දේශනා කිරීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි
1 රාජ්‍ය පණිවිඩය ජ්වලිතව දේශනා කිරීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපි මහත් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. (මතෙ. 24:14) ලොව පුරා මේ සේවයෙහි ක්‍රියාශීලීව හවුල් වන පිරිස දශලක්ෂ හයකට වැඩියි. නවකයන්ද දේශනා කිරීමේ කාර්යයට අප හා එක් වන විට එම සංඛ්‍යාව තවත් ඉහළ යනවා. සංඛ්‍යාව තීරණය කරන්නේ දේශනා සේවයෙහි හවුල් වන අයගේ ගණන මගිනුයි.
2 මෙම අභියෝගාත්මක පැවරුම කැමැත්තෙන්ම බාරගැනීමට අපව පොලඹවන්නේ කුමක්ද? මේ සේවය කරන්න අපිට කවුරුත් බල කරන්නේ නැහැ. අපි මේ සේවය කරන්නේ පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා නොවෙයි. ඒ වගේම විශේෂ ගෞරවයක් ලැබෙන නිසාවත් නොවෙයි. අපිට සුදුසුකම් නැහැ කියල හැඟුණු නිසාත්, බොහෝ අවස්ථාවලදී මිනිසුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු නිසාත්, මුල් කාලයේදී මේ සේවයේ හවුල් වන විට අපගෙන් බොහෝදෙනෙකුට බයාදු ගතියක් දැනුණා. (මතෙ. 24:9) මේ සේවයේ හවුල් වීමට අපව පොලඹවන දෙය තේරුම්ගන්න මේ ලෝකයේ බොහෝදෙනෙකුට හැකි වී නැහැ. කොහොමවුණත්, අත්නෑර දිගටම මේ සේවය කරගෙන යෑමට ප්‍රබල හේතුවක් තිබිය යුතුයි.
3 ප්‍රේමය සතු බලය: ‘අපේ මුළු හෘදයෙන්ද, ආත්මයෙන්ද, බුද්ධියෙන්ද, ශක්තියෙන්ද යෙහෝවාට ප්‍රේම කරන්න’ කියා යේසුස් පැවසූ අවස්ථාවේදී සියලුම ආඥාවලින් උතුම් ආඥාව ඔහු හඳුන්වා දුන්නා. (මාක්. 12:30) යෙහෝවා කෙරෙහි අපට ඉමහත් ප්‍රේමයක් තිබෙන්නේ ඔහු කවුද කියා අපි හොඳින් තේරුම්ගෙන සිටින නිසයි. සෑම දෙයක්ම මවා තිබෙන්නේ ඔහුයි. “ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින” ශ්‍රේෂ්ඨතම පාලකයා ඔහුයි. (එළි. 4:11) ඔහු සතු උතුම් ගුණාංග අද්විතීයයි.—නික්. 34:6, 7.
4 යෙහෝවාව හඳුනාගෙන ඔහුට අප ප්‍රේම කරන විට මිනිසුන් ඉදිරියෙහි අපේ ආලෝකය බැබළවීමට අප තුළ පෙලඹීමක් ඇති වෙනවා. (මතෙ. 5:16) අපි අන් අය ඉදිරියෙහි ඔහුව ප්‍රශංසාවට ලක් කරන විටත් ඔහුගේ පුදුම ක්‍රියා ගැන කතා කරන විටත්, ඔහුගේ රාජ්‍යය පිළිබඳ පණිවිඩය පතුරුවාහරින විටත් අපේ ආලෝකය බැබළෙයි. අහස මැද පියාසර කරන දේවදූතයාට මෙන් අපටත් ‘සියලු ජාතීන්ට, ගෝත්‍රයන්ට, භාෂාවන්ට හා සෙනඟට ප්‍රකාශ කරන පිණිස සදාකාල ශුභාරංචියක්’ ලැබී තිබෙනවා. (එළි. 14:6) ලොව පුරා සිදු වන දේශනා කිරීමේ කාර්යයෙහි හවුල් වීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි.
5 ලෝකයේ මිනිසුන් අපේ දේශනා සේවය සලකන්නේ සවන් නොදිය යුතු “මෝඩ” දෙයක් ලෙසයි. (1 කොරි. 1:18) බොහෝ තැන්වල අපේ සේවය අඩපණ කිරීමට ඇතමුන් උත්සාහ කර තිබෙනවා. ඒ වුණත්, අපේ ප්‍රේමය කිසිවෙකුට බිඳ හෙළිය නොහැකි නිසා ප්‍රේරිතවරුන් පැවසූ මේ වදන් අපටත් පවසන්න පුළුවන්. “අප ඇසූ දුටු දේ ගැන කථා නොකර සිටින්ට අපට නුපුළුවන. . . . මනුෂ්‍යයන්ට වඩා [දෙවිට] අප විසින් කීකරු විය යුතුය.” (ක්‍රියා 4:20, 5:29) මේ නිසා විරුද්ධවාදිකම් මැද ලෝකයේ සතර දික් භාගය පුරා දේශනා සේවය දිගටම ව්‍යාප්ත වෙමින් පවතී.
6 යෙහෝවා කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය ඇවිළෙන ගින්නක් වගෙයි. ඔහුගේ උත්කෘෂ්ටතාවන් දස දෙස ප්‍රකාශ කිරීමට අපව පොලඹවන්නේ ඔහු කෙරෙහි අප තුළ තිබෙන ප්‍රේමයයි. (යෙර. 20:9; 1 පේතෘ. 2:9) අපි දිගටම ‘ඔහුගේ ක්‍රියා ජනයන් අතරේ’ දන්වමු. ‘මක්නිසාද ඔහු උතුම් දේ කළේය.’—යෙසා. 12:4, 5.