ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 3 3 පි.
  • ආදරය කරන කෙනෙක් මැරුණාම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරය කරන කෙනෙක් මැරුණාම
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • අනික් අයට කරන්න පුළුවන් මොනවාද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • “හඬන අයත් සමඟ හඬන්න”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මම දුක දරාගන්නේ කොහොමද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • දුක දරාගන්නේ කොහොමද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 3 3 පි.
වැලපෙන කාන්තාවක්

මුල් පිටුවෙන්

ආදරය කරන කෙනෙක් මැරුණාම

“අපිට හොඳ මොකක්ද කියලා දෙවියන් දන්නවා. අඬන්න එපා අනේ.”

තාත්තාගේ මරණය නිසා දුකෙන් හිටිය බීබී කියන කාන්තාවටයි එහෙම කිව්වේ. ඇගේ තාත්තා හදිසි අනතුරකින් මිය ගිහින් තිබුණා.

තාත්තායි බීබීයි අතර කිට්ටු බැඳීමක් තිබුණා. පවුලට හුඟක් හිතැති බීබීගේ මිතුරියක් එහෙම කිව්වත් ඒකෙන් හිත සැනසෙනවා වෙනුවට හිත පෑරුණා. “තාත්තා මැරුණ එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද” කියලා ඇය නිතරම හිතුවා. අවුරුදු ගාණකට පස්සේ පොතකින් තාත්තාගේ අනතුර ගැන කියවද්දිත් ඇයට ඒ දුක තිබුණා.

තමන්ට හුඟක් කිට්ටුවෙන් හිටිය, ආදරය කරපු කෙනෙක් මැරුණාම ඒ දුක තුනී කරගන්න සෑහෙන කාලයක් යනවා. බයිබලයේ මරණය විස්තර කරලා තියෙන්නේ “අන්තිම සතුරා” කියලයි. (1 කොරින්ති 15:26) අපිට කිට්ටුවෙන් හිටිය කෙනෙක්ව ඩැහැගන්න ඒ සතුරා හුඟක් වෙලාවට එන්නේ අපි නොහිතපු වෙලාවක. ඒක වළක්වන්න අපි කාටවත් බැහැ. ඒ දුක හැමෝටම පොදුයි. ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරි වෙන එක පුදුමයක් නෙමෙයි.

සමහරවිට ඔයා මෙහෙම කල්පනා කරයි. ‘මේ දුක නැති කරගන්න කොච්චර කාලයක් යයිද? දුක දරාගන්නේ කොහොමද? වියෝදුකෙන් ඉන්න කෙනෙක්ව සනසන්න පුළුවන් කොහොමද? මැරුණ අය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න