දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2004 අගෝස්තු 30වන දා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2004 ජූලි 5වන දා සිට අගෝස්තු 30වන දා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමුසටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36-37 දක්වා පිටු බලන්න.]
කථික ගුණාංග
1. අපට තිබෙන බලාපොරොත්තුවට හේතුව “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව” පහදා දිය හැක්කේ කෙලෙසද? (1 පේතෘ. 3:15, NW) [2, be 192 පි. 2-4 ඡේ.] අප ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට වෙනත් කෙනෙකු දරන ආකල්පවල යම් අඩු පාඩු ඔහුගේ ආත්ම ගරුත්වයට පහර දෙන අයුරින් පෙන්වා දීම අඥාන දෙයක් වනු ඇත. නිවැසියාට එසේ හැඟෙන්නේ මන්දැයි අසා, ශුද්ධ ලියවිලි පද ඇසුරෙන් ඔහුට කාරණා තර්කානුකූලව පෙන්වීම වඩාත් හොඳය. වේදිකාවෙන් සබයක් අමතන විට, ඔවුන්ව දැඩි විවේචනයට ලක් කිරීම හෝ පහත් කරනවා වෙනුවට දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන ප්‍රේමය හා ඔහුට සේවය කිරීම සඳහා ඔවුන්ට තිබෙන ආශාව පණගන්වන අයුරින් අප කතා කළ යුතුය.
2. ස්ථිර විශ්වාසයෙන් යමක් පැවසීම වැදගත් වන්නේ මන්ද? (රෝම 8:38, 39; 1 තෙස. 1:5; 1 පේතෘ. 5:12) [3, be 194 පි.] අප පවසන දේ ගැන අපට පෞද්ගලික නිසැකකමක් ඇති බව අන් අය වටහාගනිති. අපට තිබෙන ස්ථිර විශ්වාසය නිසා, අන් අය සමඟ බෙදාගැනීමට ඉතා වටිනා දෙයක් අප සතු බව කියා පෑමට පුළුවන. අප කියන දේ බැරෑරුම්ව සැලකීමටත්, ඊට එකඟව ක්‍රියා කිරීමටත් අන් අයව පෙලඹවීමටද එය උපකාරවත් විය හැක.
3. ස්ථිර විශ්වාසය පළ කරන්නේ කෙලෙසද? [4, be 195 පි. 3 ඡේ.–196 පි. 4 ඡේ.] අප භාවිත කරන වචන, ස්ථිර විශ්වාසය පළ කිරීමට මහෝපකාරී වේ. (හබ. 2:3; යොහ. 5:19, 24, 25; රෝම 8:39; 14:14; 1 තිමෝ. 2:7) අප පවසන දේ සැබෑ බවටත්, අපගේ සබයට ඒ දේ වටිනා බවටත් අපට සම්පූර්ණයෙන්ම ඒත්තුගොස් ඇත්නම්, අපගේ මුහුණේ ඉරියව්වෙන්, අපගේ අභිනයෙන් හා අපගේ අංග චලනයෙන් එය පැහැදිලි වේ.
4. උපායශීලිත්වය යනු කුමක්ද? එය වැදගත් වන්නේ මන්ද? මෙම ගුණාංගය හා ස්ථිරත්වය සමබරව පළ කළ හැක්කේ කෙලෙසද? (රෝම 12:18) [5, be 197 පි.] උපායශීලිත්වය යනු අනවශ්‍ය ලෙස අන් අයගේ සිත් නොරිදවා ඔවුන් සමඟ කටයුතු කිරීමේ හැකියාවයි. අප උපායශීලීව කටයුතු කරනවා නම්, ජනයා ශුභාරංචියට විවෘත මනසකින් සවන් දීමට නැඹුරු වෙනවා ඇත. බයිබලයේ පණිවිඩය කෙසේ ඉදිරිපත් කළත් ඇතැම් පුද්ගලයන් ඊට උරණ වන බව මතක තබාගැනීමෙන් අපට උපායශීලිත්වය හා ස්ථිරත්වය සමබරව ක්රියාවේ යෙදවිය හැකිය. (1 පේතෘ. 2:7, 8)
