නොමසුරුව වපුරා නොමසුරුව කපාගන්න
1 දේවවචනයේ සඳහන් අපේ හද බැඳගෙන තිබෙන පොරොන්දු ඉටු වෙන දවස දෙස අප බලා සිටින්නේ මහත් ආශාවෙනුයි. යෙහෝවා දැන් පවා බොහෝ ආශීර්වාද අපට ලබා දෙන අතර, ඒවා අපේ ජීවිතයේ සතුට දෙගුණ තෙගුණ කරයි. කෙසේවෙතත් අප පෞද්ගලිකව ආශීර්වාද අද්දකින්නේ කොතෙක් දුරටද යන්න බොහෝදුරට රඳා පවතින්නේ අපි දරන වෑයම් මතයි. ප්‍රේරිත පාවුල් සඳහන් කළ පරිදි “නොමසුරුව වපුරන්නා නොමසුරුව [කපාගනියි].” (2 කොරි. 9:6) මේ ප්‍රතිපත්තිය අදාළ කරගත හැකි පැති දෙකක් ගැන සලකා බලමු.
2 අපේ පෞද්ගලික දේවසේවය: සාක්ෂියක් දැරීම සඳහා උදා වෙන සෑම ප්රස්තාවකදීම මිනිසුන් සමඟ ශුභාරංචිය බෙදාගන්නවා නම්, එහි ප්‍රතිඵලයක් හැටියට බොහෝ ආශීර්වාද ලබන්න පුළුවන්. (හිතෝ. 3:27, 28) හුඟදෙනෙක් උපකාරික හෝ ස්ථාවර පුරෝගාමී සේවය ඇතුළුව වෙනත් ආකාරවලින් තමන්ගේ දේවසේවය පුළුල් කරගනිමින් නොමසුරුව වපුරමින් සිටීම ප්‍රශංසනීයයි. අපි සෑම කෙනෙකුටම නොමසුරුව වපුරන්න පුළුවන් එක් ආකාරයක් වන්නේ අපට හමු වූ උනන්දුව දැක්වූ අයගේ උනන්දුව පුබුදුවාලීමේ අරමුණින් ඔවුන්ව නැවත බැලීමට යෑමයි. එමෙන්ම සුදුසු අවස්ථාවක් පැමිණෙන ඕනෑම මොහොතක බයිබල් පාඩමක් කිරීමට ආරාධානා කිරීමද ඊට අයත් වෙයි.(රෝම 12:11) මෙසේ වැපිරීම සඳහා අපි හැකි සෑම උත්සාහයක්ම දරනවා නම් අප කරන දේවසේවයෙන් මහත් ප්‍රීතියක් හා දිරිගන්වනසුලු අද්දැකීම් ලබන්න පුළුවන්.
3 රාජ්‍ය කටයුතුවලට සහයෝගය දෙන්න: ‘නොමසුරුව වපුරන්න’ කියා පාවුල් පැවසුවේ ද්‍රව්‍යමය ලෙස දේවල් දීම ගැන කතා කරමින් සිටි අවස්ථාවේදීයි. (2 කොරි. 9:6, 7, 11, 13) අදදින රාජ්‍ය කටයුතුවලට සහයෝගය දැක්වීම සඳහා අපේ ශ්‍රමය වැය කිරීමෙන් හා ද්‍රව්‍යමය දේවල් දීමෙන් කළ හැකි දේවල් බොහෝයි. රාජ්‍ය ශාලා හා එක්රැස්වීම් ශාලා ඉදි කිරීම සඳහා සහය වෙන්න අපට පුළුවන්. මේ ස්ථාන සැබෑ නමස්කාරයට උචිත ලෙස පවත්වාගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතුවලට කැමැත්තෙන්ම ඉදිරිපත් වීමටත් අපට හැකියි. මීට අමතරව අපිට පුළුවන්, සභාවේ වියදම් පියවාගැනීම සඳහාත් ලොව පුරා සිදු කෙරෙන රාජ්‍ය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යය සඳහාත් මුදල් සම්මාදම් කරන්න. දෙවි පවරා තිබෙන මේ කාර්යයේදී අපි එක් එක්කෙනා අපේ කොටස කරද්දී එයට යෙහෝවා නොමසුරු ලෙස ආශීර්වාද කරනවා දැකීමෙන් අද්දකින ප්‍රීතිය මොනතරම්ද!—මලා. 3:10; ලූක් 6:38.
4 “යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගිවන්තව, බෙදා දීමට ලැදිව සිටින්ටත්” කියා දේවවචනය අපට උපදෙස් දෙයි. අප මේ උපදේශයට කීකරු වන විට අපි මහත් ආශීර්වාද මේ කාලයේදී අද්දකිමු. මේ අතරම අපි “සැබවින් ජීවනය වූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක්” දමාගනිමින් සිටිමු.—1 තිමෝ 6:18, 19.