“කථා නොකර සිටින්න අපට නුපුළුවන”
1 යේසුස් ක්‍රිස්තුස් අදදින සිදු කෙරෙන දේශනා වැඩය මහත් ඕනෑකමින් අධීක්ෂණය කරමින් සිටිනවා. (මතෙ. 28:20; මාර්ක් 13:10) රටවල් 234ක දශලක්ෂ හයකට ආසන්න පිරිසක් ක්‍රියාශීලී ලෙස සාක්ෂි දරමින් සිටින නිසා අපේ සාක්ෂි දැරීමේ වැඩය අවසන් වී ඇතැයි කියා අපි නොසිතිය යුතුයි. වැඩය කර අවසන් කියා දෙවි ප්‍රකාශ කරන තුරු “අප ඇසූ දුටු දේ ගැන කථා නොකර සිටින්ට අපට නුපුළුවන.”—ක්‍රියා 4:20.
2 දෙවිගේ ආත්මය මත රඳා සිටින්න: අපව අධෛර්යට පත් කිරීම සඳහා සාතන් දැඩි පීඩන එල්ල කරනවා. (එළි. 12:16ආ) අපේ අසම්පූර්ණ මාංශය නිසාද අපි බොහෝ පීඩා අද්දකිනවා. මෙම දේවල් නිසා අපේ වැදගත්ම වැඩය වන දේශනා කිරීමෙන් අපේ අවධානය වෙනතකට යොමු විය හැකියි. ඒත් අපි යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුව සිටිනවා නම්, ඕනෑම ගැටලුවකින් ජයගැනීමට ඔහුගේ ආත්මය අපිට උපකාර කරනවා.
3 මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව දැඩි ලෙස හිංසා පීඩාවලට ලක් වූ අවස්ථාවලදී, නිර්භීතව දෙවිගේ වචනය දිගටම කතා කරන්න උපකාරය ඉල්ලා සහෝදරයන් දෙවිට යාච්ඤා කළා. යෙහෝවා දිගටම දේශනා කිරීම කරගෙන යෑමට ඔවුන්ට අවශ්‍යව තිබූ ශක්තිය හා ජ්වලිතය මෙන්ම ඔහුගේ ආත්මය සැපයීමෙන් ඔවුන්ගේ යාච්ඤාවලට උත්තර දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට, ඔවුන් අත්නෑර දිගටම ශුභාරංචිය ප්‍රකාශ කළා.—ක්‍රියා 4:29, 31; 5:42.
4 අධෛර්ය කරවන කතාවලට බය නොවන්න: මිනිසුන් අපි ගැන දරන යම් අදහස් නිසා හෝ අපිට කරන අපහාසාත්මක චෝදනා නිසා අපි තුළ යම් බයාදු ගතියක් ඇති විය හැකියි. ඒ වුණත්, ක්‍රියා 5:29-32හි සඳහන් පේතෘස් හා සෙසු ප්‍රේරිතයන් යුදෙව් අධිකරණ ශාලාවේදී පැවසූ නිර්භීත වදන් මතක් කරගන්න. ව්‍යවස්ථාව උගන්වන්නෙකු වූ ගමාලියෙල් පිළිගත්තාක් මෙන් දෙවිගේ වැඩය නතර කරන්න කාටවත් බැහැ. මේ වැඩය කරන්නේ අපේම ශක්තියෙන් නොවෙයි. මේ අතිවිශාල වැඩයට දෙවිගේ අනුබලය තිබෙන අතර, එය සම්පූර්ණයෙන්ම ඉටු කළ හැක්කේ ඔහුට පමණයි.—සෙක. 4:6.
5 ශුභාරංචිය ජ්වලිතව ප්‍රකාශ කිරීම සඳහා ඔහුගේ ආත්මය ලබා දෙන්න කියා අපි දිනපතාම යෙහෝවාට කන්නලව් කරමු. යෙරෙමියා මෙන් අපිත් රාජ්‍ය පණිවිඩය අපේ ඇටවල ඇවිළෙන ගින්නක් මෙන් සලකමු. (යෙරෙ. 20:9) අපට නිහඬව සිටින්න බැහැ!