5. කතා කිරීමට පෙරාතුව උපායශීලී පුද්ගලයෙකු සලකා බලන දේවල් මොනවාද? (හිතෝ. 25:11; යොහ. 16:12) [7, be 199 පි.] උපායශීලී වීමට බොහෝදුරට සම්බන්ධ වන දෙයක් නම් යමක් පැවසීමට නිසි අවස්ථාව තීරණය කිරීමය. පුද්ගලයෙකු පවසන සෑම දෙයකටම අප එකඟ නූණත්, ශුද්ධ ලියවිල්ලට පටහැනි වන සෑම මතයක්ම අභියෝගයට ලක් කිරීම අනවශ්‍යය. ඒ වෙනුවට යම් විරෝධයක් පළ කරන විට, ඒ පුද්ගලයා කල්පනා කරන අයුරු සොයා දැනගැනීමට එය ප්‍රස්තාවක් ලෙස සලකන්න. සුදුසු අවස්ථාවලදී ඔවුන්ගේ ස්ථිර ආගමික භක්තිය ප්‍රශංසාවට ලක් කරන්න. (ක්‍රියා 17:22)
පැවරුම් අංක 1
6. අප සත්‍යය තුළ ලබා ඇති ප්‍රගතියට අප කතා කරන දේවල් හා බයිබලය පාඩම් කිරීම සම්බන්ධයෙන් තිබෙන පුරුදු සාක්ෂියක් විය හැක්කේ කෙලෙසද? [2, be 74 පි. 3 ඡේ.–75 පි. 2 ඡේ.] “අලුත් පෞද්ගලිකත්වය පැළඳ” සිටින අය වංක, අසභ්‍ය හෝ බිඳ දමනසුලු කතාවෙන් වැළකෙන අතර, “අසන්නන්ට ප්‍රයෝජනවත් වූ යමක් ” ලැබෙන්නට සලස්වති. (එෆී. 4:24, 25, 29, NW) සත්‍යය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඇති අය ලෝකයේ අනුග්‍රහයෙන් ප්‍රබන්ධ වන නවීන අදහස්, ව්‍යාපාර හෝ විනෝදාස්වාදයන් පසුපස හඹා යෑමට ආත්මික යුතුකම් පැහැරහරින්නේ නැත. (එපී. 3:18, 19; 4:14 ) අප අන් අය සමඟ කටයුතු කරන අන්දමද අප ආත්මිකව කොතරම් දියුණු වී ඇද්ද යන්න ගැන ඉඟියක් විය හැක. (එපී. 4:32)
7. “ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? අපට එය කළ හැක්කේ කෙලෙසද? (එෆී. 5:16, NW) [5, w02 11/15 22-3 පි.] එතරම් වැදගත් නොවන ක්‍රියාවලින් කාලය “මිල දී” ගැනීමක් කර, එම කාලය වඩාත් ප්‍රයෝජනදායක අන්දමින් මිඩංගු කිරීම මීට අයත් වේ. රූපවාහිනිය නැරඹීම, අන්තර්ජාලයේ තොරතුරු විමසීම, ලෞකික පොත් පත් හෝ සීමාන්තික ලෙස විනෝදාස්වාදය පසුපස හඹා යෑම සඳහා ගත කරන කාලය අඩු කිරීමෙන් “වඩා වැදගත් දේවල් ” සඳහා අපට වැඩි කාලයක් තිබෙනු ඇත. (ෆිලි. 1:9, 10, NW) මෙම වැදගත් දේවලට අපගේ පෞද්ගලික බයිබල් අධ්‍යයනය ඇතුළත්ය. මන්දයත් මෙය අපගේ ආත්මික වර්ධනයට හා යෙහෝවා සමඟ වඩාත් කිට්ටු සබඳතාවකට දායක වන බැවිනි. (ගීතා. 1:1-3)
