ඔබ සම්බන්ධ වී සිටින අශ්වාරෝහක හමුදා ප්‍රහාරයක්
1, 2. එළිදරව් 9:13-19හි සඳහන් අනාවැකිමය දර්ශනයේ ඉටුවීමට අද දින සිටින දෙවිගේ සේවකයන් සම්බන්ධ වී සිටින්නේ කෙසේද?
1 “හයවන දේවදූතයා තම හොරණෑව පිම්බේය.” ඉන්පසු “විසිදහස් වර දසදහසක්” වූ “අශ්වාරෝහක හමුදා” සේනාවක් මගින් ගිගුරුම්වලට සමාන හඬක් නිකුත් වෙයි. මෙය සාමාන්‍ය හමුදා බලඇණියක් නොවේ. මේ සේනාවේ සිටින “අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස්වලට සමානය.” උන්ගේ කටවල්වලින් ගින්දරද දුම්ද ගෙන්දගම්ද නිකුත් වෙයි. උන්ගේ “වලිග සර්පයින් හා සමානය.” පහර දීමට ඇදී එන මේ සංකේතමය හමුදාව මහත් විනාශයක් සිදු කරයි. (එළි. 9:13-19) මෙම සුවිශේෂ වූ අනාවැකිමය දර්ශනය ඉටුවීමේදී ඔබත් ඊට සම්බන්ධ වී සිටින ආකාරය ඔබ දන්නවාද?
2 අභිෂේක ලත් ඉතිරි කොටස හා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් වන වෙනත් බැටළුවෝ එක්සත්ව දෙවිගේ විනිශ්චයන් ගැන දැනුම් දෙති. මෙහි ප්‍රතිඵලයක් හැටියට ක්‍රිස්තියානි ලෝකයේ පවතින ආත්මික මළ තත්වය සම්පූර්ණයෙන්ම හෙළි කරනු ලැබේ. අපි දැන් මේ අනාවැකිමය දර්ශනයේ අංග දෙකක් සලකා බලමු. මේ අංග දෙක මගින් දෙවිගේ සේවකයන් කරන සේවය අතිශයින් සාර්ථක වීමට බලපා තිබෙන හේතු අවධාරණය කෙරේ.
3. දෙවිගේ පණිවිඩය බලපෑමෙන් යුතුව කතා කිරීමට ඔබට ලැබී තිබෙන්නේ කුමන ආකාරයේ පුහුණුවක්ද?
3 දෙවිගේ පණිවිඩය දැනුම් දීමට පුහුණුව හා මෙවලම් ලැබී ඇත: දිව්‍යාණ්ඩු සේවා පාසැල හා අනිකුත් සභා රැස්වීම් මාර්ගයෙන් මහත් බලපෑමෙන් යුතුව දෙවිගේ පණිවිඩය කතා කිරීමට දෙවිගේ සේවකයන්ව පුහුණු කර තිබේ. යේසුස්ගේ හා ඔහුගේ ගෝලයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ඔවුහු ජනයාව සොයාගත හැකි ඕනෑම තැනක දේශනා කරමින් සුදුස්සන්ව සොයා යති. (මතෙ. 10:11; මාක් 1:16; ලූක් 4:15; ක්‍රියා 20:18-20) බයිබලය මත පදනම් වී තිබෙන මෙම ක්‍රමය මගින් මොන තරම් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවාද!
4. තමන්ගේ සේවය කරගෙන යෑම සඳහා බොහෝ ප්‍රචාරකයන්ට සපයා දී තිබෙන මෙවලම් මොනවාද?
4 දෙවිගෙන් ලැබී තිබෙන පැවරුම වන දේශනා කිරීමේ කාර්යයේ නියැලෙන ක්‍රිස්තියානි දේවසේවකයන් විසින් බයිබල්, පොත් පත්, විවරණිකා හා සඟරා බිලියන ගණනක් බෙදාහැර තිබේ. විවිධාකාර විෂයන් ගණනාවක තොරතුරු ඇතුළත් කරමින් විවිධ පසුබිම්වල සිටින ජනයාගේ සිත්ගන්න ක්‍රම යොදාගනිමින් එම ප්‍රකාශන භාෂා 400කට ආසන්න ගණනකින් සපයා තිබේ. මේ මෙවලම් ඔබ ඵලදායක ලෙස යොදාගනිමින් සිටිනවාද?
5, 6. යෙහෝවාගේ සෙනඟට ස්වර්ගයෙන් සහය ලැබෙන බව පෙනී යන්නේ කුමකින්ද?
5 ස්වර්ගයෙන් ලැබෙන මඟ පෙන්වීම හා සහයෝගය: පහර දීමට වේගයෙන් ඇදී එන සංකේතමය අශ්වාරෝහක හමුදාව මගින් නියෝජනය කරනු ලබන කාර්යයට දෙවිගේ අනුබලය ලැබී තිබෙන බව එම අනාවැකිමය දර්ශනයෙන් පැහැදිලි වේ. (එළි. 9:13-15) ලොව පුරා සිදු කෙරෙන දේශනා කිරීමේ කාර්යය කිරීමට හැකි වී තිබෙන්නේ මිනිසුන්ගේ ප්‍රඥාව හෝ බලය නිසා නොව, දෙවිගේ ශුද්ධාත්මය නිසාය. (සෙක. 4:6) යෙහෝවා මේ කාර්යයට මඟ පෙන්වීම ලබා දීම සඳහා දේවදූතයන්ව යොදාගනිමින් සිටියි. (එළි. 14:6) පොළොව මත සිටින ඔහුගේ සාක්ෂිකරුවන් දරන වෑයම්ද උපයෝගි කරගනිමින් යෙහෝවා මොළොක් ගුණැති අයව තමන් වෙතට ඇදගැනීම සඳහා ස්වර්ගයෙන්ද සහය සපයයි.—යොහ. 6:45, 65.
6 දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට මනා පුහුණුවක් ලබා හොඳින් සූදානම්ව සිටින, දේවදූත මඟ පෙන්වීම යටතේ වැඩ කරන, යෙහෝවාගේ සෙනඟව නතර කිරීමට කිසිවකට නොහැකියි. ගරුබිය දනවන මෙම සුවිශේෂී අනාවැකිමය දර්ශනයේ ඉටුවීමේදී අපට හිමි කොටස දිගටම කරමු.