ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/00 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
2000 අපගේ රාජ්‍ය සේවාව
km 5/00 7 පි.

නිවේදන

◼ මැයි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන පුද්ගලයන්ට ඕනෑ කරන්නේ විවරණිකාව ලබා දී නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ජූනි: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූලි සහ අගෝස්තු: මතු දැක්වෙන පිටු 32 ඕනෑම විවරණිකාවක්: ඇත්තට ම දෙවි අප ගැන සලකන්නේද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, යෝග්‍ය අවස්ථාවලදී, දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාව ඉදිරිපත් කළ හැකියි.

◼ දෙමළ සහ මලයාලම් භාෂාවලින් පිබිදෙව්! සඟරාව තවදුරටත් අර්ධ මාසික සඟරා ලෙස මුද්‍රණය කරනු ලබන්නේ නැත. 2000 ජූනි 22 කලාපය, අවසන් වරට නිකුත් කරන අර්ධ මාසික කලාපය වනු ඇත. වර්ෂ 2000 ජූලි 8 කලාපයේ පටන් එම භාෂාවලින් පිබිදෙව්! සඟරා නිකුත් කරනු ලබන්නේ මාසික කලාප ලෙසයි. තවදුරටත් මේ භාෂා දෙකෙන් මාස හයක් සඳහා දායක ලබාගත නොහැක. ලබාගත හැක්කේ මාස 12ක් සඳහා දායක පමණයි. දැනට මේ භාෂාවලින් දායක ලබාගෙන සිටින අයගේ දායක ඉකුත් වීමේ දිනය දීර්ඝ කරනු ලබන අතර, දායකය ඉකුත් වීමේ අලුත් දිනය යථා කාලයේදී දැනුම් දෙනු ලබනවා. වර්ෂ 2000 ජූලි 8 කලාපයේ සිට හින්දි, ගුජරාටි, කන්නාඩා හා මරාටි යන භාෂාවලින් පිබිදෙව්! සඟරාව ලබාගත හැක්කේ ත්‍රෛමාසික කලාප හැටියටයි. මේ භාෂා හතරින් පිබිදෙව්! සඟරාව සඳහා දායක ලබාගත නොහැක. සභාවන්ට හා පුද්ගලයන්ට මේ භාෂා හතරින් නිකුත් වන පිබිදෙව්! සඟරාවේ ත්‍රෛමාසික කලාප තමන්ගේ සභාව මගින් ඉල්ලුම් කළ හැකියි.

◼ ඔබේ කිසිම පෞද්ගලික ලිපියක, පිළිතුරු ලැබිය යුතු ලිපිනය හැටියට සමිතියේ ලිපිනය කිසිම අවස්ථාවක සඳහන් නොකරන්න කියා සියලුම ප්‍රචාරකයන්ට මතක් කරන්න කැමතියි. උනන්දුව දක්වන අයට, නිවෙස්වල නැති අයට හෝ යා නොහැකි තැන්වල සිටින අයට සාක්ෂි දැරීමේ අරමුණින් යවන ලිපිවල හා පොත් පත්වල සමිතියේ ලිපිනය සඳහන් නොකරන්න. ලිපි මගින් සාක්ෂි දරන විට, පිළිතුරු ලැබිය යුතු ලිපිනය හැටියට ඔබේ පෞද්ගලික ලිපිනය හෝ රාජ්‍ය ශාලාවේ ලිපිනය යොදාගන්න. කරුණාකර සමිතියේ ලිපිනය සඳහන් කරන්න එපා.

◼ මුලසුනභාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලැබූ තැනැත්තෙකු ජූනි 1වනදා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. ඊළඟ වතාවේ ගිණුම් වාර්තාව ඉදිරිපත් කළ පසු සභාවේ ගිණුම් විගණනය කළ බව නිවේදනය කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න