ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/01 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
2001 අපගේ රාජ්‍ය සේවාව
km 1/01 3 පි.

නිවේදන

◼ ජනවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: සභා පොත් පත් තොගයෙහි තිබිය හැකි 1986ට කලින් ප්‍රකාශයට පත් කළ පිටු 192ක ඕනෑම පොතක්. Mankind’s Search for God නමැති පොත තිබෙන සභාවන්ට පුළුවන් එය ඉදිරිපත් කරන්න. පෙබරවාරි: Life—How Did It Get Here? By Evolution or by Creation?, එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! හෝ සභා පොත් පත් තොගයෙහි තිබිය හැකි පිටු 192ක ඕනෑම පැරණි පොතක්. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි. අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම්වලදී උනන්දුවක් දක්වන අයට දායක ඉදිරිපත් කළ හැකියි. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න.

◼ වසර 2002 සිහි කිරීමේ උත්සවය පවත්වන්නේ 2001 දින දර්ශනයේ අවසන් පිටුවේ සඳහන් වන පරිදි මාර්තු 22වන සිකුරාදා හිරු බැස යෑමෙන් පසු නොව මාර්තු 28වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසු බව කරුණාවෙන් සලකන්න. මෙය කල්තියාම දැනුම් දෙන්නේ, එකම රාජ්‍ය ශාලාව සභා කිහිපයක් භාවිත කරන විට, වෙනත් ශාලා සොයාගැනීමටත්, ලබාගත හැකි ශාලාවන් සඳහා අවශ්‍ය වෙන් කරගැනීම් හෝ විමසා බැලීම් කිරීමටත් අවශ්‍ය නිසයි. සිහි කිරීමේ උත්සවය සාමකාමීව හා නිසි පිළිවෙළකට පවත්වාගෙන යෑමට හැකි වන පරිදි, වෙන් කරගනු ලබන ගොඩනැඟිල්ලේ සිදු වන වෙනත් කටයුතුවලින් කිසිම බාධාවක් ඇති නොවන බවට සහතික කරගැනීම සඳහා වැඩිමහල්ලන් කළමනාකාරිත්වය සමඟ එකඟත්වයකට පැමිණිය යුතුයි. මෙය ඉතා වැදගත් අවස්ථාවක් වන නිසා, සිහි කිරීමේ කතාව ඉදිරිපත් කිරීමට කථිකයෙකුව තෝරාගැනීමේදී සෑම වැඩිමහල්ලෙකුටම අවස්ථාවක් දීම අවශ්‍ය නැහැ. ඒ වගේම සෑම අවුරුද්දකම එකම සහෝදරයාව යොදාගැනීමත් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට වඩාත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකුව වැඩිමහල් මණ්ඩලය තෝරාගත යුතුයි. කතාව දීමට සුදුසුකම් ලත් ආලේප ලත් වැඩිමහල්ලෙක් සිටී නම්, කලින් සඳහන් යෝජනාව අදාළ වන්නේ නැහැ.

◼ ජනවාරි 8න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමට පැමිණ සිටින සියලුම බව්තීස්ම ලත් ප්‍රචාරකයන්ට පූර්ව වෛද්‍ය නියෝගය/මුදවා හැරීම නමැති කාඩ්පත හා ඔවුන්ගේ දරුවන්ට හැඳුනුම්පත ලබාගත හැකියි.

◼ මාර්තු 4වනදා සිට චාරිකා අවේක්ෂකයන් ඉදිරිපත් කරනු ලබන ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “විනිශ්චය දවස—බිය උපදවන කාලයක්ද නැත්නම් බලාපොරොත්තු ඇති කරවන කාලයක්ද?” යන්නයි.

