යෝග්‍ය ඇඳුම්වලින් දේවභක්තිය ප්‍රකාශ වේ
1. ඉදිරියේදී පැවැත්වෙන දිස්ත්‍රික් සමුළුව සඳහා අපේ අගය පෙන්වීමට අපට හැක්කේ කෙසේද?
1 යෙහෝවාගෙන් ආරාධනා ලැබූ අය වශයෙන් “දෙවිව මහිමවත් කරන්න” නමැති 2003 වසරේ පැවැත්වෙන දිස්ත්‍රික් සමුළුවට යෑමේ වරප්‍රසාදය නොබෝ කලකින් අපට උදා වනු ඇත. මෙම මහත් ආත්මික මංගල්‍යය සඳහා යෙහෝවා අපට ආරාධනා කිරීම ගැන අප ඔහුට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! අප එම මංගල්‍යයට ඇඳ පැළඳ ගෙන යන ආකාරයෙන්, ඔහු කෙරෙහි තිබෙන අපේ භක්තිය හා ඔහු අපට සපයන ආත්මික සැපයුම් සඳහා වූ අපේ ස්තුතිය අපට පෙන්විය හැකියි.—ගීතා. 116:12, 17.
2. අප පිරිසිදුව මෙන්ම පිළිවෙළකට ඇඳ පැළඳ සිටීම වැදගත් වන්නේ මන්ද?
2 පිරිසිදුයි, පිළිවෙළකින් යුක්තයි: පිරිසිදුකම හා පිළිවෙළ අගය කරන අපේ දෙවිගේ ප්‍රමිති අපේ බාහිර පෙනුමෙන්ද පිළිබිඹු විය යුතුයි. (1 කොරි. 14:33; 2 කොරි. 7:1) අපේ ඇඳුම් පැළඳුම්, හිසකෙස් හා නියපොතු පිරිසිදුව තිබිය යුතුයි. එමෙන්ම අප නිසි පිළිවෙළකට සැරසී සිටිය යුතුයි. අපිළිවෙළකට ඇඳීම අද බහුලව දක්නට තිබෙන දෙයකි. කෙසේවෙතත්, නළුවෙකු හෝ නිළියක නැත්නම් ජනප්‍රිය ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක අපිළිවෙළකට ඇඳ සිටි පමණින් ක්‍රිස්තියානියෙකුට එසේ කිරීමට කිසිදු හේතුවක් නැත. අප ජනප්‍රිය විලාසිතා අනුකරණය කරනවා නම් සැබෑ දෙවිට සේවය කරන අය හා නොකරන අය අතරේ වෙනසක් මිනිසුන්ට දැකගැනීමට නොලැබෙනු ඇත.—මලා. 3:18.
3. අපේ බාහිර පෙනුම 1 තිමෝති 2:9, 10හි සඳහන් උපදේශයට අනුකූල වන බවට අපට සහතික විය හැක්කේ කෙසේද?
3 ක්‍රිස්තියානි දේවසේවකයන්ට සුදුසු ඇඳුම්: ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වූ තිමෝතිට ලියූ විට, ඔහු ස්ත්‍රීන්ව දිරිමත් කළේ ‘විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටින්ටත්, යහපත් ක්‍රියා තුළින් දෙවිට භක්තිවන්තව සිටින බව ප්‍රකාශ කරන ස්ත්රීන්ට ඔබින ආකාරයට සැරසී සිටින්ටත්’ කියාය. (1 තිමෝ. 2:9, 10, NW) මනා පිළිවෙළක් ඇතුව ඇඳ පැළඳ සිටින්න නම් කලින් ඒ ගැන හොඳින් සිතා බැලිය යුතුයි. අපේ ඇඳුම් පිළිවෙළකට, පිරිසිදුව හා විනීතව තිබිය යුතු අතර විච්චූර්ණ හෝ කාමුක හැඟීම් අවුස්සන ඒවා නොවිය යුතුයි.—1 පේතෘ. 3:3.
4, 5. ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්‍රීන් සවන් දිය යුත්තේ කුමන උපදෙස්වලටද?
4 ‘කොණ්ඩ මෝස්තරවලින්, රනින්, මුතුවලින් හා ඉතා මිල අධික වස්ත්‍රවලින්’ සැරසෙමින් සීමාව ඉක්මවා යෑම ගැනද පාවුල් උපදෙස් දුන්නේය. (1 තිමෝ. 2:9, NW) ආභරණ පැළඳීමේදී හා බාහිර පෙනුම ගැන සැලකිලිමත් වීමේදී ක්‍රිස්තියානීන් ගත යුතු නැණවත් ක්‍රියා මාර්ගය වන්නේ ඒ දේවල් ගැන සමබර වීමයි.—හිතෝ. 11:2.
