ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/02 5 පි.
  • දායක වෙනුවට සඟරා මාර්ග

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දායක වෙනුවට සඟරා මාර්ග
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
2002 අපගේ රාජ්‍ය සේවාව
km 5/02 5 පි.

දායක වෙනුවට සඟරා මාර්ග

දැනට තමන්ට ලැබෙමින් තිබෙන දායකවල කාලය ඉකුත් වූ පසු තවදුරටත් දායක මාර්ගයෙන් සඟරා නොලැබෙන බව මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල දායකයන්ට දැන්විය යුතුයි. සභාවට ලැබෙන සඟරා සැපයුමෙන් ඉදිරි මාසවලදී තමන්ට අවශ්‍ය සඟරා ලබාගන්න හුඟදෙනෙක් කැමති විය හැකියි.

රාජ්‍ය ශාලාවට පැමිණෙන අයට එසේ සභාවෙන් සඟරා ලබාගැනීම පහසු වුණත් එසේ නොපැමිණෙන උනන්දුව දක්වන අයට සඟරා ලබාගැනීම අමාරු විය හැකියි. මේ අයට සඟරා ලබාගන්න පුළුවන් කොහොමද? අපි ඔවුන්ව පෞද්ගලිකව හමු වී සඟරා ලබා දීම අවශ්‍යයි! සමහරවිට බයිබල් පාඩමක් පටන්ගැනීමට එමගින් අවස්ථාවක් අපට උදා විය හැකියි.—මතෙ. 10:⁠11.

අවශ්‍ය වෙනස්කම් කිරීම සඳහා වැඩිමහල්ලන් තම සභාවේ දායකයන්ගේ ලැයිස්තුවක් සකස් කර, ඔවුන්ට සඟරා ලබා දීම ප්‍රචාරකයන්ට පැවරිය යුතුයි. මුල් හමුවීමේදී ප්‍රචාරකයාට පුළුවන් අලුත් සැලැස්ම ගැන දායකයාට පැහැදිලි කරන්න. සෑම කලාපයක්ම ගෙනැවිත් දෙන්න තමන් සතුටු බව දායකයාට පවසන්න. මේ ආකාරයට ඔහුට හෝ ඇයට සඟරා දීමෙන් සඟරා මාර්ගයක් ඇති කරගන්න පුළුවන්.

◼සඟරා මාර්ගයක් කියන්නේ කුමක්ද?

මෙහිදී කෙරෙන්නේ ප්‍රචාරකයෙක් සඟරාවල සෑම කලාපයක්ම ලබාගැනීමට කැමති පුද්ගලයන්ව හමු වී ඔවුන්ට සඟරා දීමයි. සඟරා ලබාගැනීමට කැමති පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සෑම ප්‍රචාරකයෙකුම සාදාගෙන, අඩුම තරමින් මාසයකට සැරයක්වත් ගොස් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල අලුත්ම කලාප ඔවුන්ට ලබා දිය යුතුයි. මේ විදිහට කරනවා නම් කිසිම කලාපයක් කිසිම කෙනෙකුට නොලැබී යන්නේ නැහැ. සඟරා ලබාගන්න පුද්ගලයෙකුව හමු වෙන සෑම වතාවක්ම නැවත බැලීමක් හැටියට වාර්තා කරන්න පුළුවන්. එසේ හමුවීමෙන් ඒ තැනැත්තාගේ උනන්දුව තවත් වර්ධනය කරන්නද අවස්ථාවක් ලැබෙනවා. අපේ සඟරා මාර්ගයට අයත් අයව හමු වී ඔවුන්ට සඟරා ලබා දෙද්දී රාජ්‍ය පණිවිඩය ගැන කතා කිරීම සඳහා බයිබලය පාවිච්චි කිරීමට සැමවිටම සූදානම් වී සිටින්න පුළුවන්. යෙහෝවා ගැනත් ඔහුගේ පුත්‍රයා ගැනත් වඩාත් හොඳින් දැනගන්න ජනයාට උපකාර කිරීමට සෑදී පැහැදී සිටින්න. (මතෙ. 22:​37, 38) මේ සඳහා පෞද්ගලිකව දේවල් හොඳින් සූදානම් කිරීම හා සෑම කලාපයක්ම බෙදාහැරීමට හැකි සෑම උත්සාහයක්ම දැරීම අවශ්‍යයි. එසේ වුණත් සඟරා මාර්ග ඇති කරගැනීම ඵලදායක බවත් එයින් ප්‍රීතිය ලබන්න පුළුවන් බවත් ඔබ තේරුම්ගනීවි.—ගලා. 6:⁠9.

