අවසානය ළං වෙද්දී හොඳ සිහිකල්පනාවෙන් සිටින්න
1 යෙහෝවාගේ දවස ‘සොරෙකු මෙන්’ හදිසියේ, ක්ෂණිකව, නොසිතූ විරූ ලෙස පැමිණෙන දවසක් ලෙස දේවවචනයේ පුන පුනා විස්තර කර ඇත. (1 තෙස. 5:2; මතෙ. 24:43; 2 පේතෘ. 3:10; එළි. 3:3; 16:14අ, 15) මේ නිසා “ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන්නේය” කියා යේසුස් පැවසුවේය. (මතෙ. 24:44, NW) අවසානය ළං වෙද්දී අපට දිගටම ආත්මිකව අවදිව සිටිය හැක්කේ කෙසේද? දේවානුභාවයෙන් ලියවී තිබෙන මෙම උපදේශයේ මේ සඳහා අවශ්‍ය කරන ප්‍රධාන දෙයක් ගැන මෙසේ සඳහන් වේ. ‘හොඳ සිහිකල්පනාවෙන් යුක්තව සිටින්න.’—1 පේතෘ. 4:7, NW.
2 යෙහෝවා දේවල් දෙස බලන ආකාරයට දේවල් දෙස බැලීම හොඳ සිහිකල්පනාවෙන් යුක්තව සිටීමට අයත් දෙයකි. (එපී. 5:17) වත්මන් සමාජ ක්රමයේ සිටින “විදේශීන් සහ තාවකාලික පදිංචිකරුවන්” ලෙස අපව සැලකීමට එම දෘෂ්ටිය අපට උපකාරවත් වෙයි. (1 පේතෘ. 2:11) තවද යෙහෝවාගේ දෘෂ්ටිය ඇතුව සිටීමෙන්, ඇත්තටම වැදගත් දේවල් මොනවාද කියා තේරුම්ගැනීමටත් ප්‍රමුඛතා සකස් කරගැනීමටත් නැණවත් තීරණ ගැනීමටත් අපට හැකියි.—පිලි. 1:10, NW.
3 ආත්මික ඉලක්ක තබාගන්න: හොඳ සිහිකල්පනාවෙන් සිටීමට අපට උපකාරවත් වන දෙයක් වන්නේ ආත්මික ඉලක්ක තබාගෙන, ඒවා අත් කරගැනීමට වෑයම් කිරීමයි. ඔබ දැන් එසේ කරමින් සිටිනවාද? දිනපතා බයිබලය කියවීමට, සියලුම ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට, මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල සෑම කලාපයක්ම කියවීමට හා ඇතැම්විට දේවසේවය සඳහා ඔබ යොදවන කාලය වැඩි කිරීමට ඔබ වෑයම් කරමින් සිටිනවාද? ඔබට ගැළපෙන ඉලක්ක ඔබ තබාගෙන සිටිනවා නම්, අධිෂ්ඨානපූර්වකව ඒවා දිගටම ලුහුබඳින්න. ඒ සඳහා ඔබ දරන වෑයම්වලට ආශීර්වාද කරන්න කියා යෙහෝවාගෙන් ඉල්ලන්න. මෙසේ කිරීමෙන් ලබන ප්‍රතිඵල ගැන ඔබ පුදුම වේවි.
4 ඔවුන් තබා තිබෙන ආත්මික ඉලක්ක මොනවාද කියා වැඩිමහල්ලෙක් තරුණ යුවළකගෙන් ඇසුවේය. තමන්ගේ ජීවිතය සරල කරගෙන, තමන්ට බරක් වී තිබෙන ණයතුරුස් ගෙවා දැම්මොත් පුරෝගාමී සේවය කරන්න පුළුවන් බව තේරුම්ගැනීමට, වැඩිමහල්ලා ඇසූ එම ප්රශ්නය ඔවුන්ට උපකාරවත් විය. එම ඉලක්කය අත් කරගැනීමට ඔවුන් දෙදෙනා තීරණය කළහ. ඔවුහු උත්සාහවන්තව ණය ගෙවා දැමූ අතර තමන්ගේ කාලය හා ශ්‍රමය අපතේ යවන අනවශ්‍ය දේවල් අඩු කරගත හැකි ක්‍රමද සොයාගත්හ. හරියටම අවුරුද්දකට පසු ඔවුන්ගේ ඉලක්කය අත් කරගැනීමට ඔවුන්ට හැකි විය. ලැබුණු ප්‍රතිඵල මොනවාද? ස්වාමිපුරුෂයා මෙසේ පවසයි. “අපි ඉලක්ක තබාගත්තේ නැත්නම් අද අපි ඉන්න තත්වයේ ඉන්න අපට ලැබෙන්නේ නැහැ. අපි වෙනදාට වඩා සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඒ දවස්වලට වඩා බොහොම සාමකාමී හා යහපත් ජීවිතයක් අද අපි භුක්ති විඳිනවා. අපේ ජීවිතවලට සැබෑ අරුතක් හා අරමුණක් දැන් ලැබිලා තියෙනවා.”
5 යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටින අතරේදී හොඳ සිහිකල්පනාවෙන් යුක්තව ජීවත් වීමෙන් හා දෙවිගේ කැමැත්ත කිරීමට දිගටම මුල් තැන දීමෙන් දිගටම ආත්මිකව අවදිව සිටීමේ ආකල්පය පවත්වාගනිමු.—තීත. 2:11-13.