5 පාවුල් ක්‍රිස්තියානි ස්ත්රීන්ට දුන් එම උපදේශයේ අන්තර්ගත ප්‍රතිපත්තිය ක්‍රිස්තියානි පුරුෂයන්ටද අදාළ වේ. ලෝකයේ නැඹුරුවාවන් පිළිබිඹු කරන විලාසිතාවලින් සහෝදරයන් වැළකී සිටිය යුතුයි. (1 යොහ. 2:16) උදාහරණයක් හැටියට සමහර රටවල නිසි ප්‍රමාණයට වඩා විශාල ඇඳුම් ඇඳීම ජනප්‍රිය වුවත්, දෙවිගේ සේවකයෙකුට එවන් විලාසිතාවක් සුදුසු නැත.
6. සමුළුවට යන විටත් ආපසු එන විටත් සමුළු භූමියේදීත් සෑම දවසකම සැසිවාරවලින් පසුවත් අප ඇඳ පැළඳගෙන සිටින ආකාරය සම්බන්ධයෙන් උසස් ප්‍රමිතියක් පවත්වාගත යුත්තේ මන්ද?
6 වැඩසටහනින් පසු විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන විට: සමුළුවට යද්දී සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් නිසි පිළිවෙළකට ඇඳ පැළඳ සිටීම සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශයක් තබති. කෙසේවෙතත්, සමුළුවට පැමිණෙන විට හා ආපසු නිවෙස් බලා යන විට හෝ සැසිවාරවලින් පසු විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන විට සමහරුන් ඇඳුම් පැළඳුම් ගැන එතරම් සැලකිල්ලක් නොදැක්විය හැකියි. වැඩසටහන අතරතුර හෝ වේවා වෙනත් වේලාවන්වලදී හෝ වේවා අපේ බාහිර පෙනුම ජනයා දෙවිගේ සෙනඟ කෙරෙහි දක්වන ආකල්පයට බලපායි. අප සමුළු බැජ් කාඩ්පත් පැළඳගෙන සිටින නිසා සෑම අවස්ථාවකදීම සැරසී සිටිය යුත්තේ ක්‍රිස්තියානි දේවසේවකයන්ට ගැළපෙන ලෙසයි. මෙය බොහෝ අවස්ථාවලදී අන් අය අප ගැන ප්රශංසාත්මක මුඛයෙන් කතා කිරීමට හේතු වේ. එමෙන්ම කදිම සාක්ෂියක් දීමටද එය මඟ එළි පෙහෙළි කර දෙයි.—1 කොරි. 10:31-33.
7. අප නිසි පිළිවෙළකට ඇඳ පැළඳ සිටීමෙන් අන් අය කෙරෙහි ඇති විය හැකි බලපෑම කුමක්ද?
7 මිත්‍රශීලී සිනහවකින් අපේ මුහුණේ ප්‍රසන්න ගතියක් ඇති වන්නාක් මෙන්, අප විනීතව හා පිළිවෙළකට ඇඳ පැළඳ සිටීමෙන් අපේ පණිවිඩයත් අප නියෝජනය කරන සංවිධානයත් ගෞරවයට පත් වේ. මේ අවුරුද්දේ පවත්වනු ලබන “දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුව පැවැත්වෙන දවස්වලදී අපව දකින ඇතමුන් අප වෙනස් සෙනඟක් වීමට හේතු සොයා බැලිය හැකියි. පසු අවස්ථාවකදී ඔවුන් මෙසේ පැවසීමටද ඉඩ තිබේ. “අපි නුඹලා සමඟ යන්නෙමු. මක්නිසාද දෙවි නුඹලා සමඟ සිටින බව අප විසින් අසා [දැක] තිබේ.” (සෙක. 8:23) අපි එක් එක්කෙනා ඇඳ පැළඳගෙන සිටින ආකාරයෙන් යෙහෝවා කෙරෙහි අපේ භක්තිය විදහා පෙන්වමු.
[Box on page 5]
ගෞරවාන්විත ලෙස සැරසී සිටින්න
▪ ගමන් කරන විට
▪ සමුළුවේදී
▪ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන විට