පෞද්ගලික පුස්තකාලයක් සාදාගන්න
ඔබට පෞද්ගලික පුස්තකාලයක් හෝ ඔබේ පවුල සඳහා පුස්තකාලයක් තිබෙනවාද? මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල බැඳි වෙළුම් හා සභා පොත් පාඩමේදී මෙන්ම රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලදී අපි පාවිච්චි කරන ප්‍රකාශන ඔබේ පුස්තකාලයේ තිබෙනවාද? පෞද්ගලික අධ්‍යයනය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සලකන්නේ ඉතාමත් වැදගත් දෙයක් ලෙසයි. (යොහ. 17:3) ආත්මිකව ශක්තිමත්ව සිටීමටත් ක්ෂේත්‍ර සේවය සඳහා හොඳින් සූදානම්ව සිටීමටත් පෞද්ගලික පාඩම හා පවුලේ පාඩම නිතිපතා කිරීම අවශ්‍යයි. නිවසේ පුස්තකාලයක් තිබෙනවා නම් ශුද්ධ ලියවිලිමය විෂයක් ගැන පර්යේෂණ කිරීම, ප්‍රශ්නවලට උත්තර සොයාගැනීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට සූදානම් වීම යනාදිය හොඳින් කළ හැකියි. ශුද්ධ ලියවිලි මත පදනම් විශ්වාසදායක තොරතුරු පහසුවෙන් සොයාගැනීමේ තිබෙන වටිනාකම අප කවදාවත් සුළු කොට නොතැකිය යුතුයි.
සෑම ක්‍රිස්තියානියෙකුටම ‘තම තමාගේ බර ඉසිලීම’ සඳහා නිවසක පුස්තකාලයක් තිබීම මහත් උපකාරයක් වෙයි. (ගලා. 6:5) යම් ප්‍රශ්න මතු වන විට, මුලින්ම තමන් විසින්ම පර්යේෂණ කර ඒවාට පිළිතුරු සොයාගන්නවා නම් හොඳයි. අනිත් අයගේ උපකාරය ලබාගත යුත්තේ ඊට පසුවයි. අපි සෑම කෙනෙක්ම අධ්‍යයනය කරමින් ඉගෙනගන්න දේවල් අදාළ කරගත යුතුයි. අප දේවවචනය උනන්දුවෙන් අධ්‍යයනය කරනවා නම් හා නිවසේ තිබෙන පුස්තකාලයෙන් ප්‍රයෝජන ගන්නවා නම්, විචාර බුද්ධිය හා වටහාගැනීමේ ශක්තිය අපට දියුණු කරගත හැකියි. —හෙබ්‍රෙ. 5:11-14.
තම දරුවන්ගේ වත්මන් හා අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඇතැම් දෙමාපියන් තම දරුවන්ට පෞද්ගලික පුස්තකාලයක් සාදාගැනීමට උපකාර කර තිබෙනවා. පෞද්ගලික පුස්තකාලයක් ක්‍රිස්තියානි නිවසක තිබෙන වටිනා වස්තුවක් ලෙස සැලකිය හැකි බව නිසැකව පැවසිය හැකියි.