ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 5/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • දුක් වේදනාවලට දෙවි ඉඩහරින්නේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි දුක් විඳින්නේ ඇයි?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • මේ ලෝකේ පාලනය කරන්නේ කවුද?
    මේ ලෝකය පාලනය කරන්නේ කවුද?
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 5/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

ඇත්තටම මේ පොළොව පාලනය කරන්නේ කවුද?

යුද්ධ, අපරාධ, සැහැසියාව හා ව්‍යසන ඇතුළත් පින්තූර

දෙවියන් පාලනය කරනවා නම් මේ පොළොවේ මෙච්චර දුක් වේදනා තියෙන්න පුළුවන්ද?

හුඟක් අය හිතන්නේ දෙවියන් මේ පොළොව පාලනය කරනවා කියලා. එහෙනම් මෙච්චර දුක් වේදනා තියෙන්න පුළුවන්ද? (ද්විතීය කතාව 32:4, 5) බයිබලයේ කියන්නේ මුළු ලෝකයම දුෂ්ටයෙක්ගේ බලපෑමට යටත්ව තියෙනවා කියලයි.—1 යොහන් 5:19 කියවන්න.

දුෂ්ට කෙනෙක් මිනිසුන්ව පාලනය කරන්න පටන්ගත්තේ කොහොමද? මිනිසුන්ගේ ආරම්භයේදීම දේවදූතයෙක් දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා. ඒ දේවදූතයා මුල් මිනිස් යුවළවත් එහෙම කරන්න පෙලඹුවා. (උත්පත්ති 3:1-6) ඔහු තමයි සාතන්. දෙවියන්ට අකීකරු වුණ ඒ යුවළ සාතන්ව තමන්ගේ පාලකයා කරගත්තා. ඒත් අපේ පාලකයා වීමේ අයිතිය තියෙන්නේ අපිව නිර්මාණය කරපු දෙවියන්ටයි. ඔහු කැමති අපි ඔහුට තියෙන ප්‍රේමය නිසා ඔහුගේ පාලනය පිළිගන්නවාටයි. (ද්විතීය කතාව 6:6; 30:16, 19) සාතන් මුල් මිනිස් යුවළව නොමඟ යැව්වා වගේ හුඟදෙනෙක්වත් නොමඟ යවලා තියෙන නිසා ඒ අය දෙවියන්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.—එළිදරව් 12:9 කියවන්න.

මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ගේන්නේ කවුද?

දිගටම සාතන්ට පාලනය කරන්න දෙවියන් ඉඩහරියිද? නැහැ. සාතන් නිසා මේ ලෝකයට වෙලා තියෙන හානිය දෙවියන් යේසුස් මගින් නැති කරනවා.—1 යොහන් 3:8 කියවන්න.

සාතන්ව විනාශ කරන්න දෙවියන් යේසුස්ට බලය දෙනවා. (රෝම 16:20) ඊටපස්සේ දෙවියන්ගේ පාලනය යටතේ ඔහු මුලින් අරමුණු කළ විදිහට මිනිසුන්ට ප්‍රීතිමත් කාලයක් උදා වෙනවා.—එළිදරව් 21:3-5 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

www.jw.org/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න