ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/03 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
2003 අපගේ රාජ්‍ය සේවාව
km 9/03 3 පි.

නිවේදන

◼ සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! උනන්දුවක් දක්වයි නම්, ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා විශේෂ ප්‍රයත්නයක් දරන්න. නොවැම්බර්: දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. ගෙවැසියා ළඟ මේ පොත් දැනටමත් තිබෙනවා නම්, දෙවිට නමස්කාර කරන්න හෝ වෙනත් පැරණි ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකියි. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. ඉදිරිපත් කළ හැකි වෙනත් ප්‍රකාශනයක් ලෙස, මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක යන පොත් යොදාගැනීමට ඔබට හැකියි.

◼ ශාඛා කාර්යාලයෙන් පෞද්ගලිකව පොත් පත් ඉල්ලුම් කර ලබාගත නොහැක. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම් සමිතියට යවන්න කලින් සෑම මසකම නිවේදනයක් කිරීමට මුලසුන භාර අවේක්ෂක කටයුතු පිළියෙළ කළ යුතුයි. මෙමගින් පෞද්ගලිකව අවශ්‍ය කරන පොත් පත් ලබාගැනීමට වුවමනා කරන සියලුදෙනාටම ඒ බව පොත් පත් අංශය භාර සහෝදරයාට දැනුම් දීමට හැකි වේ. විශේෂ ඉල්ලුම් අයිතමවලට අයත් ප්‍රකාශන මොනවාද කියා කරුණාකර මතක තබාගන්න.

◼ සභා ඇසුරෙන් කපා දමා ඇති හෝ ඇසුරෙන් ඉවත් වී ගොස් ඇති මොනයම් කෙනෙකුව හෝ නැවත පිහිටුවනු ලැබීමට නැඹුරුවාවක් දක්වයි නම්, 1991 ජූලි 1දා මුරටැඹ කලාපයේ 21-3 දක්වා පිටුවල දී ඇති උපදෙස් සලකා බලන ලෙසට වැඩිමහල්ලන්ට සිහිගන්වනු ලැබේ.

◼ වර්ෂ 2004 සිහි කිරීමේ සමය තුළදී විශේෂ ප්‍රසිද්ධ කථාව දෙනු ලැබිය යුත්තේ අප්‍රියෙල් 18වන ඉරිදාය. මෙම කතාවේ විෂය පසුව නිවේදනය කරනු ලැබේ. විශේෂ ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කරන සති අන්තයේ චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හෝ එක්රැස් වීමක් යෙදී තිබෙන සභාවන් මේ කතාව ඉදිරිපත් කළ යුත්තේ ඊළඟ සතියේදීය. කිසිම සභාවක් මෙම විශේෂ ප්‍රසිද්ධ කථාව 2004 අප්‍රියෙල් 18වනදාට කලින් ඉදිරිපත් නොකළ යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න