ප්රගතිශීලී බයිබල් පාඩමක් පවත්වන්න
1 ඔබ දැනට බයිබල් පාඩමක් පවත්වමින් සිටින්නේ නැත්නම්, එසේ කිරීම ඔබේ ඉලක්කය කරගත හැකිද? මේ වරප්‍රසාදය අත් කරගන්න සමහරු පසුබට විය හැකියි. නමුත් එම ඉලක්කය අත් කරගන්න වැඩිදෙනෙක්, තවත් කෙනෙක් යෙහෝවා ගැන දැනගෙන ඔහුට ප්‍රේම කරනවා දැකීමෙන් ඉමහත් ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒ වුණත්, පාඩමක් පැවැත්වීමේදී කිව යුතු දේවල් මම දැනගන්නේ කොහොමද කියා ඔබ කල්පනා කරන්න පුළුවන්.
2 මෙය ඉටු කරගැනීම සඳහා යෙහෝවාගේ සංවිධානය අපූරු මෙවලමක් වන ඕනෑ කරන්නේ විවරණිකාව අපට ලබා දී තිබෙනවා. පාඩමක් පැවැත්වීමේදී, ශිෂ්‍යයා ක්‍රිස්තියානි ගෝලයෙක් හා ආත්මික සහෝදරයෙක් හෝ සහෝදරියක් බවට පත් විය හැකි කෙනෙක් ලෙස සලකා අව්‍යාජ පෞද්ගලික උනන්දුවක් පෙන්වන්න. උණුසුම්, මිත්‍රශීලී මෙන්ම උද්යෝගිමත් වන්න. හොඳ සවන්දෙන්නෙක් වීමෙන් ඔබට පුළුවන් අනිත් තැනැත්තාගේ පසුබිම හා ඔහු කෙබඳු පුද්ගලයෙක්ද යන වග දැනගන්න. ඔහුට ආත්මික උපකාරය සැපයිය හැකි හොඳම විදිහ වටහාගැනීමට එය ඔබට උපකාර කරන්න යනවා. ශිෂ්‍යයා වෙනුවෙන් ඔබේ කාලය, ශ්‍රමය කැමැත්තෙන්ම යොදවන්න.—1 තෙස. 2:8.
3 ඉගැන්වීමේ කලාව හා ගෝලයන් සෑදීම අතර වෙන් කළ නොහැකි බැඳීමක් තිබෙන නිසා, ගුරුවරුන් හැටියට දියුණුවක් ලබන්න අපි දැඩි ප්රයත්නයක් දැරීම අවශ්‍යයි. (1 තිමෝ. 4:16; 2 තිමෝ. 4:2) ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමින් ගෝලයන් සාදන්න ඔබ වෑයම් කරන විට, රාජ්‍ය ශුභාරංචිය සමඟින් මිනිසුන්ගේ හදවත්වලට ළඟාවීම සඳහා ඔබ දරන ප්රයත්නයන්ට යෙහෝවාගේ ආශීර්වාද පතා නිතරම යාච්ඤා කරන්න. “වර්ධනය වීමට සලස්වන [NW]” තැනැත්තා ඔහුයි. (1 කොරි. 3:5-7) සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම අවබෝධ කරගැනීමටත් අගය කිරීමටත් ඒ අනුව ක්‍රියා කිරීමටත් අනිත් අයට ඉගැන්වීමෙන් ලැබෙන ප්‍රීතිය ඔබට අද්දකින්න ලැබේවා!