දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2003 අප්‍රියෙල් 28වනදා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2003 මාර්තු 3වනදා සිට අප්‍රියෙල් 28වනදා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොත 36-7 දක්වා පිටු බලන්න.]
කථික ගුණාංග
1. චතුරබවේ ඌනතාවට දායක විය හැකි සාධක මොනවාද? [be 93 පි.]
2. හරිද වැරදිද: විරාම යෙදීමෙන් වැළකී සිටිය යුත්තේ එසේ කිරීමෙන් මිනිසුන්ගේ සිත් එහෙ මෙහෙ දුවන්නට ඉඩ සැලසෙන නිසාත් ඉන් කතාවට බාධා ඇති වන නිසාත්ය. පැහැදිලි කරන්න.
3. කථිකයෙකු හෝ ප්‍රසිද්ධ කියවන්නෙකු අර්ථය නිසි ලෙස කාවැද්දීම කොතරම් වැදගත්ද? (නෙහෙ. 8:8) [be 101 පි.]
4. යමෙකුට අර්ථය නිසි ලෙස කාවැද්දීමේ හැකියාව ප්‍රගුණ කරගත හැක්කේ කෙලෙසද? [be 102-3 පි.]
5. බයිබල් පාඩමකදී හෝ සභා රැස්වීමකදී ප්රකාශනයකින් ශබ්ද නඟා කියවන විට අවධාරණය කළ යුතු ප්‍රධාන අදහස් මොනවාද? [be 105 පි.]
පැවරුම් අංක 1
6. ක්‍රිස්තියානි රැස්වීම්වලදී ‘අසා ඉගෙනගන්නා’ පිණිස තම දරුවන්ව පුහුණු කිරීම සඳහා දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද? (ද්වි. 31:12) [be 16 පි.]
7. ආත්මික පාරාදීසය යනු කුමක්ද? [w01 3/1 8-10 පි.]
8. දිව්‍ය ප්‍රඥාව සැමට බහුලව ලබාගත හැකි බව හිතෝපදේශ 8:1-3හි පෙන්නුම් කරන්නේ කෙසේද? තවද කොලොස්සි 2:3ට අනුව එය ලබාගත හැක්කේ කොහෙන්ද? [w01 3/15 25, 28 පි.]
9. අපට දෙවිගේ නාමය ප්‍රකාශ කළ හැක්කේ කෙසේද? (යොහ. 17:6) [be 273-5 පි.]
10. ‘රාජ්‍යයේ ශුභාරංචිය’ සම්බන්ධයෙන් ජනයා දැනගත යුතු වැදගත් තොරතුරු මොනවාද? (මතෙ. 24:14) [be 279-80 පි.]
සතිපතා බයිබල් කියවීම
11. (අ) මුල් සියවසේදී මාක් 13:14හි සඳහන් “පිළිකුල” කුමක් වීද? (ආ) එය “නොතිබිය යුතු තැනක තිබෙනවා” [NW] කීමෙන් අදහස් වූයේ කුමක්ද?
12. යේසුස් දාවිත්ගේ සිංහාසනයට ජන්මයෙන්ම උරුමකම් කී කෙනෙකු බව ලූක්ගේ සුවිශේෂයෙන් සනාථ වන්නේ කෙසේද? (ලූක් 3:23-38) [w92 10/1 9 පි. 3 ඡේ.]
13. ලූක් 12:2හි වාර්තා වී ඇති යේසුස්ගේ ප්‍රකාශයෙන් අර්ථවත් වූයේ කුමක්ද?
14. නැති වූ ඩ්‍රැක්මා කාසිය පිළිබඳ යේසුස්ගේ උපමාවේදී දේවදූතයන් ප්‍රතිචාර දැක්වූ ආකාරය සුවිශේෂ වන්නේ මන්ද? (ලූක් 15:10) ඔවුන්ගේ ආදර්ශය අපට බලපෑ යුත්තේ කෙසේද?
15. ලූක් 22:29හි [NW] සඳහන් ගිවිසුම් දෙක මොනවාද?