◼දුර ඈත ප්‍රදේශවල සිටින පුද්ගලයන් හෝ හමුවීම දුෂ්කර වූ සභා බලප්‍රදේශයක සිටින පුද්ගලයන් සඟරා ලබාගන්නේ කොහොමද? සඟරා ලබාගැනීමට කැමති තැනැත්තාව පෞද්ගලිකව හමු වී සඟරා දීමට නොහැකි තත්වයන් මතු වන අවස්ථාවලදී වැඩිමහල්ලන්ට පුළුවන්, එවන් පුද්ගලයන්ට දායකයක් ලබා දීම සඳහා කටයුතු පිළියෙළ කරන්න. දායක සමිතියට තැපැල් කරන්න කලින් දායකයක් දීම සඳහා හේතු වූ තත්වයන් පිළිගත හැකිද කියා සේවා කමිටුව ස්ථිර විය යුතුයි. මේ හේතුව නිසා බොහෝ දුරක් පුරා විහිදී යන විශාල බලප්‍රදේශයක් තිබෙන සභාවන් දායක පෝරම ටිකක් සභාවේ තබාගැනීම නැණවත් දෙයක්.

◼සමහරුන් කියවන්නේ පිබිදෙව්! සඟරාව පමණයි, තවත් සමහරු වඩා කැමති මුරටැඹ කියවන්නයි! සඟරා ඉදිරිපත් කරද්දී මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකම ඉදිරිපත් කිරීම හොඳ අදහසක් නොවේද! පිබිදෙව්! සඟරාවේ අධ්‍යාපනික වශයෙන් ප්‍රයෝජනවත් තොරතුරු තිබෙන නිසා මෙය ශ්‍රී ලංකාවේ හුඟාක් දෙනා කියවන්න කැමතියි. ඔබ පිබිදෙව්! සඟරාවක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම මුරටැඹ සඟරාවක්ද ඉදිරිපත් කරන්න කියා යෝජනා කරන්න කැමතියි. මුරටැඹ සඟරාව ඉදිරිපත් කිරීමේ පදනම හැටියට එහි ආරම්භක ලිපිය යොදාගැනීම හොඳ අදහසක් නොවේද! මෙසේ කිරීමෙන් අපේ ප්‍රධානතම සඟරාව වන මුරටැඹ සඟරාව වැඩි කල් නොගොස් දැනට වඩා වැඩියෙන් ජනප්‍රිය වෙන අතර, බොහෝදෙනාගේ අගය කිරීමටද ලක් වේවි.

◼ ලෝක ව්‍යාප්ත සේවය සඳහා කිසිම සම්මාදමක් නොකරන අවස්ථාවලදී පවා මේ සඟරා දෙකම තබා එන්න පුළුවන්ද? ඔව්, අපව දිරිමත් කරන්නේ සෑම අවස්ථාවකදී වර්ග දෙකෙන්ම සඟරා තබා එන්නයි.

◼සඟරාවේ අවසාන පිටුවේ තිබෙන කූපනය පෙන්වා, තව පොත් පත් හා උපකාර ලබාගැනීම සඳහා එය පුරවා එවන්න කියා සඟරා ලබාගන්න අයව උනන්දු කිරීම සුදුසුද? ඔබ කැමති නම් එසේ කිරීමේ වරදක් නැහැ. නමුත් ඔබට කළ හැකි වඩාත්ම සුදුසු දෙය වන්නේ ඔබම නැවත ගොස් ඔවුන් කියවන්න කැමති පොත් පත් ලබා දී, නැවත බැලීමක් මාර්ගයෙන් පෞද්ගලිකව උපකාරය සැපයීමයි.​—1 කොරි. 3:⁠6.

දායක සැලැස්ම නතර කිරීම මගින් සමිතියේ වැඩකටයුතු බොහෝදුරට සරල වන අතර සත්‍යයේ බීජ තව තවත් ව්‍යාප්ත කිරීමට එමගින් හැකියි. කෙසේවෙතත්, මේ අලුත් සැලැස්ම මගින් වෙනදාට වඩා පෞද්ගලිකව විශාල වගකීමක් අපට පැවරෙනවා. අපේ බලප්‍රදේශයේ සිටින උනන්දුව දක්වන සෑම කෙනෙකුගේම ආත්මික අවශ්‍යතා සපුරාලීමට නිසැකවම අපට වුවමනාවක් තිබෙනවා. සඟරා ලබාගන්න කැමති සෑම කෙනෙකුටම සඟරා ලබා දීම සඳහා පෞද්ගලික සඟරා මාර්ගයක් සැලසුම් කරගැනීමට අපි සියලුදෙනාම ජ්වලිතව ක්‍රියා කරමු. පුරෝගාමීන්, ප්‍රචාරකයන් හා විශේෂයෙන් දරුවන්ට පවා තමන්ගේම සඟරා මාර්ගයක් ඇති කරගන්න පුළුවන්. ප්‍රේරිත පාවුල් පැවසුවාක් මෙන් “සියල්ලට කලින්, . . . අපි බලන්න නැවත යමු.”​—ක්‍රියා 15:​36, NW.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න