අපව හඳුන්වා දිය යුත්තේ කෙසේද?
අප ගෙයින් ගෙට ගොස් ජනයාව හමුවීමේ අරමුණ වන්නේ යෙහෝවාගේ නාමය ඔවුන්ට දැනුම් දීමයි. යේසුස් ගැන සාක්ෂි දැරීමයි. රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. (දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු පොතේ 272වන පිටුව බලන්න.) සමහර අවස්ථාවලදී මිනිසුන් අපෙන් මෙසේ ඇසිය හැකියි. “ඔයාලා කවුද?” “ඔයාලා මොන ආගමේද?” මෙවැනි අවස්ථාවලදී දිය හැකි හොඳම පිළිතුර කුමක්ද කියා අප කල්පනා කළ හැකියි. බොහෝ අවස්ථාවලදී අප දෙන පිළිතුරට එම අවස්ථාවේ පවතින තත්වය බෙහෙවින් බලපායි. කෙසේවෙතත්, අප සංවාදය කරගෙන යන අතරතුරේ යම් අවස්ථාවකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපව හඳුන්වා දීම හොඳයි. එවිට අප සාක්ෂි දරන ප්‍රදේශවල සිටින ජනයා අපව වඩාත් හොඳින් දැනගනු ඇත. එමෙන්ම බැටළුගුණැති අයව ‘පියා තමන් වෙතට ඇඳගනු’ ලබන බව අපට නිසැකයි.—යොහ. 6:44, NW.
අපි වොච් ටවර් සමිතියෙන් කියා හෝ ශ්‍රී ලංකාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවෙන් කියා පැවසීම සුදුසු නැත. මෙහි දෙවනුව සඳහන් කළ නම පාවිච්චි කරන්නේ ශාඛා කාර්යාලය විසිනි. අපේ බලප්‍රදේශයේ අප සාක්ෂි දරන විට අප නියෝජනය කරන්නේ අපේ ප්‍රදේශයේ පිහිටි සභාවයි.
ඔබට මෙසේ පැවසිය හැකියි. “අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්. . . . පාරේ පිහිටා තියෙන අපේ රාජ්‍ය ශාලාව ඔබ දැක ඇති. අපිට සෑම . . . [දවස් හා වේලාවන් කියන්න] රැස්වීම් තියෙනවා. අද අපි මේ ප්‍රදේශයේ අයත් එක්ක . . . කාරණය ගැන දිරිගන්වනසුලු අදහස් කිහිපයක් බෙදාගන්නවා.”