8. සියලුම මිනිසුන් දෙවි ඉදිරියෙහි සමාන බව ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලි කර ඇත්තේ කෙලෙසද? මෙය අපගේ දේවසේවයට බලපෑ යුත්තේ කෙලෙසද? [6, w02 1/1 5, 7 පි.] ක්‍රියා 17:26හි සඳහන් පරිදි “[දෙවි] එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.” එම නිසා සමාජයේ තරාතිරම හෝ සිටින තත්වය මත කිසිදු අනිසි අනුග්‍රහයක් මැවුම්කරු විසින් පෙන්වා නැත. (යෝබ් 34:19) මරණයේදී සියලුම මනුෂ්‍යයෝ එක සමානය. (ගීතා. 49:10; දේශ. 9:5, 10) යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල පෙන්වන සෑම පුද්ගලයෙකු ඉදිරියේ සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාව විවෘතව තිබේ. (යොහ. 3:16) කිසිදු තරාතිරමක් නොබලා “සියලු ආකාර මිනිසුන්” වෙත ශුභාරංචිය ගෙන ඒමට මෙම කාරණා සියල්ල අපට හේතුවක් විය යුතුයි. (1 තිමෝ. 2:4)
9. මැවුම්කරුට හිමි අද්විතීය නාමය වන යෙහෝවා යන්නෙහි වැදගත්කම කුමක්ද? [7, w02 1/15 5 පි.] දෙවිගේ නාමයෙහි පදගතාර්ථය “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය. ඉන් අදහස් වන්නේ තම අරමුණ ඉටු කිරීමට අවශ්‍ය ඕනෑම තත්වයකට පත් වන්නට ඔහුට හැකි බවය. (නික්. 3:14, NW) යෙහෝවාට හිමි පදවි නාම රාශියෙන් මේ බව පැහැදිලි වේ. (විනි. 11:27; ගීතා. 23:1; 65:2; 73:28; 89:26; යෙසා. 8:13; 30:20, NW; යෙසා. 40:28; 41:14) යෙහෝවා යන නාමය දැරීමට නිසි අයිතිය ඇත්තේ සැබෑ දෙවිට පමණි. මන්දයත් තම අරමුණ සහතිකවම ඉටු කරන්නේ ඔහු පමණක් බැවිනි. (යෙසා. 55:10, 11)
10. ආබෙල්ගේ පූජාව “කායින්ට වඩා වටිනා පූජාවක්” වූයේ කුමක් නිසාද? අපගේ “ප්‍රශංසාව නමැති පූජාව” සම්බන්ධයෙන් අපට මෙයින් උගත හැකි පාඩම කුමක්ද? (හෙබ්‍රෙ. 11:4; 13:15; NW) [8, w02 1/15 21 පි. 6-8 ඡේ.] කායින් සහ ආබෙල් දෙදෙනාම තම පව්කාර ස්වභාවය පිළිගෙන දෙවිගේ අනුමැතිය ලබාගැනීමට ආශා වුවද, ඇදහිල්ලෙන් පොලඹවනු ලැබුවේ ආබෙල්ය. පෙනෙන විදිහට කායින් තමා ඉදිරිපත් කළ පූජාව ගැන එතරම් ගැඹුරින් සිතා නොබැලුවේය. තවද ඔහු දෙවිට එය යාන්ත්‍රිකව ඉදිරිපත් කරන්නට ඇත. දේවසේවයේදී අප ඉදිරිපත් කරන “ප්‍රශංසාව නමැති පූජාව” දෙවි විසින් අගය කරනු ලැබීමට නම්, එය නිකම්ම යුතුකමක් හැටියට ඉදිරිපත් කරන දෙයකට වඩා ප්‍රේමයේ සහ ඇදහිල්ලේ ප්‍රකාශයක් විය යුතුය. (රෝම 10:10)
සතිපතා බයිබල් කියවීම
11. හරි වැරැද්ද පිළිබඳව විකෘති මතයක් දැරීමෙන් වැළකී සිටීමට ලෙවී කථාව 18:3හි සඳහන් දේ අපට උපකාරවත් විය හැක්කේ කෙසේද? (එපී. 4:17-19) (1, w02 2/1 29 පි.) අප ජාතීන් ගමන් කරන්නාක් මෙන් ගමන් නොකළ යුතුය. ඉන් අදහස් වන්නේ හරි වැරැද්ද පිළිබඳ ලෝකයට තිබෙන විකෘති මත හේතුවෙන්, බයිබලය පදනම් කරගෙන අප ගොඩනඟාගෙන ඇති හෘදය සාක්ෂිය දූෂ්‍ය වීමට ඉඩ නොදිය යුතු බවයි.