◼ මේ අවුරුද්දේ අප්‍රියෙල් 8වන ඉරිදා හිරු බැසයෑමෙන් පසුව සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා සභාවන් සුදුසු විධිවිධාන යෙදිය යුතුයි. කතාව වේලාසනින් ආරම්භ කළ හැකි වුවත්, සිහි කිරීමේ සංකේත අතිනත යැවීම හිරු බැසයෑම සිදු වන තෙක් නොකළ යුතුයි. ඔබ ප්‍රදේශයේ හිරු බැසයන වේලාව දැනගැනීම සඳහා අදාළ මූලාශ්‍ර සෝදිසි කර බලන්න. මෙදින ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වන රැස්වීම හැර වෙනත් කිසිම රැස්වීමක් නොපවත්වන නිසා, මුරටැඹ පාඩම වෙනත් අවස්ථාවක පැවැත්වීම සඳහා යෝග්‍ය පරිදි කටයුතු සැලසුම් කරගත යුතුයි. චාරිකා අවේක්ෂකයන් සිහි කිරීම පවත්වන සතියේ රැස්වීම් වේලාවන් අදාළ සභාවේ තත්වයන්ට අනුව සකස් කරගැනීම අවශ්‍යයි. සෑම සභාවක්ම සිහි කිරීමේ උත්සවය වෙන වෙනම පැවැත්වීම හොඳ දෙයක් වුවත්, මෙය සැමවිටම පහසු නොවිය හැකියි. සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන විට, සභාවන් එකකට හෝ ඊට වැඩි ගණනකට සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා වෙනත් ස්ථානයක් තෝරාගත හැකියි. අමුත්තන්ව පිළිගන්න, උනන්දුව දක්වන අයව දිරිගන්වන්න සහ එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැකි වන පිණිස හැකි නම් වැඩසටහන් දෙක අතර, විනාඩි 40ක පමණ කාලයක්වත් තිබිය යුතුයි කියා අප යෝජනා කරන්න කැමතියි. ඇතැම් අයව රැස්වන ස්ථානය කරා ගෙන ඒම හා ආපසු නිවෙස් කරා ගෙනයෑම යන කාරණා ඇතුළුව, වාහන තදබදය සහ රථ ගාල් කිරීම පිළිබඳ ගැටලු වෙතද අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා සභා මට්ටමින් යෙදිය හැකි හොඳම සැලසුම් මොනවාදැයි වැඩිමහල් මණ්ඩලය තීරණය කළ යුතුයි.

◼ වර්ෂ 2001 සිහි කිරීම පවත්වන කාලයේදී ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාව මෙවර දෙනු ලබන්නේ අප්‍රියෙල් 1වන ඉරිදායි. එහි තේමාව “ගැළවීම ලැබිය හැක්කේ කාටද?” යන්නයි. මේ සඳහා දළ සටහනක් සපයනු ලබනවා. යම් සභාවකට චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හෝ චාරිකා එක්රැස්වීමක් හෝ විශේෂ එක්දින එක්රැස්වීමක් හෝ එදිනට යෙදී ඇත්නම්, විශේෂ කතාව ඉදිරිපත් කළ යුත්තේ ඊට පසු සතියේදීය. කිසිම සභාවක් 2001 අප්‍රියෙල් 1වනදාට කලින් විශේෂ කතාව ඉදිරිපත් නොකළ යුතුයි.

◼ වර්ෂ 2001 ජනවාරි 1 කලාපයේ සිට මුරටැඹ සඟරාව කාඔන්ඩේ සහ සෙෂෙල්ස් ක්‍රියෝල් යන භාෂාවලින් මාසිකවද සිලෝසි යන භාෂාවෙන් අර්ධ මාසිකවද ලබාගත හැක.

◼ වර්ෂ 2001 ජනවාරි 8 කලාපයේ සිට පිබිදෙව්! සඟරාව බල්ගේරියානු සහ උර්දු යන භාෂාවලින් මාසිකව ලබාගත හැකියි.

◼ ලබාගත හැකි අලුත් ප්‍රකාශන:

ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—ඇල්බේනියන්, හංගේරියානු

ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—සෙසෝතෝ, ට්ස්වානා

ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමුසටහන් සහිතව—චෙක්

◼ ලබාගත හැකි අලුත් කැසට්පට:

ඔබේ ඇස සරලව තබාගන්න (නාට්‍යය, තනි කැසට්පටය)—ගුජරාටි, හින්දි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න