දායක අලුත් කිරීම සඳහා සරල ක්‍රමයක්
මුද්‍රිත සඟරා ලෙස හෝ ශ්‍රව්‍ය කැසට් පට ලෙස මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දායක මාර්ගයෙන් ලබාගන්න අයට, තමන්ගේ දායකවල කාලය ඉකුත් වෙමින් තිබෙන බව සඳහන් දැන්වීම් දෙකක් මේ දක්වා ඔවුන්ට ලැබුණා. මුල්ම දැන්වීම වුණේ, දායක ඉකුත් වීමේ පත්රයයි. මෙය දායක ලබාගත් තැනැත්තාට ලැබෙන්න සැලැස්සුවේ සභාව මාර්ගයෙනුයි. දායකයක් අලුත් කිරීම සඳහා නිර්දේශ කර තිබෙන පෝර්මය එයයි.
දෙවන දැන්වීම වුණේ, සඟරාව හෝ ශ්‍රව්‍ය කැසට් පටය සමඟ දායක ලබාගත් තැනැත්තා වෙත කෙළින්ම තැපෑලෙන් යවන දායක අලුත් කිරීමේ පෝර්මයයි. සඟරා, දායක මාර්ගයෙන් ලබාගන්න අයට දායක අලුත් කිරීමේ පෝර්මයක් තවදුරටත් සඟරාව ඔතා එවන කවරය සමඟ තැපෑලෙන් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට, සඟරාව ඔතා තිබෙන කවරයේ දායකය ඉකුත් වන බවට දැන්වීමක් දැකගත හැකි වෙයි. මේ හා සමානව, ශ්‍රව්‍ය කැසට් පට ලෙස මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දායක මගින් ලබාගන්න අයටත් දායක ඉකුත් වීමේ දැන්වීමක් මෙතැන් පටන් තැපෑලෙන් ලැබෙන්නේ නැහැ. දායක ඉකුත් වී තිබෙන බවට දැන්වීමක් කැසට් පට අසුරා තිබෙන කවරයේ පිට පැත්තේ සඳහන් වෙයි. කොහොමවුණත්, බ්‍රේල්වලින් දායක ලබාගන්න අයට හා නොමිලේ සපයන ශ්‍රව්‍ය කැසට් පට ලැබෙන අන්ධ අයට දායක අලුත් කිරීමේ දැන්වීම දිගටම තැපෑලෙන් ලැබෙයි.
සඟරාව ඔතා තිබෙන කවරයේ හෝ කැසට් පටය අසුරා තිබෙන කවරයේ මුද්‍රණය කර තිබෙන දැන්වීම, තමන්ගේ දායකයේ කාලය ඉකුත් වීම ආසන්න බවට දායකය ලබාගත් තැනැත්තාට කරන මතක් කිරීමක් වෙයි. දායකයේ කාලය ඉකුත් වූ බව දැනුම් දෙන දැන්වීම් පත්‍රය නොලැබුණත්, ඔබට දායක ලැබෙන කවරයේ මුද්‍රිත දැන්වීම තිබේ නම්, කරුණාකර ඔබේ සභාවේ සිටින දායක සම්බන්ධයෙන් කටයුතු කරන සහෝදරයාව හමු වන්න. දායක අලුත් කරවාගැනීම සැම විටම කළ යුත්තේ සභාව මාර්ගයෙනුයි.
ක්ෂේත්‍ර සේවයේදී ලබාගත් දායක සඳහා කාලය ඉකුත් වූ බව දැනුම් දෙන්නේ සභාව මාර්ගයෙන් අදාළ පුද්ගලයාට ලැබෙන්න සලස්වන දායක ඉකුත් වීමේ පත්‍රය මගිනුයි. මේ පත්‍ර සභාවට ලැබුණු විගසම, එහි නම සඳහන් පුද්ගලයන්ට දායක ලබා දුන් ප්‍රචාරකයන්ගේ අතට ඒවා ලැබෙන්න සැලැස්විය යුතුයි. දායක ලබාගත් අයට මෙතැන් පටන් දායකය සමඟ අලුත් කිරීමේ පෝර්මයක් නොලැබෙන නිසා, උනන්දුව දක්වන මේ අයව හමුවීමට ගොස් දායකය අලුත් කිරීමට ඔවුන්ව දිරිමත් කිරීම වැදගත්.—අපගේ රාජ්‍ය සේවාවේ, 1988 නොවැම්බර් කලාපයේ 1වන පිටුව සහ 1986 පෙබරවාරි කලාපයේ 2වන පිටුව බලන්න.
මේ කාලෝචිත සඟරා, ආත්මික ඝන අන්ධකාරයෙන් වැසී තිබෙන මේ ලෝකයට දිගටම ආත්මික ආලෝකය සපයයි. සියලුදෙනාම මේ අලුත් විධිවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා. එසේ කිරීමෙන් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලට දායක ලබාගත් සියලුදෙනාටම එක කලාපයක්වත් අතපසු නොකර දිගටම ලබාගන්න පුළුවන් වේවි.