සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූලි 1
“මිලියන ගණනක් මිනිස්සු තම නමස්කාරයේදී රූප හෝ අයිකොන් චිත්ර භාවිත කරනවා. මිලියන ගණනකින් යුත් තවත් කොට්ඨාසයක් සිතන්නේ එහෙම කරන එක වැරදියි කියලා. මේ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩ දෙන්න. ඊළඟට යොහන් 4:24 කියවන්න.] අයිකොන් චිත්ර භාවිතය ආරම්භ වූ ආකාරය මෙම ලිපි මාලාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම රූප නමස්කාරය ගැන බයිබලයේ සඳහන් දේද පැහැදිලි කරලා තියෙනවා.”
පිබිදෙව්! ජූලි 8
“අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලයක් පැමිණෙන බව බයිබලයේ පුරෝකථනය කරනවා. [2 තිමෝති 3:1, 3 කියවන්න.] ලොව පුරාම අපරාධ ශීඝ්ර ලෙස වැඩි වී ඇති ආකාරයෙන් මෙය හොඳටම පැහැදිලියි. අපට පොලිසියත් හිටියේ නැත්නම් තත්වය කොච්චර දරුණු අතට හැරේවිද! ලොව පුරා පොලිසියට මුහුණ දෙන්න තියෙන අභියෝගයන් ගැන මෙම පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරනවා.”
මුරටැඹ ජූලි 15
“දුෂ්ට මිනිස්සු නිරයේ නැත්නම් අපායක දඬුවම් ලබනවා කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] පාපයට ලැබෙන දඬුවම මොකක්ද කියලා බයිබලයේ පැහැදිලිව පෙන්වනවා. [රෝම 6:23අ කියවන්න.] එහෙම නම්, නිරය වධ වේදනා විඳීමට සිදු වන ගිනිමය ස්ථානයක්ද? එහෙම නැත්නම්, දෙවිගෙන් දුරස්ව සිටින බවට අඟවන සලකුණක්ද? මෙම ප්රශ්නවලට බයිබලයේ සඳහන් පිළිතුරු මෙම සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ජූලි 8
“මිහිපිට ඉන්න සෑම දෙනාටම සැබෑ නිදහසක් ලැබෙයි කියලා ඔබ හිතනවද? [ප්රතිචාරයට ඉඩහරින්න.] දෙවිගේ මෙම ලස්සන පොරොන්දුව ගැන ඔබ මොනවද හිතන්නේ? [රෝම 8:20ආ, 21අ කියවන්න.] ඒ පොරොන්දුව සැබෑ වෙන්න නම්, සෑම ආකාරයකින්ම වහල්භාවය නිම වෙන්න ඕනේ. එහෙම නේද? මෙම පිබිදෙව්! සඟරාවේ ඒ සියල්ල සැබෑ වන ආකාරය පෙන්වා දෙනවා.”