ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 12/1 11 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙරුසලම—‘මහ රජුගේ නුවර’
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරාවිද්‍යාව—ඇදහිල්ල සඳහා අත්‍යවශ්‍යද?
    2002 පිබිදෙව්!
  • ක්‍රිස්තියානි ආගම මුල් සියවසේ විසූ යුදෙව්වන් අතර පැතිරී යයි
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙයි’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 12/1 11 පි.

ඔබ දැන සිටියාද?

ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ඇත්තටම යුදෙව්වන් “සියලු දේශවලින්” යෙරුසලමට ආවද?

බයිබලයේ ක්‍රියා 2:5-11 වාර්තාවට අමතරව ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී විශාල සෙනඟක් යෙරුසලමට ආවා කියලා ඒ කාලයේම හිටිය යුදෙව් ලේඛකයෙක් වුණු ෆිලෝගේ වාර්තාවකත් සඳහන් වෙනවා.

යෙරුසලමට ආපු අය ගැන ඔහු මෙහෙම ලිව්වා. “සිය දහස් ගණන් සෙනඟක් ගොඩබිමින්, මුහුදෙන්, උතුරින්, දකුණින්, බස්නාහිරෙන්, නැඟෙනහිරෙන් යන සතරදිග්භාගයෙන්ම හැම ආගමික උත්සවයකටම ආවා.” මහා හෙරොද් රජුගේ මුනුපුරා වන 1වෙනි අග්‍රිපා, රෝම අධිරාජ්‍යයා වන කැලිගුලාට ලියපු ලියුමකිනුත් ෆිලෝ උපුටලා දැක්වුවා. ඒ ලියුමේ යෙරුසලම ගැන අග්‍රිපා රජ ලියලා තිබුණේ මෙහෙමයි. “යුදෙව්වන් බොහෝ රටවල ජනපද පිහිටුවාගෙන තිබුණ නිසා ශුද්ධ නුවර . . . යුදයේ විතරක් නෙමෙයි වෙනත් රටවල් බොහොමයකත් අගනුවර කියලා කියන්න පුළුවන්.”

මෙසපොතේමියාව, උතුරු අප්‍රිකාව, කුඩා ආසියාව, ග්‍රීසිය සහ මධ්‍යධරණී මුහුද අවට දූපත් යන ඈත රටවලත් යුදෙව්වන් ජනපද පිහිටුවාගෙන තිබුණා කියලත් අග්‍රිපා සඳහන් කෙරුවා. විශාරදයෙක් වන යෝකිම් යෙරෙමියස් කිව්වේ මෙහෙමයි. “ඒ රටවලින් යෙරුසලමට ගිය ගමන් ගැන විශේෂ සඳහනක් නැති වුණත් තමන්ගේ වන්දනාමාන කටයුතුවලට යන එක අනිවාර්ය දෙයක් වුණ නිසා යුදෙව් වැඩිහිටියන් ඒ ගමන් ගියා කියලා හිතන්න පුළුවන්.”—ද්විතීය කතාව 16:16.

උත්සව සඳහා යෙරුසලමට ආපු දහස් ගණන් සෙනඟ නවාතැන් ගත්තේ කොහෙද?

පාස්කු, පෙන්තකොස්ත, පැල් කියන උත්සව 3 වාර්ෂිකව යෙරුසලමේ පැවැත්තුවා. 1වෙනි සියවසේදී යුදය හා අවට දේශවල හිටිය යුදෙව්වන් දහස් ගණනක් ඒ සඳහා ආවා. (ලූක් 2:41, 42; ක්‍රියා 2:1, 5-11) ආපු හැමෝටම නවාතැන් හොයාගන්න සිද්ධ වුණා.

සමහර අය රාත්‍රිය ගෙව්වේ යාළුවන්ගේ ගෙවල්වල. තවත් අය තානායම්වල. හුඟදෙනෙක් නගරයේ සහ නගරය අවට කූඩාරම් ගහගත්තා. යේසුස් යෙරුසලමේ හිටිය අන්තිම වතාවේ නවාතැන් ගත්තේ ඒ අසල තිබුණ නගරයක් වන බෙතානියෙයි.—මතෙව් 21:17.

කැණීම්වලදී දේවමාලිගාව අවට ප්‍රදේශයෙන් ජල තටාක තිබුණු ගොඩනැඟිලි කීපයක් හොයාගෙන තියෙනවා. උත්සවවලට ආපු අය ඒ ගොඩනැඟිලිවල නවාතැන් ගන්න ඇති. ඒවාවල ජල තටාක හදලා තිබුණේ නවාතැන් ගත්ත අය දේවමාලිගාවට ඇතුල් වෙන්න කලින් තමන්ව පිරිසිදු කරගන්න වෙන්න ඇති. එක ගොඩනැඟිල්ලක තියොඩටස් කියන නම කොටලා තිබුණා. ඔහු සිනගෝගයක හිටිය පූජකයෙක් වගේම නායකයෙක්. ඒකේ මේ විස්තරෙත් කොටලා තිබුණා. “සිනගෝගය හැදුවේ ටෝරා [ලියවිලි] කියවන්නයි. . . . නවානැත්, කාමර, ජල තටාක නවාතැන් ගන්න අමුත්තන්ටයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න