ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 12/15 21 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සිත් තැවුලෙන් පසු වූ සොහොයුරියන් ‘ඊශ්‍රායෙල් වංශය ගොඩනඟයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාකොබ් හාරානයට යයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යාකොබ්ගේ ලොකු පවුල
    මගේ බයිබල් කතන්දර පොත
  • කුමන අවංක වෑයමටද යෙහෝවාගෙන් ආශීර්වාද ලැබෙන්නේ?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 12/15 21 පි.
හෙරොද් රජුගේ නියෝගයක් පිට බෙත්ලෙහෙමේ හිටපු පිරිමි දරුවන්ව මරලා දානවා

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පුත්‍රයන් වෙනුවෙන් රාකෙල් හඬා වැලපුණා කියලා කියද්දී යෙරෙමියා ඉන් අදහස් කළේ මොකක්ද?

යෙරෙමියා 31:15 සඳහන් වෙන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ශෝකයෙන් විලාප දෙන හඬක් රාමාහි ඇසිණ. ඒ තම පුත්‍රයන් වෙනුවෙන් හඬා වැලපෙන රාකෙල්ගේ හඬයි. පුත්‍රයන් අහිමි වූ නිසා හඬා වැලපෙමින් සිටින ඇයව සැනසවීමට කොතෙකුත් උත්සාහ කළත් ඇය සැනසීමට කැමති වුණේ නැත.’”

ඒ වදන් යෙරෙමියා ලිව්වේ රාකෙල්ගේ මරණයෙන් අවුරුදු 1,000කට පස්සෙයි. රාකෙල් මිය ගියේ ඇගේ පුතුන් මිය යන්න කලින් නිසා යෙරෙමියා ලියූ දේ වැරදියි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

රාකෙල්ගේ වැඩිමල් පුතා යෝසෙප්. (උත්. 30:22-24) පසු කාලයේදී ඇයට තවත් පුතෙක් ලැබුණා. ඔහුගේ නම බෙන්ජමින්. ඒ පුතා ලැබෙද්දී රාකෙල් මිය ගියා. එහෙමනම් ඇගේ පුතුන් “අහිමි වූ නිසා” රාකෙල් හඬා වැලපුණා කියලා යෙරෙමියා 31:15 සඳහන් වෙන්නේ ඇයි?

යෝසෙප්ට, මනස්සේ සහ එෆ්‍රායිම් කියලා පුතුන් දෙන්නෙක් හිටියා. (උත්. 41:50-52; 48:13-20) කාලයක් යද්දී එෆ්‍රයිම්ගෙන් පැවතෙන අයගෙන් සෑදුණු ගෝත්‍රය, ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයේ තිබුණු ගෝත්‍ර දහය නියෝජනය කරන බලවත්ම ගෝත්‍රය වුණා. රාකෙල්ගේ දෙවෙනි පුතා වන බෙන්ජමින්ගෙන් පැවත එන අයගෙන් ඊශ්‍රායෙලයේ දකුණු රාජ්‍යයට අයිති ගෝත්‍රයක් සෑදී තිබුණා. ඒ නිසා රාකෙල්ගෙන් මුළු ඊශ්‍රායෙල් දේශයේම සිටි මව්වරුන් නියෝජනය වුණා කියලා කියන්න පුළුවන්.

යෙරෙමියා පොත ලියපු කාලයේදී ඇසිරියානුවන් උතුරු රාජ්‍යය අත් පත් කරගෙන එහේ හිටපු හුඟදෙනෙකුව වහල්කමට ගෙන ගිහින් තිබුණා. ඒ කාලයේදී උතුරු රාජ්‍යයේ හිටපු සමහරදෙනෙක් දකුණු රාජ්‍යයට පලා යන්න ඇති. ඒත් දකුණු රාජ්‍යයත් ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් යටත් කරගත්තා. ඔවුන් දකුණු රාජ්‍යයේ හිටපු බොහෝදෙනෙක්ව බෙන්ජමින්වරුන්ට අයිති ප්‍රදේශයේ තිබුණු රාමා නම් නගරයට (යෙරුසලමට කිලෝමීටර් 8කට පමණ උතුරින්) ගෙන ගියා. (යෙරෙ. 40:1) සමහර අයව එහිදී මරා දමන්නත් ඇති. රාකෙල්ව භූමදානය කර තිබුණෙත් බෙන්ජමින්වරුන්ට අයිති ප්‍රදේශයකයි. (1 සාමු. 10:2) එහෙමනම් රාකෙල් පුත්‍රයන් වෙනුවෙන් හඬා වැලපුණා කියද්දී, රාමාවලදී මිය ගිය අය නිසා හෝ මිය ගිය සියලුම බෙන්ජමින්වරුන් නිසා මව්වරුන්ට ඇති වුණ වේදනාව අදහස් වුණා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊශ්‍රායෙලයේ උතුරු හා දකුණු රාජ්‍යයේ සිටි දෙවිගේ සෙනඟව වහල්කමට ගෙන ගිය නිසා හෝ මරණයට පත් කරපු නිසා මව්වරුන්ට ඇති වුණ වේදනාව අදහස් වුණා වෙන්නත් පුළුවන්.

රාකෙල් පුතුන් වෙනුවෙන් හඬා වැලපුණා කියලා යෙරෙමියා කියපු දේට තවත් විශේෂ ඉටු වීමක් තියෙනවා. ඒක ඉටු වුණේ යෙරෙමියා ඒ අනාවැකිය කියලා අවුරුදු සිය ගණනකට විතර පස්සෙයි. ඒ කියන්නේ යේසුස් පුංචි දරුවෙක්ව සිටි කාලයේදීයි. ඒ කාලයේදී බෙත්ලෙහෙමේ හිටපු අවුරුදු දෙකක් හෝ ඊට අඩු සියලුම පිරිමි දරුවන්ව මරලා දාන්න කියලා හෙරොද් රජු නියෝග කළා. තමන්ගේ දරුවන් අහිමි වූ නිසා බෙත්ලෙහෙමේ හිටපු මව්වරුන්ට මොන තරම් දුකක් ඇති වෙන්න ඇද්ද! ඒ මව්වරුන් නඟපු විලාප හඬ හරියට රාමා දක්වා ඇහුණා වගෙයි..—මතෙ. 2:16-18.

එහෙමනම් රාකෙල් පුතුන් වෙනුවෙන් හඬා වැලපුණා කියද්දී ඒකෙන් අදහස් කළේ යෙරෙමියාගේ කාලයේදී වගේම යේසුස්ගේ කාලයේදීත් තමන්ගේ දරුවන් අහිමි වීම නිසා යුදෙව් මව්වරුන් අද්දැකපු වේදනාවයි. මරණය නමැති සතුරා ඔවුන්ව ගිල ගත්තත් ඔවුන් නැවත නැඟිටුවන කාලයක් එනවා.—යෙරෙ. 31:16; 1 කොරි. 15:26.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න