නිවේදන
◼ සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව දී බයිබල් පාඩමක් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. නොවැම්බර්: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. දැනටමත් මේ ප්‍රකාශන ජනයා ළඟ තිබෙනවා නම්, පැරණි ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකියි. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. විකල්ප ඉදිරිපත් කිරීමක් හැටියට මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්න ඔබට හැක යොදාගත හැකියි.
◼ යළි පිහිටුවනු ලබනවාට කැමැත්තක් දැක්විය හැකි සභා ඇසුරෙන් කපාහැර සිටින අය හෝ සභා ඇසුරෙන් ඉවත් වූ අය සම්බන්ධයෙන් 1991 ජූලි 1 මුරටැඹ සඟරාවේ 21-3 දක්වා පිටුවල සඳහන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට වැඩිමහල්ලන්ට මෙයින් මතක් කරනු ලැබේ.
◼ පොත් පත් සඳහා ප්‍රචාරකයන්ගේ පෞද්ගලික ඇණවුම් සමිතිය සපුරාලන්නේ නැත. සභාවේ මාසික පොත් පත් ඇණවුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීම සඳහා මුලසුනභාර අවේක්ෂක කටයුතු කළ යුතුයි. මෙසේ කිරීමෙන් තමන්ට පෞද්ගලිකව අවශ්‍ය පොත් පත් ලබාගන්න කැමති සියල්ලන්ටම, ඒ බව පොත් අංශයට දැනුම් දිය හැකියි. කරුණාකර විශේෂ ඉල්ලුම් අයිතම සේ සැලකෙන ප්‍රකාශන මොනවාද කියා මතක තබාගන්න.
◼ 2002 සැප්තැම්බර් 1 කලාපයේ පටන් මුරටැඹ හෙයිටි ක්‍රියොල් භාෂාවෙන් ලබාගත හැකියි.
◼ 2002 සැප්තැම්බර් 1 කලාපයේ පටන් අමෙරිකානු සංඥා භාෂාවෙන් මුරටැඹ සඟරාවේ මාසික සංස්කරණ වීඩියෝ පට ලෙස ලබාගත හැකියි.
◼ 2002 සැප්තැම්බර් 8 කලාපයේ පටන් පිබිදෙව්! සඟරාවේ අර්ධ මාසික සංස්කරණය කොරියානු භාෂාවෙන් ශ්‍රව්‍ය කැසට් පටවලින් ලබාගත හැකියි.
◼ යෙහෝවාට අප කරන නමස්කාරය සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී සභාවන්ට හා ප්‍රචාරකයන්ට පෞද්ගලික මට්ටමින් නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. ශුභාරංචිය රැකගැනීම හා නීත්‍යනුකූල ලෙස පිහිටුවීම (සිංහලෙන් නැත) නමැති පොත් පිංචය 1950දී ප්‍රකාශයට පත් කළේ මේ කාරණා සම්බන්ධයෙන් උපකාර කිරීම සඳහාය. අතීතයේදී මේ පොත් පිංචය භාවිත කළත් එහි අඩංගු නීතිමය කරුණු තවදුරටත් අද කාලයට ගැළපෙන්නේ නැත. මේ නිසා මේ පොත් පිංචයේ සඳහන් කරුණු පදනම් කරගනිමින් නීතිමය කාරණා හැසිරවීමට ප්‍රචාරකයන් හා වැඩිමහල් මණ්ඩල උත්සාහ නොකළ යුතුයි.
◼ 2003 සිහි කිරීම පවත්වන කාලයේ ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාව අප්‍රියෙල් 27වන ඉරිදා ඉදිරිපත් කිරීමට නියමිතයි. කතාවේ විෂය සහ දළ සටහනක් ගැන විස්තර පසුව දැනුම් දෙනු ලැබේ. විශේෂ ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කරන සති අන්තයේ චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හෝ එක්රැස්වීමක් තිබෙන සභාවන් මේ කතාව ඉදිරිපත් කළ යුත්තේ ඊළඟ සතියේදීය. කිසිම සභාවක් මෙම විශේෂ ප්‍රසිද්ධ කථාව 2003 අප්‍රියෙල් 27වනදාට කලින් ඉදිරිපත් නොකළ යුතුයි.
◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:
ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැත්නම් මැවීමෙන්ද? (කුඩා ප්‍රමාණය) —දෙමළ