නිවේදන
◼ සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම්වලදී හමු වන අය අව්‍යාජ උනන්දුවක් දක්වයි නම් දායක ඉදිරිපත් කළ හැකියි. ඔක්තෝබර් මාසයේ අවසාන භාගයේදී “නව සහස්‍රයයි—ඔබේ අනාගතයයි!” යන තේමාවෙන් යුත් රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහරින්න පටන්ගන්නවා. නොවැම්බර්: මේ මාසයේදීද රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීම දිගටම කරන්න යනවා. තම බලප්‍රදේශයේ සෑම නිවැසියෙකුටම රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැර තිබෙන සභාවලට හැකියි, ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත ඉදිරිපත් කරන්න. මේවා දැනටමත් ගෙවැසියන් ළඟ තිබෙනවා නම්, සදා ජීවනය හෝ මැවුම්කරු නමැති පොත් ඉදිරිපත් කළ හැකියි. දෙසැම්බර්: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම.
◼ සභා කිහිපයක් රැස්වීම් පැවැත්වීම සඳහා එකම ස්ථානය යොදාගන්නවා නම්, ජනවාරි මාසයේ මුල සිට රැස්වීම් පවත්වන වේලාවන් මාරු කරගැනීම සඳහා අවස්ථාව ලැබෙයි. මෙසේ රැස්වීම් පවත්වන වේලාවන් මාරු කිරීම නියමයක් නොවෙයි. රැස්වීම් පවත්වන වේලාවන් වෙනස් කරන සභාවන් නව වේලාවන් දක්වන අලුත් අත් පත්‍රිකා ඉල්ලුම් කිරීම අවශ්‍යයි. එමෙන්ම සෑම සභාවක්ම අලුත් වේලාවන් සඳහන්, S-5 නමැති කාඩ්පත (Meeting Times Information) සමිතියට එවිය යුතුයි. රැස්වීම් පවත්වන වේලාවන් සහ රාජ්‍ය ශාලාවල ලිපිනයන් ගැන වැරදි තොරතුරු සැපයීමෙන් බෙතෙල් කථිකයන්, සංචාරකයන් හා ඔබේ රැස්වීම් පිළිබඳව සමිතියෙන් විස්තර ලබාගන්න අය අපහසුතාවකට පත් වෙයි.
◼ සභාවේ පොත් පත් සැපයිය යුතු අලුත් ලිපිනය, රාජ්‍ය ශාලාවේ ලිපිනය, රැස්වීම් පවත්වන වේලාවන් හෝ ඔබට නිතිපතා ලැබෙන සඟරා හෝ අපගේ රාජ්‍ය සේවාවේ සැපයුමේ කර තිබෙන වෙනස්කම් යනාදිය ගැන සමිතියට දැනුම් දීමේදී කරුණාකර ඊට අදාළ පෝර්මය භාවිත කරන්න. ලේකම් අදාළ පෝර්මය සම්පූර්ණ කර, හැකි විගස එවිය යුතුය. අවශ්‍ය සෑම තොරතුරක්ම සපයා තිබෙන බවටත්, ඒවා පැහැදිලිව සඳහන් කර තිබෙන බවටත් සහතික වන්න.
◼ යළි පිහිටුවනු ලබනවාට කැමැත්තක් දැක්විය හැකි සභා ඇසුරෙන් කපාහැර සිටින අය හෝ සභා ඇසුරෙන් ඉවත් වූ අය සම්බන්ධයෙන් 1991 ජූලි 1 මුරටැඹ සඟරාවේ 21-3 දක්වා පිටුවල සඳහන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට වැඩිමහල්ලන්ට මෙයින් මතක් කරනු ලැබේ.
◼ සභාවක් සමඟ ඇසුරු කරන අය මුරටැඹ සහ පිබිදෙව්! සඳහා තමන්ගේ පෞද්ගලික දායක ඇතුළු සියලුම අලුත් හා අලුත් කළ යුතු දායක සභාව මාර්ගයෙන් යැවිය යුතුයි.
◼ පොත් පත් සඳහා ප්‍රචාරකයන්ගේ පෞද්ගලික ඇණවුම් සමිතිය සපුරාලන්නේ නැත. සභාවේ මාසික පොත් පත් ඇණවුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීම සඳහා මුලසුනභාර අවේක්ෂක කටයුතු කළ යුතුයි. මෙසේ කිරීමෙන් තමන්ට පෞද්ගලිකව අවශ්‍ය පොත් පත් ලබාගන්න කැමති සියල්ලන්ටම, ඒ බව පොත් අංශයට දැනුම් දිය හැකියි. කරුණාකර විශේෂ ඉල්ලුම් අයිතම සේ සැලකෙන ප්‍රකාශන මොනවද කියා මතක තබාගන්න.
◼ වර්ෂ 2000 සැප්තැම්බර් 1 කලාපයේ සිට මුරටැඹ සඟරාව මාසික සඟරාවක් ලෙස ඇසබයිජානි හා ටුම්බුකා යන භාෂාවලින් ලබාගත හැක.
◼ ලබාගත හැකි අලුත් ප්‍රකාශන:
ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?—තායි
යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද? (පත්‍රිකා අංක 24)—සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්
ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද?—කන්නාඩා
◼ අලුතින් ලබාගත හැකි ශ්‍රව්‍ය කැසට් පට:
පවුල් සාමාජිකයෙනි—දිනපතා බයිබල් කියවීම ඔබේ ජීවිතය සඳහා මඟ කරගන්න! (නාට්‍යය, තනි කැසට්පටය)—ජපන්
ඔබේ ඇස සරලව තබාගන්න (නාට්‍යය, තනි කැසට්පටය)—කොරියානු
ගැළවීම සඳහා ලකුණු කරනු ලැබ (නාට්‍යය, තනි කැසට් පටය)—කොරියානු
කොරියානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කරනු ලබන මුරටැඹ සඟරාවේ ශ්‍රව්‍ය කැසට්පට 2000 සැප්තැම්බර් 1 කලාපයේ සිට ලබාගත හැක.