ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/01 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
2001 අපගේ රාජ්‍ය සේවාව
km 9/01 3 පි.

නිවේදන

◼ සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: Life—How Did It Get Here? By Evolution or by Creation? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම්වලදී උනන්දුව දක්වන අයට දායක ඉදිරිපත් කළ හැකියි. නොවැම්බර්: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. දැනටමත් මිනිසුන් ළඟ මේ ප්‍රකාශන තිබෙනවා නම්, Mankind’s Search for God නමැති පොත හෝ වෙනත් පැරණි ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකියි. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. විකල්ප ඉදිරිපත් කිරීමක් වශයෙන් මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත ඉදිරිපත් කළ හැකියි.

◼ යළි පිහිටුවනු ලබනවාට කැමැත්තක් දැක්විය හැකි සභා ඇසුරෙන් කපාහැර සිටින අය හෝ සභා ඇසුරෙන් ඉවත් වූ අය සම්බන්ධයෙන් 1991 ජූලි 1 මුරටැඹ සඟරාවේ 21-3 දක්වා පිටුවල සඳහන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට වැඩිමහල්ලන්ට මෙයින් මතක් කරනු ලැබේ.

◼ සභා කිහිපයක් රැස්වීම් පැවැත්වීම සඳහා එකම ස්ථානය යොදාගන්නවා නම්, ජනවාරි මාසයේ මුල සිට රැස්වීම් පවත්වන වේලාවන් මාරු කරගැනීම සඳහා අවස්ථාව ලැබෙයි. මෙසේ රැස්වීම් පවත්වන වේලාවන් මාරු කිරීම නියමයක් නොවෙයි. රැස්වීම් පවත්වන වේලාවන් වෙනස් කරන සභාවන් නව වේලාවන් දක්වන අලුත් අත්පත්‍රිකා ඉල්ලුම් කිරීම අවශ්‍යයි. එමෙන්ම සෑම සභාවක්ම අලුත් වේලාවන් සඳහන් S-5 (Meeting Times Information) නමැති කාඩ්පත අලුත් කර සමිතියට එවිය යුතුයි. රැස්වීම් පවත්වන වේලාවන් හා රාජ්‍ය ශාලාවල ලිපිනයන් ගැන වැරදි තොරතුරු සැපයීමෙන් බෙතෙල් කථිකයන්, සංචාරකයන් හා ඔබේ රැස්වීම් පිළිබඳව සමිතියෙන් විස්තර ලබාගන්න අය අපහසුතාවයට පත් වෙයි.

◼ රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි (සිංහලෙන් නැත) නමැති නව වීඩියෝ පටය මුදාහැරීම ගැන සියලුම සභාවලට යවන ලද 2001 ජූනි 12 දිනැති ලිපිය මගින් නිවේදනය කරන ලදි. මෙම වීඩියෝ පටය විශේෂයෙන්ම පිළියෙළ කර තිබෙන්නේ මහජනයා සඳහායි. එනිසා මෙම වීඩියෝ පටය නැරඹීමට නොඇදහිලිවන්ත කලත්‍රයන්ට, පාසැලේ තමන් සමඟ ඉගෙනගන්න අයට, අසල්වැසියන්ට හා බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීමෙන් යහපත් ප්‍රතිඵල අත් කරගත හැකියි. මෙම වීඩියෝ පටය නැරඹීමෙන් පසු සාක්ෂිකාරයෙකු නොවන කෙනෙකු විසින් යම් ප්‍රශ්න අසන්න පුළුවන්. නැත්නම් ඒ ගැන ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙය නැවත බැලීමකට හෝ බයිබල් පාඩමක් පටන්ගන්න හොඳ අවස්ථාවක් උදා කරයි.

◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:

ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම (rs)—දෙමළ

2000 මුරටැඹ බැඳි වෙළුම (wvol00)—ඉංග්‍රීසි

නව ලෝක පරිවර්තනය (Deluxe, කුඩා ප්‍රමාණය) (කළු) (Dlbi25-b)—ඉංග්‍රීසි

නව ලෝක පරිවර්තනය (Deluxe, කුඩා ප්‍රමාණය) (දුඹුරු පැහැති රතු) (Dlbi25-m) —ඉංග්‍රීසි

නව ලෝක පරිවර්තනය (කළු) (Dlbi12-b)—ඉංග්‍රීසි

නව ලෝක පරිවර්තනය (දුඹුරු පැහැති රතු) (Dlbi12-m)—ඉංග්‍රීසි

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? (ct)—ඉංග්‍රීසි

යෞවනයන් අසන ප්‍රශ්න (yp)—ඉංග්‍රීසි

මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා (gt)—ඉංග්‍රීසි

මගේ බයිබල් කතන්දර පොත (ලොකු) (my)—ඉංග්‍රීසි

“බලව! මම සියල්ල ම අලුත් කරමි” (Lmn)—ඉංග්‍රීසි

ඇත්තට ම දෙවි අප ගැන සලකන්නේද? (dg)—ඉංග්‍රීසි

දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! (gf)—ඉංග්‍රීසි

අපව පාරාදීසයට ගෙන යන දෙවිගේ මඟ (gu)—හින්දි

පත්‍රිකා #71 (T-71)—පෘතුගීසි

පත්‍රිකා #72 (T-72)—පෘතුගීසි

පත්‍රිකා #73 (T-73)—පෘතුගීසි

පත්‍රිකා #74 (T-74)—පෘතුගීසි

මගේ බයිබල් කතන්දර පොත, ශ්‍රව්‍ය කැසට් පට (ඇල්බමය) (csmy)—ඉංග්‍රීසි

◼ ළඟදීම ලබාගත හැකි අලුත් ප්‍රකාශන:

ශුද්ධ ලියවිලි පිළිබඳ නව ලෝක පරිවර්තනය—සෙබුආනෝ

මුරටැඹ ප්‍රකාශන සූචිය 1986-2000—ඉංග්‍රීසි

◼ ළඟදීම ලබාගත හැකි වීඩියෝ කැසට් පට:

මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා—වීඩියෝ පටය, 1 කාණ්ඩය—අමෙරිකානු සංඥා භාෂාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න