දෙවිගේ දයාවට කෘතඥතාව පෙන්වන්න
1 ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානියෙකු වීමට කලින් ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දරුණු ලෙස ක්‍රියා කළේය. කෙසේවෙතත් ඔහු නොදන්නාකමින් කටයුතු කළ නිසා ඔහුට දයාව පෙන්වන ලදි. යෙහෝවා පාවුල්ට මහත් සේ කරුණාව පෙන්වමින් දේශනා කිරීම සඳහා ඔහුට පැවරුමක් දුන්නේය. ඔහු එම පැවරුම ඉතා අනර්ඝ කොට සැලකුවේය. (ක්‍රියා 26:9-18; 1 තිමෝ. 1:12-14) තමාට පවරන ලද දේවසේවය ඉටු කිරීම සඳහා තම කාලය හා ශ්‍රමය මුළුමනින්ම යෙදවීමට ඔහු පෙලඹුණේ යෙහෝවා පෙන්වූ දයාව සඳහා කෘතඥතාව පෙන්වීමට ඔහුට තිබූ වුවමනාව නිසයි.—2 කොරි. 12:15.
2 දේවසේවයක් පැවරීමෙන් දෙවි අපටද දයාව පෙන්වා තිබේ. (2 කොරි. 4:1) ආත්මිකව වර්ධනය වීමට අන් අයට උපකාර කිරීම සඳහා අපේ කාලය හා ශ්‍රමය වැය කිරීමෙන් අපට පෙන්වා තිබෙන දයාව සඳහා අපේ ස්තුතිය පෙන්වීමට පාවුල් මෙන් අපටද හැකියි. අපට මෙය කළ හැකි එක් ආකාරයක් වන්නේ බයිබල් පාඩම් පටන්ගෙන ඒවා පැවැත්වීමෙනුයි.
3 බයිබල් පාඩම් පටන්ගැනීම: සඟරා මාර්ගයක් ඇති කරගැනීම බයිබල් පාඩම් පටන්ගත හැකි එක් ආකාරයකි. අපේ සඟරා මාර්ගයට අයත් වන අයව නිතිපතා බැහැදකින්න යෑමෙන් ඔවුන් සැලකිලිමත් වන දේවල් ගැන වඩාත් හොඳින් දැනගත හැකියි. ගෙවැසියාට ලබා දෙන සඟරාවේ ලිපියක් යොදාගනිමින් පසු කලෙක ඕනෑ කරන්නේ විවරණිකාවෙන් බයිබල් පාඩමක් හඳුන්වා දිය හැකියි. ගෙවැසියාව බැහැදකිමින් අලුත් සඟරා ලබා දීමට යන ඊළඟ වතාවලදී ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමින් කලින් වතාවල ආරම්භ කළ සාකච්ඡාවන් දිගටම කරගෙන යා හැකියි.
4 යාච්ඤාව හා වෑයම අවශ්‍යයි: යාච්ඤා කරන අතරේදී ක්‍රියාශීලී ලෙස වෑයම් කිරීමෙන් අපේ දේශනා සේවය තවත් වැඩි වර්ධනය කරගැනීමට අපට හැකි වේ. එක බයිබල් පාඩමක් තිබූ පුරෝගාමි සහෝදරියක් තවත් පාඩම් සොයාගැනීමට උපකාර කරන මෙන් යෙහෝවාට යාච්ඤා කළාය. ඉන්පසු යාච්ඤාවලට එකඟව ඇය ක්‍රියා කරන්නට විය. නැවත බැලීම් කරන විට උනන්දුව දක්වන අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමට තමා ඉදිරිපත් වෙමින් නොසිටි බව ඇයගේ සේවය ගැන ගැඹුරින් කල්පනා කර බලද්දී ඇයට පෙනී ගියාය. මෙය කරන්නට පටන්ගත් ඇයට වැඩි කල් යන්නට කලින් තවත් පාඩම් දෙකක් සොයාගැනීමට හැකි විය.
5 “දෙවිගේ මහත් කරුණාවේ ශුභාරංචිය” අන් අයට ප්‍රකාශ කිරීමේ කාර්යයේ හවුල් වෙන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද! (ක්‍රියා 20:24, NW) දෙවිගේ දයාව වෙනුවෙන් අප තුළ ඇති වන කෘතඥතාවේ හැඟීම් නිසා යෙහෝවාගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා අන් අයට ක්‍රියාශීලීව උපකාර කිරීමට අප පෙලඹෙත්වා!