ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 නොවැම්බර් 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • බයිබල් පද හොයාගන්නේ කොහොමද?
    තවත් ලිපි
  • 3වෙනි කොටසේ කාල රේඛාව
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • පුරාණ යෙරුසලම් නගරය විනාශ වුණේ කවදාද? පළමුවන කොටස
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඩම් අංක 3—කාලය නමැති ප්‍රවාහයේ සිදුවීම් ගණනය කිරීම
    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3)
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 නොවැම්බර් 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ලූක් 22:25, 26 යේසුස් සඳහන් කළ ‘මිනිසුන්ගේ ගරු නම්බු නාම’ ලබන බලධාරීන් කවුද? එයාලට ඒ ගරු නම්බු නාම ලැබුණේ ඇයි?

බයිබල් කාලවල ගරු නම්බු නාම ලැබූ කෙනෙක්

යේසුස් ඔහුගේ නියෝජිතයන් එක්ක හිටපු අවසන් රාත්‍රියේදී එයාලට මෙහෙම කිව්වා. “රජවරුන් මිනිසුන්ව පාලනය කරන්නේ දරුණු විදිහටයි. එමෙන්ම මිනිසුන් බලධාරීන්ට ගරු නම්බු නාම පවා ලබා දෙනවා. නමුත් ඔබ එවැනි අයට වඩා වෙනස් අය විය යුතුයි.”—ලූක් 22:25, 26.

එතන යේසුස් සඳහන් කරන “ගරු නම්බු නාම” ලබන බලධාරීන් කවුද? ශිලා ලේඛන, පැරණි කාසි සහ ලියවිලිවලින් හොයාගෙන තියෙන විදිහට අතීතයේදී රෝමයේ සහ ග්‍රීසියේ හිටපු ප්‍රසිද්ධ පුද්ගලයන්ටත් පාලකයන්ටත් ගරු නම්බු නාම ලබා දුන්නා. එහෙම කළේ මිනිසුන් වෙනුවෙන් එයාලා කරපු යම් සේවයක් අගය කරන්නයි. ‘යුවර්ජීටිස්’ කියන්නේ ඒ වගේ අයට දුන්න ගරු නම්බු නාමයක්.

ගොඩක් රජවරුන්ට ‘යුවර්ජීටිස්’ කියන ගරු නම්බු නාමය දුන්නා. ඊජිප්තුව පාලනය කළ තුන්වන ටොලමි යුවර්ජීටිස් (ක්‍රි.පූ. 247-222), අටවන ටොලමි දෙවෙනි යුවර්ජීටිස් (ක්‍රි.පූ. 147-117), රෝම පාලකයෙක් වූ ජූලියස් සීසර් (ක්‍රි.පූ. 48-44), ඔගස්ටස් (ක්‍රි.පූ. 31- ක්‍රි.ව. 14) සහ යුදයේ රජකම් කළ මහා හෙරොද් ඒ අය අතරින් කීපදෙනෙක්. සාගතයක් ඇති වුණ අවස්ථාවකදී මහා හෙරොද් රජු මිනිසුන්ට තිරිඟු ගෙන්නලා දුන්න නිසාත් දුප්පත් අයට ඇඳුම් ලබා දුන්න නිසාත් ඔහුට ඒ ගරු නම්බු නාමය දුන්නා කියලා හිතන්න පුළුවන්.

ඒ කාලේ ගොඩක් අයට ගරු නම්බු නාම දීලා තියෙනවා කියලා ජර්මානු ජාතික බයිබල් විශාරදයෙක් වන ඇඩෝල්ෆ් ඩයිස්මන් කියනවා. එයා මෙහෙමත් කියනවා. “ශිලා ලේඛනවල ඒ වගේ ගරු නම්බු නාම සඳහන් තැන් සිය ගාණක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.”

ඒත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා “ඔබ එවැනි අයට වඩා වෙනස් අය විය යුතුයි” කියලා. යේසුස් කිව්ව දෙයින් අදහස් වුණේ සමාජයට සේවය කරන එක, මිනිසුන්ට උදව් කරන එක වැරදියි කියලාද? නැහැ. යේසුස් එතනදී කතා කළේ සේවය කරද්දී මිනිසුන්ට තිබුණු වැරදි ආකල්පය ගැනයි.

යේසුස්ගේ කාලයේ ධනවත් අය විවිධ සංදර්ශනවලට, තරඟවලට අනුග්‍රහය දැක්වුවා. උද්‍යාන, දේවස්ථාන ඉදි කළා. ඒත් එයාලා ඒ දේවල් කළේ මිනිසුන් අතර හොඳ නමක් දිනාගෙන ප්‍රසිද්ධ වෙන අරමුණ ඇතුවයි. එක පොතක මෙහෙම කියනවා. “අවංක චේතනාවෙන් සමාජයට වටිනා සේවයක් ඉටු කරපු අය හිටියත් වැඩිදෙනෙක් එහෙම කළේ දේශපාලන වාසි ප්‍රයෝජන ලබාගන්නයි.” ඒ වගේ ආකල්පයක් ඇතුව දේවල් කරන්න එපා කියලයි යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ.

පස්සේ කාලෙක පාවුල් මේ කාරණය ගැන කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ට මතක් කළා. අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී අපිට තියෙන්න ඕනෙ ආකල්පය ගැන ඔහු කිව්වේ මෙහෙමයි. ‘කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.’—2 කොරි. 9:7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න