ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/04 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
2004 අපගේ රාජ්‍ය සේවාව
km 5/04 3 පි.

නිවේදන

◼ මැයි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන අයව නැවත බැලීමට යෑමේදී, සිහි කිරීමට හෝ සභාව විසින් සංවිධානය කරනු ලබන වෙනත් විශේෂ රැස්වීමකට පැමිණෙන නමුත් සංවිධානය සමඟ ක්‍රියාශීලීව ඇසුරු නොකරන අයව බැලීමට යෑමේදී, දෙවිට නමස්කාර කරන්න යන පොත බෙදා දීමට වෑයම් කරන්න. නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය. විශේෂයෙන්ම දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව දැනටමත් පාඩම් කර තිබෙන විට මෙසේ කිරීම සුදුසුය. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. තමන්ට දරුවන් නැතැයි කියා යමෙක් කියයි නම්, ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. විවරණිකාව යොදාගන්නා විට, නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. ජූලි සහ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් ජූනි 1දා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. මෙම විගණනය කළායින් පසුව සභාවේ ඊළඟ වතාවේ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ ජූලි මාසයේ සිට සභාවන් කරා පොත් පත් යවන විට, සභාවක වාර්ෂික පෝරම සැපයුම ලැබෙන පරිදි, ඒවා සභාවන්ට යවනු ලැබේ. පෝරම බෙදා දීම පිළිබඳ උපදෙස්, එවන ලද අසුරනයේ පිටුපස දක්නට ලැබේ. එක් රාජ්‍ය ශාලාවක් සභා කිහිපයක් විසින් පාවිච්චි කරනු ලබන විට, පොත් පත් තොග ලැබුණු වහාම ඒ එක් එක් සභාවන්ට නියමිත පොත් පත් තොගය ලැබෙන බවට පොත් පත් සම්බන්ධීකරණය භාරව සිටින සහෝදරයා වගබලා ගත යුතුය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න