නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයව හමු වන විට ඔවුන් සමඟ සඟරා මාර්ගයක් ඇති කරගන්න. බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. ජූනි: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. ගෙවැසියන් ළඟ දැනටමත් මෙම ප්‍රකාශන තිබෙනවා නම්, සභා පොත් පත් තොගයේ තිබෙන යෝග්‍ය විවරණිකාවක් ඉදිරිපත් කරන්න. ජූලි: පිටු 32කින් යුත් ඕනෑම විවරණිකාවක් ඉදිරිපත් කළ හැකියි.
◼ වසර 2002 දිස්ත්‍රික් සමුළුවේදී පළඳින බැජ් කාඩ්පත් ඉල්ලුමකින් තොරව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පොත් පත් සැපයුම සමඟ එවීමට නියමිතයි. මේවා ඉල්ලුම් කිරීම අවශ්‍ය නැත. මේවා එවන්නේ එක් එක් සභාවේ ප්‍රමාණය අනුව 25 බැගින් වූ කොටස් වශයෙනි. සභාවලට අමතර බැජ් කාඩ්පත් අවශ්‍ය නම් පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) යොදාගනිමින් ඉල්ලුම් කළ යුතුයි. ප්ලාස්ටික්වලින් සාදා තිබෙන බැජ් කාඩ් රඳවනයන් සභාවේ යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒවාද ඉල්ලුම් කළ යුතුය.
◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ හා ලේකම්වරුන්ගේ ලිපිනයන් හා දුරකථන අංක ඇතුළත් අලුත් වාර්තාවක් තබාගන්න සමිතියට අවශ්‍ය වී ඇත. ඉහත කී අයගේ ලිපිනයන්වල වෙනසක් සිදු වන සෑම විටම සභා සේවා කමිටුව Presiding Overseer/Secretary Change of Address (S-29) නමැති පෝරමය සම්පූර්ණ කර, අත්සන් කර, හැකි විගස ශාඛා කාර්යාලයට එවිය යුතුයි.
◼ ස්ථාවර පුරෝගාමී සේවය (S-205) සහ උපකාරික පුරෝගාමී සේවය (S-205b) සඳහා නියමිත පෝරම ප්‍රමාණවත් තරම් තබාගැනීමට සභා ලේකම්වරුන් වගබලා ගත යුතුයි. පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) යොදාගනිමින් ඒවා ඉල්ලුම් කළ හැකියි. අඩුම තරමින් අවුරුද්දකටවත් ප්‍රමාණවත් සැපයුමක් තබාගන්න. නිවැරදිව සම්පූර්ණ කර තිබේද කියා බැලීමට සියලුම ස්ථාවර පුරෝගාමී අයදුම් පත් නැවත බලන්න. තමන් බව්තීස්ම වූ දිනය අයදුම්කරුවන්ට මතක නැත්නම්, ඔවුන් කළ යුත්තේ ආසන්න දිනය සොයා බලා එය ලියාගැනීමයි.
◼ වෙනත් රටක සංචාරය කිරීමට සැලසුම් කරන සහෝදරයෙකු ඒ රටේ සභා රැස්වීම්වලට හෝ එක්රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට යන්න කැමති නම්, ඔහු අදාළ දිනයන්, වේලාවන් හා ස්ථාන ගැන තොරතුරු විමසිය යුත්තේ ඒ රටේ තිබෙන ශාඛා කාර්යාලයෙනි. ශාඛා කාර්යාලවල ලිපිනයන් අලුත් වාර්ෂික පොතේ අවසාන පිටුවේ සඳහන් වේ.
◼ දැන් මුරටැඹ සඟරාවේ ලොකු අකුරු සහිත මුද්‍රණය සූලු භාෂාවෙන් ලබාගත හැකියි.
◼ අලුතෙන් ලබාගත හැකි ප්‍රකාශන:
මුරටැඹ ප්‍රකාශන සූචිය 2001 —ඉංග්‍රීසි
◼ අලුතෙන් ලබාගත හැකි වීඩියෝ පට:
අපේ කාලය සඳහා අනතුරු අඟවන ආදර්ශ —ඉංග්‍රීසි