රාජ්‍යය දේශනා කිරීම ජීවිත ගළවයි!
1 අද ලෝකයේ සිදු වෙමින් පවතින වැදගත්ම කාර්යය එයයි. යෙහෝවා දෙවි, යේසුස් ක්‍රිස්තුස් හා දහස් ගණන් දේවදූතයන් මේ කාර්යය දෙස බලා සිටිනවා. මොකක්ද මේ කාර්යය? එය කළ යුතුම දෙයක් වන්නේ ඇයි? මේ කාර්යය වන්නේ රාජ්‍යය ගැන දේශනා කිරීමයි. මෙය ජීවිත ගළවන කාර්යයකි!—රෝම 1:16; 10:13, 14.
2 අප අවට තිබෙන සමාජය දියුණු කරන්න අප උත්සාහ කරනවා නම්, දේශනා කරනවාට වඩා හොඳ සේවයක් එයින් වෙනවා කියා සමහරුන් සිතන්න පුළුවන්. හුඟදෙනෙක් තමන්ගේ කාලය මුළුමනින්ම යොදවන්නේ සාම වැඩපිළිවෙළවල් සඳහායි. නැත්නම් රෝග සුව කරන්න හෝ ආර්ථිකය දියුණු කරන්නයි. ඒත් ජනයාට උපරිම යහපතක් අත් වන්නේ කුමකින්ද?
3 විශිෂ්ට සේවයක්: ජීවිතයේ අරමුණ, මිනිසුන් දුක් වේදනා විඳීමට හේතුව හා අනාගතය සඳහා තිබෙන විශ්වාසවන්ත බලාපොරොත්තුව ගැන පැහැදිලි කරන්නේ රාජ්‍ය ආරංචිය මගින් පමණයි. ජනයාට යෙහෝවාගේ මිතුරන් වීමට ශුභාරංචිය උපකාර කරනවා. මෙසේ යෙහෝවාගේ මිතුරන් වීමෙන් “කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය” ඔවුන්ට භුක්ති විඳින්න පුළුවන්. (පිලි. 4:7) ජීවිතයේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ජනයාට උපකාරවත් වන ප්‍රායෝගික මඟ පෙන්වීම් සපයන්නේ රාජ්‍ය ආරංචිය මගින් පමණයි. ඒ වගේම, එමගින් පමණයි අනාගතයේදී දුෂ්ට ලෝකය විනාශ කරද්දී ගැළවිය හැකි ආකාරය පැහැදිලි කරන්නේ. (1 යොහ. 2:17) එසේනම් රාජ්‍යය ගැන දේශනා කිරීමට අපට හැකි සෑම වෑයමක්ම දැරීම වටින්නේ නැද්ද?
4 මෙය පැහැදිලි කරගැනීම සඳහා නිදසුනක් සලකා බලමු. මුළු ගමම තද නින්දේ සැතපී සිටින වේලාවක, එම ගම ළඟ තිබෙන වැව් කණ්ඩිය කැඩී යන්න ආසන්න අවස්ථාවක ඔවුන්ට උපකාර කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද? වැවේ ජලය ඉවත් කිරීමද? විනාශ වෙන්න යන ගම සරසන එකද? නැහැ! මේ එකක්වත් ඵලක් නැහැ. කළ යුතු හොඳම දෙය වන්නේ ඉක්මනින් ඒ ගමේ වැසියන්ව අවදි කරවා, සිදු වෙන්න යන අනතුර ගැන පවසා, එයින් ගැළවෙන්න ඔවුන්ට උදව් කිරීමයි. අද ආත්මික තද නින්දේ පසු වන අය සිටින්නේ භයානක අනතුරකයි. (ලූක් 21:34-36) මේ ක්‍රමය ළඟදීම පහව යෑමට නියමිත නිසා අපට හැකි සෑම කෙනෙකුටම සාක්ෂි දැරීම සඳහා හදිසිතාවේ හැඟීමෙන් යුතුව අපේ උපරිමය කරමු.—2 තිමෝ. 4:2; 2 පේතෘ. 3:11, 12.
5 එය අත්නෑර කරන්න: ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන අවංක මිනිසුන් හැකි තරම් පිරිසක් සොයාගත හැකි මාර්ග සොයමු. නිවෙස්වලදී, විදීවලදී, දුරකථනයෙන් හා අවිධිමත් ආකාරවලින් ඔවුන්ට සාක්ෂි දැරීමට අවස්ථා සොයමු. යෙහෝවා අපට කරන්න දී තිබෙන්නේ අපට කළ හැකි වැදගත්ම සේවයයි. අපි ජ්වලිතව එය දිගටම කරගෙන යනවා නම්, ‘අපවත් අපේ වචන අසන්නන්වත් ගළවාගන්න’ අපට පුළුවන්.—1 තිමෝ. 4:16.