නිවේදන
◼ ජූනි මාසයේ පොත් පත් බෙදා දීම: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. තමන් දෙමාපියන් නොවේයයි කියන පුද්ගලයන්ට ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. විවරණිකාව යොදාගන්නා විට, නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීම ගැන අවධානය යොමු කරන්න. ජූලි සහ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: ඇත්තටම දෙවි අප ගැන සලකනවාද? පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට. . . සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? විකල්පයක් වශයෙන්, ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (සිංහලෙන් නැත) යන පොත ඔබට ඉදිරිපත් කළ හැකියි.
◼ පිරිසිදු කිරීම සඳහා ශාඛා කාර්යාලය 2005 මැයි 14දා වසා තබනු ලැබේ. එම දවසේදී බෙතෙල් කාර්යාලයට අමුත්තන් පැමිණීම සඳහා හෝ සභා විසින් පොත් පත් රැගෙන යෑම සඳහා සැලසුම් යොදන්නේ නැත.
◼ රාජ්‍ය ශාලාවේ ආරක්ෂාව තහවුරු කරනු වස්, ගොඩනැඟිල්ලෙන් අවසානයට පිට වන තැනැත්තා දොරවල් හා ගේට්ටු වසා අගුල් දැමිය යුතුයි. එම තැනැත්තාට ගොඩනැඟිල්ලේ දොරවල් හා ගේට්ටුවලට අගුලු දමා යෑමට නොහැකි නම්, ඔහු ඉන් පිටව යෑමට පෙර එසේ කළ හැකි වෙනත් පුද්ගලයෙකුට එය භාර දිය යුතුයි. වැඩිමහල්ලන්, රාජ්‍ය ශාලාවේ යතුරු භාරව සිටින වගකීම් ලත් ප්‍රචාරකයන්ගේ අලුත්ම නම් ලැයිස්තුවක් තබාගත යුතුය.
◼ යෙහෝවාගේ අධිකාරයට ගෞරව කරන්න නමැති වීඩියෝ පටිය පිළිබඳ විවරණයක් අපගේ රාජ්‍ය සේවාවේ සැප්තැම්බර් කලාපය සමඟ ඉදිරිපත් කෙරේ. එම වීඩියෝ පටය ඉංග්‍රීසි බසින් ලබාගත හැකියි. තමන්ගේ ඊළඟ පොත් පත් ඉල්ලුම සමඟ මේවා ඉල්ලුම් කරන ලෙස සියලුම සභාවන්ට මතක් කරනු ලැබේ.
◼ පහත සඳහන් ප්‍රකාශන සියලු භාෂාවලින් ඇණවුම් කිරීම සියලුම සභාවල් පටන්ගත යුතුයි: දිනදර්ශනය 2005 (අයිතම අංක 7205); දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම-2005 (අයිතම අංක 6905); වාර්ෂික පොත 2005 (ඉංග්‍රීසි සහ දෙමළ බසින් පමණි, අයිතම අංක 5905). මෙම ඇණවුම් 2004 ජූලි 10දාට පෙර, ශාඛා කාර්යාලයට ලැබෙන්න සලස්වන්න. මෙම දිනයට පසුව පැමිණෙන ඇණවුම් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. මෙම අයිතම්වලින් අමතර කිසිවක් ශ්‍රී ලංකා ශාඛාවේ නොතිබෙනු ඇති අතර, ජපන් ශාඛාවෙන් මුද්‍රණය කරනු ලබන්නේ මෙම දවසට හෝ ඊට පෙර ඇණවුම් කරන ප්‍රමාණය පමණි. එම නිසා, මෙම අයිතම් නියමිත වේලාවට ඇණවුම් කරන්නේ නැත්නම්, ඒවා සපයනු නොබලන බව කරුණාවෙන් මතක තබාගන්න. සියලුම ප්‍රචාරකයන්ට තම අවශ්‍යතාවන් ලබාගත හැකි වන පරිදි, පොත් පත් අංශයේ සේවකට තම ඇණවුම භාර දෙන්න කියා සියලුම ප්‍රචාරකයන්ට හැකි තරම් වේලාසනින් නිවේදනය කළ යුතුයි. සියලුම ප්‍රචාරකයන්ගේ අවශ්‍යතා සපුරාලීම පිණිස සතිපතා මේ ගැන මතක් කිරීම් කළ හැකියි. මීට අමතරව, සභාවේ ප්‍රචාරකයන් වැඩි වන විට පැනනඟින අනාගතික අවශ්‍යතා මොනවාදැයි දැනගැනීම සඳහා සේවා අවේක්ෂක පොත් පත් සේවක සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. පොත් පත් සේවක සෑම මසකම අවසානයේදී මෙම ඇණවුම් එකතු කොට, එම තොරතුරු පොත් පත් සම්බන්ධීකරණ සහෝදරයාට භාර දිය යුතු අතර, එවිට, ශාඛා කාර්යාලයට යවනු ලබන පොත් පත් ඇණවුම් (S-14) පෝරමයේ මේ තොරතුරු ඇතුළත් කිරීමට ඔහුට හැකියි.
(3වන පිටුවට)
◼ දිනදර්ශනය 2005
◼ දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම 2005
◼ වාර්ෂික පොත 2005
කරුණාකර මෙම අයිතම්වල ඉල්ලුම 2004 ජූලි 10දාට පෙර එවන්න