නිවේදන
◼ ජූලි සහ අගෝස්තු මාසවල ඉදිරිපත් කරන පොත් පත්: සභා පොත් පත් තොගයෙහි තිබෙන පිටු 32කින් යුත් ඕනෑම විවරණිකාවක් යෝග්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කළ හැක. සැප්තැම්බර්: එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොත හෝ සභා පොත් පත් තොගයෙහි තිබිය හැකි පිටු 192කින් සමන්විත ඕනෑම පරණ පොතක්. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම්වලදී හමු වන උනන්දුව දක්වන අයට දායක ඉදිරිපත් කළ හැක.
◼ සැප්තැම්බර් මාසයේ පටන් චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කතාවේ මාතෘකාව වන්නේ “සැබෑ ක්‍රිස්තියානීන් දිව්‍ය ඉගැන්වීම අලංකාරවත් කරන අයුරු” යන්නයි.
◼ 2001 ජූලි 15 කලාපයේ පටන් මුරටැඹ සඟරාව අර්ධ මාසිකව සැන්ගො භාෂාවෙන් ලබාගත හැක.
◼ ලබාගත හැකි අලුත් ප්‍රකාශන:
අපේ ජීවිත පාලනය වන්නේ දෛවය මගින්ද?—නැත්නම් අප දෙවිට ගණන් දිය යුතුද? (මුස්ලිම් අය සඳහා) (පත්‍රිකා අංක 71)—පෘතුගීසි
නිරාගින්න—දිව්‍ය යුක්තියට එකඟද? (මුස්ලිම් අය සඳහා) (පත්‍රිකා අංක 74)—ඉංග්‍රීසි සහ පෘතුගීසි
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද?—උර්දු
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි පිළිබඳ නව ලෝක පරිවර්තනය—මැසිඩෝනියානු
ශුද්ධ ලියවිලි පිළිබඳ නව ලෝක පරිවර්තනය—ඉල්ලෝකෝ, ටාගාලොග්
ශුද්ධ ලියවිලි පිළිබඳ නව ලෝක පරිවර්තනය (විශාල ප්‍රමාණයේ)—කොරියානු
ශ්‍රේෂ්ඨතම නාමය (මුස්ලිම් අය සඳහා) (පත්‍රිකා අංක 72)—ඉංග්‍රීසි, මැසිඩෝනියානු, පෘතුගීසි
මුරටැඹ ප්‍රකාශන සූචිය 1999—පෘතුගීසි
කවුද මේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ? (මුස්ලිම් අය සඳහා) (පත්‍රිකා අංක 73)—ඉංග්‍රීසි, පෘතුගීසි, සිංහල