නිවේදන
◼ ජූලි සහ අගෝස්තු මාසවලදී ඉදිරිපත් කරන පොත් පත්: පහත සඳහන් පිටු 32කින් යුත් ඕනෑම විවරණිකාවක්. ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට. යෝග්‍ය අවස්ථාවලදී සියලුම ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද?, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද?, යුද්ධයෙන් තොර ලොවක් කවදා හෝ පවතීද? (ඉංග්‍රීසියෙන්) නමැති විවරණිකා ඉදිරිපත් කළ හැකියි. සැප්තැම්බර්: එළිදරව්ව—එහි උච්චාවස්ථාව අත ළඟය! ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව දී බයිබල් පාඩමක් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න.
◼ වර්ෂ 2002 සැප්තැම්බර් 16න් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩමේදී අපි පාඩම් කරන්නේ යෙසායාගේ අනාවැකිය—සියලුම මනුෂ්‍යවර්ගයා සඳහා පහන II නමැති පොතයි.
◼ සැප්තැම්බර් මාසයේ පටන් චාරිකා අවේක්ෂයන් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කතාවේ මාතෘකාව මෙයයි. “ඔබේ ක්‍රිස්තියානි අනන්‍යතාව රැකගන්න!”
◼ හිරි මොටු භාෂාවෙන් අර්ධ මාසිකව පළ වූ මුරටැඹ දැන් පළ වන්නේ මාසිකවයි.
◼ කිරුන්ඩි භාෂාවෙන් මාසිකව පළ වූ මුරටැඹ දැන් අර්ධ මාසිකව පළ වේ.
◼ මුරටැඹ දැන් අසමීස් හා මිසෝ යන භාෂාවලින් මාසිකව ලබාගත හැකියි.
◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:
ඔබට අමරණීය ආත්මයක් තිබේද? (පත්‍රිකා අංක 25) —දෙමළ
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ කුමක්ද? (පත්‍රිකා අංක 14) —දෙමළ
◼ අලුතින් ලබාගත හැකි ශ්‍රව්‍ය කැසට් පට:
සතුටින් පිරි ජීවිතයකට මඟ —ඉංග්‍රීසි
iමගේ බයිබල් කතන්දර පොත (csmy) —ඉංග්‍රීසි
යෙහෝවාගේ අධිකාරයට ගෞරව කරමු (csru) —ඉංග්‍රීසි