහා චෙක් පත්වලින් සම්මාදම් කරන විට, එම චෙක් පත්වල මුදල් ලැබිය යුත්තා ලෙස “Watch Tower Bible and Tract Society of Lanka” යන නමින් සඳහන් විය යුතුයි.

◼ වර්ෂ 2005 මැයි 23න් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩමේදී සෝදිසියෙන් සිටින්න! යන විවරණිකාව පාඩම් කරනු ඇත.

◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ හා ලේකම්වරුන්ගේ නම්, ලිපින සහ දූරකථන අංක සහිත අලුත්ම වාර්තාවක් ශාඛා කාර්යාලයේ තබාගැනීම අවශ්‍යය. යම් අවස්ථාවක මේවායේ වෙනසක් වේ නම්, සභා සේවා කමිටුව මේවා සම්පූර්ණ කර, අත්සන් කර, Presiding Overseer/Secretary Change of Address (S-29) පෝරමයක් තුළින් වහාම ශාඛා කාර්යාලයට එවිය යුතුයි. දූරකථන ප්‍රාදේශීය අංකවල වෙනස් වීම්ද මීට ඇතුළත් විය යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න