ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 3/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • 2වන ප්‍රශ්නය: මැරුණට පස්සේ වෙන්නේ මොනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ඔබට වැදගත්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 3/1 16 පි.
පාරාදීස පොළොවේදී මුහුදු වෙරළේ විනෝද වෙන මිනිසුන් හා පිහිනන දරුවන්

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස් දිවි පිදුව නිසා ලැබෙන ආශීර්වාද මොනවාද?

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ දුක් විඳලා මැරිලා යන්න නෙමෙයි, සදහටම ජීවත් වෙන්නයි. ඒත් මුල් මිනිසා වූ ආදම් දෙවියන්ට අකීකරු වෙලා සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව නැති කරගත්තා. අපි පැවතෙන්නේ ආදම්ගෙන් නිසා අපිටත් මරණය උරුම වුණා. (රෝම 5:8, 12; 6:23) ඒත් ආදම් නිසා අහිමි වුණ දේ නැවත ලබා දෙන්න යෙහෝවා දෙවියන් යේසුස්ව මේ පොළොවට එව්වා. ඔහු දිවි පිදුව නිසා මිනිසුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව තිබෙනවා.—යොහන් 3:16 කියවන්න.

මිනිසුන්ට සදාකාල ජීවනය ලැබෙන්නේ යේසුස් දිවි පිදුව නිසයි. සදාකාල ජීවනය ගැන ඔබේ හිතේ ඇඳෙන්නේ මොන වගේ චිත්‍රයක්ද?

අපේ පව්වලට සමාව ලැබෙන්නෙත් අපිට සදහටම ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙත් යේසුස් දිවි පිදුව නිසයි. මහලු විය, ලෙඩ දුක් හා මරණය නැති කාලයක මේ පොළොව මොන තරම් ලස්සන තැනක් වෙයිද කියලා බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 25:8; 33:24; එළිදරව් 21:4, 5 කියවන්න.

යේසුස්ගේ මරණය සිහි කරන්න ඕන කොහොමද?

මිය යන්න කලින් දවසේ යේසුස් තමාගේ මරණය සිහි කරන්න කියලා ගෝලයන්ට කිව්වා. හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරද්දී යෙහෝවා දෙවියන් සහ යේසුස් මිනිසුන්ට මොන තරම් ප්‍රේම කරලා තියෙනවාද කියලා අපිට මතක් වෙනවා.—ලූක් 22:19, 20; 1 යොහන් 4:9, 10 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 4වෙනි සහ 5වෙනි පරිච්ඡේද බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.jw.org/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න