ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/02 7 පි.
  • ඔබ නැවත බැලීම් කරනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ නැවත බැලීම් කරනවාද?
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
2002 අපගේ රාජ්‍ය සේවාව
km 1/02 7 පි.

ඔබ නැවත බැලීම් කරනවාද?

යෙහෝවා අරමුණක් තිබෙන දෙවි කෙනෙක්. (යෙසා. 55:10, 11) ඔහුව අනුකරණය කරන්න කියා අපව උනන්දු කර තිබෙනවා. (එපී.5:1) අප මෙය කරන බව අපේ දේවසේවය ඉටු කරන ආකාරයෙන් අප පෙන්විය යුතුයි. එනිසා මෙම ප්‍රශ්නය සලකාබැලීම යෝග්‍යයි. “ඔබ නැවත බැලීම් කරනවාද?”

ගෙයින් ගෙට සේවයේ යෑම අර්ථාන්විතව සේවය කිරීමේ එක් අංගයක්. ඒ වුණත් ගෝලයන් සෑදීමද අපේ බලපැවරුමට අයත් බව මතක තබාගන්න. (මතෙ. 28:19, 20) රාජ්‍ය සත්‍යයේ බීජ වැපිරීමෙන් පසු, වර්ධනය සඳහා යෙහෝවාගේ උපකාරය පතමින් ඒවාට වතුර දැමීමට හා අවශ්‍ය සාත්තුව දීමට නැවත යා යුතුයි. (1 කොරි. 3:6) නැවත බැලීම් කරමින් බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා අපි අඛණ්ඩ වෑයමක් දැරීම අවශ්‍යයි.

දෙවන තිමෝති 4:5හි සඳහන් වන ආකාරයට “නුඹේ සේවය සම්පූර්ණ කරන්න” කියා පාවුල් තිමෝතිගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. උනන්දුව දක්වන සෑම කෙනෙකුවම නැවත හමු වෙන්න යෑම, අපේ සේවය සම්පූර්ණ කිරීමට ඇතුළත් වෙනවා. නැවත බැලීම් කිරීම සඳහා ඔබේ සතිපතා කාලසටහනෙහි නිශ්චිත කාලයක් වෙන් කරගන්න. ධර්මිෂ්ඨකමට නැඹුරුවාවක් දක්වන අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඉටු කරගැනීමට කටයුතු කරන්න. දේවසේවයේ හවුල් වීමේ ඔබේ අරමුණ විය යුත්තේ එයයි.

ගෝලයන් සෑදීමෙහි නිරත වී සිටින කෙනෙක් ඒ ගැන මෙසේ අදහස් පළ කළා. “යෙහෝවාට ප්‍රශංසාකරන්නන් ගණන වැඩිවීමට මඟ සලසන්නේ ගෝලයන් සෑදීමයි. සත්‍යය පිළිගන්න අයට ජීවනය සඳහා මඟ සැලසෙන්නේ එයිනුයි. අනිත් අයට සත්‍යය උගන්වන්න මම හරිම ආසයි. . . . යෙහෝවාට ප්‍රේම කිරීමට පටන්ගෙන තිබෙන හුඟදෙනෙක් මගේ හොඳම මිතුරන් වෙලා තියෙනවා.” යෙහෝවාගේ කැපවූ සේවකයෙකු වීමට කෙනෙකුට උපකාර කිරීමට ලැබීම ගැන ටිකක් සිතා බලන්න! එයින් ලැබෙන ප්‍රීතිය මොනතරම්ද! මෙය අරමුණක් ඇතුව දේවසේවයේ හවුල් වීමේ ප්‍රතිඵලයකි.—කොලො. 4:17.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න