12. සති මංගල්‍යයේදී (පෙන්තකොස්ත දිනයේදී) උත්තම පූජක විසින් ‘වැනීමේ පූජාවක් ’ ලෙස පිළිගැන්විය යුතු “රොටි දෙකෙන්” නියෝජනය වූයේ මොනවාද? (ලෙවී. 23:15-17, NW) [2, w98 3/1 13 පි. 21 ඡේ.] මුහුන් සහිතව සෑදූ මෙම රොටි දෙක තිරිඟු අස්වැන්නේ නාඹුල් පලවලින් සාදන ලදි. මෙම රොටිවලින් නියෝජනය වන්නේ යේසුස් ‘දෙවි සඳහා මිල දී ගත්’ අසම්පූර්ණ මනුෂ්‍යයන් වූ 1,44,000දෙනාවය. ඔවුන් ‘රාජ්‍යයක්ද පූජකයන්ද වීමටත්,’ ‘පොළොව කෙරෙහි රජකම් කිරීමටත් නියමිතය.’ (එළි. 5:9, 10; 14:1, 3) මෙම ස්වර්ගික පාලකයන් පව්කාර මිනිස් වර්ගයාට අයත් කොටස් දෙකකින්, එනම් යුදෙව්වන්ගෙන් සහ අන්‍යජාතිකයන්ගෙන් පැමිණෙන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මෙම කොටස් දෙක එම මුහුන් සහිතව සෑදූ රොටි දෙකෙන් නියෝජනය විය හැක.
13. ගණන් කථාව 5වන පරිච්ඡේදයේ සඳහන් පරිදි, පරදාර සේවනය නමැති වරදට හසු වී ඇති ස්ත්‍රියකගේ ‘කළවය ක්ෂය වීමෙන්’ අදහස් වන්නේ කුමක්ද? (ගණන්. 5:27) [5, wSN84 7/1 27 පි.] මෙහිදී “කළවය” ප්රජනනේන්ද්රියන් සඳහා භාවිත කරන විකල්ප යෙදුමක් බව පෙනේ. ‘ක්ෂය වීමෙන්’ අදහස් කරන්නේ පිළිසිඳගැනීමක් සිදු විය නොහැකි තරමට එම ඉන්ද්රියයන් දුර්වල වී ඇති බවයි. ස්ත්‍රියක මෙම වරද කර නැත්නම්, ඇගේ ස්වාමිපුරුෂයා මාර්ගයෙන් ඇය දරුවෙකු පිළිසිඳගත යුතු බවට නියෝගයෙන් ඉහත කී අදහස සනාථ වේ.
14. මෝසෙස්ගේ කුෂ් ජාතික භාර්යාව සම්බන්ධයෙන් මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කතා කළේ මන්ද? (ගණන්. 12:1) මිරියාම්ගේ ආශාව වූයේ වැඩිමනත් ප්‍රසිද්ධියක් හා බලතල ලබාගැනීමයි. තමා සමඟ තරඟ වදිනවායයි සිතූ කෙනෙකු සිටීම නිසා ඇයට යම් දුරකට හිමි වූ ප්‍රසිද්ධිය නැති වේය යන්න ගැන ඇය අනවශ්‍ය ලෙස කරදර වන්නට ඇත. මෝසෙස් කුෂ් ජාතික ස්ත්‍රියක හා විවාහ වීම විවේචනය කිරීමට මිරියාම් ආරොන්වද හවුල් කරගත්තාය. ප්‍රතිඵලයක් ලෙස, දෙවි ඉදිරියෙහි මෝසෙස්ට තිබූ අද්විතීය තත්වය ඔවුහු අභියෝගයට ලක් කළෝය. මේ නිසා යෙහෝවා මිරියාම් සහ ආරොන් යන දෙදෙනාටම තදින් අවවාද කළේය. එනමුත් ලාදුරු රෝගයෙන් පහර කෑවේ මිරියාම් පමණි. මින් පෙනී යන්නේ මිරියාම් මේ සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු කරන්නට ඇති බවයි. [7, w02 10/15 29 පි.; wSN84 7/1 27, 28 පි.]
15. “යෙහෝවාගේ යුද්ධ පොත” කුමක් වීද? (ගණන්. 21:14) යෙහෝවාගේ ජනතාව සටන් වැදූ යුද්ධ පිළිබඳ නිවැරදි ඓතිහාසික වාර්තාවක් එහි අන්තර්ගත විය. රජවරුන් සතරදෙනෙකු ලොත් සහ ඔහුගේ පවුල අල්ලාගත් විට ආබ්‍රහම් ඔවුන්ව බේරාගැනීමට සාර්ථකව ගත් ක්‍රියාමාර්ගය එහි මුලින්ම සඳහන් වන්නට ඇත. (උත්. 14:1-16) එමෙන්ම බයිබල් වාර්තාවෙහි සඳහන් වී නැති යුද්ධද එහි වාර්තා වී තිබෙන්නට පුළුවන. [9, cl 64 පි.; w90 7/1 20, 23 පි.; it-1 355 පි.]