ඔබ ලැජ්ජාශීලී පුද්ගලයෙක්ද?
1 කුඩා ළමයෙක් අම්මාට හෝ තාත්තාට මුවා වී, අපි දෙස හොරෙන් එබිකම් කර බලද්දී අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. කුඩා කාලයේ ලැජ්ජාශීලීබවක් දැනීම සාමාන්‍ය දෙයක්. වැඩිහිටියන් වූ පසුව පවා බොහෝදෙනෙක් තුළ ලැජ්ජාශීලීගතිය යම් ප්‍රමාණයකට දැකිය හැකියි. දේවසේවයේ හවුල් වීමේදී ලැජ්ජාශීලීභාවය ඔබට බාධාවක් නම් කුමක් කළ හැකිද?
2 ලැජ්ජාශීලීභාවයෙන් ජයගැනීම: ‘සිතේ ඇතුල් මනුෂ්‍යයාට’ අවධානය දීම වැදගත් වෙනවා. (1 පේතෘ. 3:4) යෙහෝවා සහ අසල්වැසියා සඳහා ඔබේ ප්‍රේමය වැඩි කරගන්න. ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයක් විදහාපෙන්විය හැකි හොඳම මාර්ගවලින් එකක් වන්නේ දේශනා කිරීමට දී තිබෙන පැවරුම ඉටු කිරීම බව හොඳින් තේරුම්ගන්න. පෞද්ගලික අධ්‍යයනයේ යෙදීමේ හා රැස්වීම්වලට පැමිණීමේ හොඳ පුරුදු ඇති කරගන්න. උපකාරය ඉල්ලා නිතිපතා යෙහෝවාට යාච්ඤා කරන්න. යෙහෝවා කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් හා දැඩි විශ්වාසයක් ඇති කරගැනීමෙන් අපේ බිය සැක දුරු වන අතර, ‘දෙවිගේ වචනය භය නැතුව කියා දෙන්න වැඩි නිර්භීතකමකුත්’ ඇති වෙනවා.—පිලි. 1:14.
3 තමන්ට එතරම් හැකියාවක් නැතැයි යන හැඟීම්වලට යටපත් නොවන්න. තිමෝතිට මෙය කරන්න සිදු වූ බව පෙනෙන්න තිබෙනවා. “[දෙවි] අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය” කියා තිමෝතිට සිහිගන්වමින් “නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ [නාරින්න]” කියා පාවුල් ඔහුව දිරිමත් කළා. (2 තිමෝ. 1:7; 1 තිමෝ. 4:12) යෙහෝවා තිමෝතිව සේවය සඳහා හොඳින් යොදවාගත්තා. ඔබත් යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් ඇතුව වර්ධනය වෙන්න උත්සාහ කරනවා නම්, ඔහු ඔබවත් එසේ යොදවාගන්න යනවා.—ගීතා. 56:11.
4 තම ස්වාමිපුරුෂයාගෙන් එල්ල වූ විරුද්ධවාදිකම් නිසා බියට පත්ව සිටි සහෝදරියක් මතෙව් 10:37 වැනි බයිබල් පද මෙනෙහි කිරීමෙන් මහත් ප්‍රයෝජන ලැබුවා. ඇගේ නොපසුබස්නා උත්සාහය නිසා කිසිම බියක් සැකක් නැතුව සේවයේ හවුල් වන්න ඇයට හැකි වුණා. එපමණක්ද නොව කලක් ගතවීමෙන් පසු ඇගේ ස්වාමිපුරුෂයා, මව හා සහෝදරයන් සත්‍යය පිළිගත්තා!
5 සූදානම් වීම අත්‍යවශ්‍යයි: ඔබ දේවසේවය සඳහා හොඳින් සූදානම් වෙනවා නම් බිය සැක තව තවත් දුරු වෙන්න යනවා. අපගේ රාජ්‍ය සේවාවේ පසුගිය කලාපයකින් සරල ඉදිරිපත් කිරීමක් තෝරාගන්න. අනතුරුව එය හොඳින් අධ්‍යයනය කරමින් පුහුණු වෙන්න. අනවශ්‍ය බියක් හෝ ලැජ්ජාශීලීගතියක් ඇති කරගන්නේ නැතුව, අද්දකින යහපත් ප්‍රතිඵල ගැන සිතන්න. අනිත් අය සමඟ සේවයේ හවුල් වීමෙන් ධෛර්යය උපදවාගන්න. ඔබට නිවෙස්වලදී හමු වන බොහෝදෙනෙක්ද ඔබ වගේම ලැජ්ජාශීලීබවත් මතක තබාගන්න. හැමකෙනෙක්ම රාජ්‍ය පණිවිඩයට සවන් දීම අවශ්‍යයි.
6 ඔබට ලැජ්ජාශීලීබවක් දැනෙනවා නම්, අධෛර්යය වෙන්න එපා. ඔබ මෙයින් ජයගැනීමට වෑයම් කරන විට ශුභාරංචිය ප්‍රකාශ කරන බලපෑමෙන් යුත් දේවසේවකයෙකු වීමට යෙහෝවා ඔබට උපකාර කරනවා. මේ නිසා ඔබ දේවසේවයේ හවුල් වීමෙන් ප්‍රීතිය අද්දකින්න යන බව නිසැකයි.—හිතෝ. 10:22.