නිවේදන
◼ පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: යෙහෝවාට ළං වන්න. මෙම පොත තම පොත් ගබඩාවේ නැති සභාවන්ට මැවුම්කරු පොත හෝ එළිදරව්ව උච්චාවස්ථාව පොත විකල්පයක් හැටියට ඉදිරිපත් කළ හැකියි. මාර්තු: නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ ප්‍රයත්නයක් දරමින් දැනුම පොත ඉදිරිපත් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන පුද්ගලයන්ව නැවත බැලීමට යන විට එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න පොත බෙදා දීම වෙත අවධානය යොමු කරන්න. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ දිව්‍යාණ්ඩුමය රැස්වීම්වලට පැමිණියත් සභාව සමඟ තවම ක්‍රියාශීලී ලෙස ඇසුරු නොකරන අය උනන්දුව දක්වන අයට ඇතුළත් විය හැකියි. යම් පුද්ගලයන් දැනටමත් දැනුම පොත සහ ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබේ නම් මෙම පොතෙන් නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට සෑම උත්සාහයක්ම දැරිය යුතුයි.
◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් මාර්තු 1වනදා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න. ලෝක ව්‍යාප්ත සේවය සඳහා හෝ සංවිධානයේ වෙනත් කාර්යයන් සඳහා සභාවෙන් කර තිබෙන සම්මාදම් වෙනුවෙන් සමිතිය ස්තුතිය ප්‍රකාශ කර තිබේ නම් එය සභාවට දන්වන්න.
◼ ලේකම් සහ සේවා අවේක්ෂක සියලුම ස්ථාවර පුරෝගාමීන්ගේ සේවා ක්‍රියාකාරකම් සලකා බැලිය යුතුයි. පැය අවශ්‍යතාව සපුරාලීමට යමෙකුට අමාරු නම් වැඩිමහල්ලන් එවැනි අයට උපකාර කිරීම සඳහා සැලසුම් යෙදිය යුතුයි. මේ සම්බන්ධ යෝජනා සඳහා S-201 නමැති වාර්ෂික ලිපි බලන්න. එමෙන්ම වර්ෂ 1986 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වූ අතිරේකයේ 12-20 දක්වා ඡේදත් බලන්න.
◼ වසර 2003 සිහි කිරීම පවත්වනු ලබන කාලයේ ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාවේ තේමාව “බබිලෝනියේ විනිශ්චය පැය පැමිණ තිබේද?” යන්නයි. මීට අදාළ වෙනත් නිවේදන සඳහා 2002 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාව බලන්න.
◼ දායක මගින් පෞද්ගලිකව තැපෑලෙන් සඟරා ලබාගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක නොවන නිසා මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල අලුත්ම කලාප ලැබුණු විගසම ඒවා මුදාහැරීම වැදගත්. මෙමගින් ප්‍රචාරකයන්ට එම සඟරාවල පෞද්ගලික පිටපත් ලබාගෙන ඒවා ක්ෂේත්‍ර සේවයේදී ඉදිරිපත් කිරීමට කලින් ඒවායේ තිබෙන තොරතුරු හොඳින් දැනගැනීමට අවස්ථාව ලැබේ.