තව වැඩියෙන් කරන්න ඔබට වුවමනාද?
1 යේසුස් මිල කරන්න බැරි තරම් වටිනා වස්තුවකට රාජ්‍යය සමාන කළා. (මතෙ. 13:44-46) රාජ්‍ය ආරංචිය පැතිරවීමේ කාර්යයත් වටිනා වස්තුවක් හා සමානයි. මෙම කාර්යයෙහි අපට හැකි උපරිමය කිරීමේදී යම් පරිත්‍යාගයන් කිරීමට සිදු වුණත්, එයට අපේ ජීවිතයේ මුල් තැන දිය යුතුයි. (මතෙ. 6:19-21) කෙසේවෙතත්, රාජ්‍ය කටයුතුවල තව වැඩියෙන් හවුල් වෙන්න ඔබට වුවමනාද?
2 මෙම අත්‍යවශ්‍ය කාරණා සැලකිල්ලට ගන්න: අපි කරන සේවය තව පුළුල් කරගැනීම සඳහා මතු දැක්වෙන කාරණා කිහිපය ප්‍රයෝජනවත් වෙයි: (1) රාජ්‍ය කාරණාවලට මුල්තැන දීමට අදිටන් කරගන්න (මතෙ. 6:33); (2) යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා ඔහු මත රඳා සිටින්න (2 කොරි. 4:1, 7); (3) අවංක හා අඛණ්ඩ යාච්ඤාව තුළින් දෙවිගේ උපකාරය පතන්න (ලූක් 11:8-10); (4) පිළිතුරු ලැබෙන තෙක්ම යාච්ඤා කරමින්, ඔබේ ඉල්ලීමට එකඟව ක්‍රියා කරන්න.—යාකො. 2:14, 17.
3 අපේ සේවය පුළුල් කළ හැකි මාර්ග: අපි සෑම කෙනෙකුටම තබාගන්න පුළුවන් ඉලක්කයක් වන්නේ සෑම මාසයකම දේවසේවය සඳහා යම් වේලාවක් වෙන් කරගැනීමයි. ඒත්, මීට අමතරව, අවිධිමත්ව සාක්ෂි දැරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගැනීම, ඔබ ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරය තව අර්ථවත් කරගැනීම, නැවත බැලීම් කිරීම, ප්රගතිශීලී බයිබල් පාඩමක් පැවැත්වීම වැනි දේවල් ගැනත් ඔබ සලකා බලා තිබෙනවාද? උපකාරික හෝ ස්ථාවර පුරෝගාමි සේවය කරන්න ඔබට පුළුවන්ද? නැත්නම් අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබට හැකිද? ඔබ බව්තීස්ම ලත් සහෝදරයෙක් නම්, සභා සේවකයෙකු හෝ වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට සුදුසුකම් වර්ධනය කරගන්න ඔබ වෑයම් කරනවාද? (1 තිමෝ. 3:1, 10) බෙතෙල් සේවයට, දේවසේවා පුහුණු පාසැලට හෝ මිෂනාරිවරුන් පුහුණු කරන ගිලියද් පාසැලට අයදුම් කිරීමෙන් ඔබේ සේවය පුළුල් කරන්න ඔබට පුළුවන්ද?—ලූක් 10:2.
4 එක් සහෝදරයෙකුට ස්ථාවර පුරෝගාමි සේවය කරන්න කියා දිරිගැන්වීමක් ලැබුණා. පූර්ණ කාලීනව රැකියාවක් කරමින් සිටි මේ සහෝදරයා ක්‍රීඩාව සඳහා බොහෝ කාලයක් වෙන් කර තිබුණා. ඒ දිරිගැන්වීමෙන් පසු ඔහු උපකාරික පුරෝගාමි සේවයට පා තැබුවා. පසුව ඔහුගේ තත්වයන් වෙනස් කරගෙන පූර්ණ කාලීන සේවය කරන්න පටන්ගත්තා. පසු කාලෙක ඔහුට දේවසේවා පුහුණු පාසැලට යන්න අවස්ථාව ලැබුණු අතර, චාරිකා අවේක්ෂකයෙකු හැටියට දැන් ඔහු කරන සේවයට එම පුහුණුව ඔහුට මහඟු අත්වැලක් වුණා. තමන්ට ලැබුණු දිරිගැන්වීමට අනුව කටයුතු කිරීම ගැන ඔහු හුඟාක් සතුටු වෙනවා. ඒ වගේම තමා කරන සේවය තව වැඩි කරන්න ගත් තීරණය නිසා මීට කලින් නොලැබූ ප්‍රීතියක් ඔහු දැන් අද්දකිනවා.
5 සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වන අයට යෙහෝවා ආශීර්වාද කරනවා. (යෙසා. 6:8) ඔබේ සේවය පුළුල් කරගෙන මහත් තෘප්තියක් හා ප්රබෝධයක් භුක්ති විඳීමෙන් ඔබව වළක්වන්න කිසිම දෙයකට ඉඩ නොදෙන්න.